යෝබ් 11:1-20

11  එවිට නයමාතිය+ ෂෝපර් මෙසේ කීවේය.   “ඔබ තොරතෝංචියක් නොමැතිව පවසන දේවලට පිළිතුරු නොදී සිටිය හැකිද?පුරසාරම් දොඩන්නා නිවැරදියයි කිව හැකිද?   හිස් වචන දෙඩූ පමණින් මිනිසුන්ව නිහඬ කළ හැකියි කියා ඔබ සිතුවෙහිද?ඔබ සමච්චල් කරන විට කවරෙකු හෝ ඔබට තරවටු නොකළ යුතුද?+   ‘මා පවසන දේ+ නිවැරදිය.මා නිර්දෝෂය’+ කියා ඔබ කියන්නෙහිය.   එහෙත් දෙවි කතා කොටඔබට පිළිතුරු දෙන්නේ නම්+   ප්‍රඥාව කියන්නේ කුමක්ද කියා ඔහු ඔබට හෙළි කරනු ඇත.එවිට දෙවි ඔබේ සෑම වරදක්ම සිහි නොකරන බව ඔබ තේරුම්ගනු ඇත.+සැබෑ ප්‍රඥාව ගැන අප නොදන්නා දේවල් බොහොමයක් තිබේ.   ඔබට කවදා හෝ දෙවිගේ ගැඹුරු කාරණා තේරුම්ගත හැකිද?+සියලු බලැති දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා ඔබට වටහාගත හැකිද?   දෙවිගේ ප්‍රඥාව අහසටත් වඩා ඉහළින් තිබේ. ඔබ එය කෙසේ තේරුම්ගන්නද?එය මිනී වළටත්+ වඩා ගැඹුරුය. ඔබ එය කෙසේ වටහාගන්නද?   දෙවිගේ ප්‍රඥාව පොළොවට වඩා විශාලය.සාගරයට වඩා මහත්ය. 10  ඔහු ඇවිත් යමෙකුව සිරභාරයට දීනඩුවක් දමන්නේ නම්, ඔහුව නතර කළ හැක්කේ කාටද? 11  වංක අය කවුද කියා ඔහු හොඳින් දනියි.+දුෂ්ටකම් ඉදිරියේ ඔහු දෑස් වසාගෙන සිටියි කියා සිතිය හැකිද? 12  හීලෑ නැති බූරුවෙකුගෙන් මිනිසෙකු බිහි කළ හැකි නම්කිසි කමකට නැති මිනිසෙකු තුළ යහපත් චේතනාද සොයාගත හැකිය. 13  ඔබේ සිත හරි මඟට යොමු කර,දෑත් ඔසවා අවංක සිතකින් දෙවිට යාච්ඤා කරන්න.+ 14  ඔබේ අතින් සිදු වන වැරදි අත්හරින්න.ඔබේ කූඩාරම්වල කිසි අධර්මිෂ්ඨ ක්‍රියාවකට ඉඩ නොදෙන්න. 15  එවිට ඔබට නිදොස් සිතක් ඇතුව දෙවි දෙස බැලිය හැකිය.+බිය සැක දුරු කරගෙන සුරක්ෂිතව ජීවත් විය හැකිය. 16  වේගයෙන් ගලන ජල ධාරාවක් පහව යන්නාක් මෙන්ඔබේ දුක් ගැහැට සියල්ල ඔබේ මතකයෙන් පහ වී යන්නේය. 17  ඔබේ ජීවිතය+ දවාලේ බැබළෙන හිරුටත් වඩා දීප්තිමත් වනු ඇත.අන්ධකාරය අරුණාලෝකය මෙන් වනු ඇත.+ 18  ඔබට බලාපොරොත්තුවක් තිබෙන බැවින් ඔබ නිසැකකමින් ජීවත් වන්නෙහිය.ඔබ වට පිට බලා සැනසුම් සුසුමක් හෙළන්නෙහිය.+ 19  කිසිවෙකුටවත් බිය නොවී සුවසේ ජීවත් වන්න ඔබට හැකි වන්නේය.බොහෝදෙනෙක් ඔබේ කරුණාව පතන්නෝය.+ 20  එහෙත් දුෂ්ටයන්ගේ දෑස්වල දීප්තිය පහව යයි.+ඔවුන්ට පලා යෑමට ස්ථානයක් නොමැත.+ඔවුන්ට ඇති එකම බලාපොරොත්තුව මරණය පමණි.”+

පාදසටහන්