යෝබ් 12:1-25

12  එවිට යෝබ් තම මිතුරන්ට මෙසේ කීවේය.   “ඇත්තෙන්ම ඔබ තරම් ප්‍රඥාවන්ත අයව වෙන කොහෙන් සොයන්නද?ඔබ මිය ගියොත් ප්‍රඥාවත් මිහිපිටින් තුරන් වී යයි.+   මාත් ප්‍රඥාවන්ත සිතක්+ ඇති කෙනෙකි.මා ඔබට වඩා පහත් කෙනෙකු නොවෙයි.+මේ දේවල් නොදන්නේ කවරෙකුද?   අතීතයේදී මම දෙවිට කන්නලව් කර පිළිතුරු ලැබුවෙමි.+එහෙත් දැන් මාගේ අසල්වැසියා මාව විහිළුවට ලක් කරන්නේය.+විහිළුවට ලක් කරන්නේ ධර්මිෂ්ඨ, අවංක තැනැත්තාවය.   සැප පහසු ජීවිතයක් ගත කරන අය තමන්ට කෙදිනකවත් විපතක් සිදු නොවෙයි කියා සිතති.+එවැනි අය දුක් ගැහැට විඳිමින් සිටින ජනයාව හෙළාදකිති.+   සොරුන්ගේ කූඩාරම් සුරක්ෂිතය.+රූප ඉදිරියෙහි වැඳ වැටෙන අය කිසි අනතුරක් නොමැතිව සිටින්නාක් මෙන්+දෙවිව කුපිත කරන්නෝද යහතින් කල් ගෙවන්නෝය.   ඔබ සතුන්ගෙන් අසන්න. උන් ඔබට උගන්වනු ඇත.+පක්ෂීන්ගෙන් අසන්න. උන්ද ඔබට කියා දෙනු ඇත.+   පොළොව වෙත ඔබේ අවධානය යොමු කරන්න. එය ඔබට උපදෙස් දෙනු ඇත.+මුහුදේ මසුන්ද+ ඔබට දැනමුතුකම් දෙනු ඇත.   මේ සියල්ල කර තිබෙන්නේයෙහෝවා දෙවි බව පිළි නොගන්නේ කවුද?+ 10  පණ ඇති සියල්ලන්+ ජීවත් වන්නේ දෙවි නිසා.මිනිසාගේ හුස්මද ඔහුගේ අතෙහිය.+ 11  දිව*+ කෑමවල රස තෝරන්නාක් මෙන්දෙසවන වචන විමසා බලන්නේය.+ 12  වයසින් මුහුකුරා ගිය අය+ ප්‍රඥාව අත් කරගෙන සිටිනවා නොවේද?බොහෝ කල් ජීවත් වූ විට තේරුම්ගැනීමේ හැකියාව තියුණු වන්නේ නැද්ද? 13  නමුත් ප්‍රඥාව හා බලය තිබෙන්නේ දෙවිටය.+නැණවත් උපදෙස් දෙන්නේ ඔහුය. ඔහු මනා අවබෝධයකින් කටයුතු කරයි.+ 14  දෙවි බිඳ දැමූ දෙයක් කිසිවෙකුට නැවත ගොඩනැඟීමට නොහැකිය.+ඔහු වසා දැමූ දෙයක් කිසිවෙකුට නැවත විවෘත කළ නොහැකිය.+ 15  ඔහු වැසි වළක්වන විට ඉඩෝරය ඇති වෙයි.+ඔහු වැසි වස්සවන විට පොළොවේ වෙනස්කම් සිදු වෙයි.+ 16  ශක්තියත් ප්‍රඥාවත් ඔහු සතුය.+මුළා කරන්නාත් මුළාව යන්නාත් ඔහුගේ බලය යටතේය.+ 17  දෙවි උපදේශකයන්ව හිස් අතින් පිටත් කර යවන්නේය.+විනිශ්චයකරුවන්ට උමතුවෙන් ක්‍රියා කරන්න සලස්වන්නේය. 18  දෙවි රජවරුන් විසින් සිර කරනු ලැබූ අයව නිදහස් කර,+ඔවුන්ගේ ඉඟටි වටා පටියක් බඳින්නේය. 19  දෙවි පූජකයන්ට පාවහන් නොමැතිව ඇවිදින්න සලස්වන්නේය.+බලය තහවුරු කරගත් අයව පහතට ඇද දමන්නේය.+ 20  විශ්වාසවන්ත අයව නිහඬ කරන්නේය.වයසින් මුහුකුරා ගිය අයගේ නුවණ නැති කර දමන්නේය. 21  දෙවි උත්තමයන්ව නින්දාවට ලක් කරන්නේය.+බලවත් අයගේ ශක්තිය හීන කරන්නේය. 22  අන්ධකාරයේ සැඟවී තිබෙන ගැඹුරු දේ ඔහු හෙළි කරන්නේය.+ඝන අන්ධකාරය මත ආලෝකය හෙළන්නේය. 23  දෙවි ජාතීන්ව බලවත් කළ පසු ඔවුන්ව විනාශ කරන්නේය.+ජාතීන්ගේ දේශ සීමාවන් පුළුල් කළ පසු ඔවුන්ව වහල්භාවයට රැගෙන යන්නේය. 24  දෙවි නායකයන්ගේ බුද්ධිය පහ කර දමන්නේය.පසුව ඔහු පාළු ස්ථානයක+ ඔවුන්ව මංමුළා කරන්නේය. 25  ඔවුහු ආලෝකය නොමැතිව අඳුරේ අත පත ගාමින් යන්නෝය.+බේබද්දන් මෙන් වැනිවැනී යන්නෝය.+

පාදසටහන්

මූ.අ., “උඩු තල්ල.”