යෝබ් 10:1-22

10  “මට මාගේ ජීවිතය තිත්ත වී ඇත.+දරාගත නොහැකි වේදනාවකින් මම කතා කරන්නෙමි.හදවතේ දැවෙන දුක මම නොසඟවා ප්‍රකාශ කරන්නෙමි.   ‘අනේ, මා දුෂ්ටයෙක් ලෙස ගණන් නොගන්න’ කියා මම දෙවිට කියන්නෙමි.‘මා සමඟ වාද කරන්නේ මන්ද කියා මට කියන්න.   මට පීඩා කිරීමෙන් ඔබ සතුටක් ලබන්නෙහිද?+ඔබේම අත් දෙකෙන් නිර්මාණය කළ දේ+ ප්‍රතික්ෂේප කරමින්,දුෂ්ටයන්ගේ සැලසුම්වලට අනුබල දෙන්නේ ඇයි කියා මට කියන්න.   ඔබේ දෑස්+ මනුෂ්‍යයන්ගේ දෑස් හා සමානද?ඔබ දේවල් දකින්නේ මනුෂ්‍යයන් දකින ආකාරයටද?+   ඔබේ ජීවිතයේ දවස් දූවිලි වැනි වූ මනුෂ්‍යයන්ගේ ජීවිතයේ දවස් හා සමානද?+ඔබේ අවුරුදු මනුෂ්‍යයන්ගේ අවුරුදු හා සමානද?   ඔබ නිතරම මාගේ වැරදි සොයන්නේ ඒ නිසාද?ඔබ සැමවිටම මා අතින් පාපයක් සිදු වී ඇද්දැයි සොයා බලන්නේ මන්ද?+   මා දුෂ්ටයෙකු නොවන බව ඔබ ස්ථිර වශයෙන්ම දන්නෙහිය.+ඔබේ අතින් මාව ගලවාගැනීමට කිසිවෙකු නැති බව+ දැන දැනත් ඔබ එලෙස ක්‍රියා කරන්නේ මන්ද?   ඔබ කිසි අඩුවක් නොමැතිව ඔබගේම දෑතින් මාව සෑදුවෙහිය.+එනමුත් ඔබම මාව නැති කර දමන්න දැන් පියවර ගෙන ඇත.   අනේ, ඔබ මාව සෑදුවේ මැටිවලින්+ බව සිහි කරන්න.ඔබ යළි මාව දූවිල්ලටම හරවන්නෙහිය.+ 10  ඔබ මාව කිරි මෙන් වත් කර,කේජු මෙන් වීමට සැලැස්වූවෙහිය.+ 11  ඔබ ඇට සහ නහරවලින් මාව සකසා,මාංසවලින්ද සමෙන්ද මාව වැසුවෙහිය.+ 12  ඔබ මට ජීවිතය ලබා දී කරුණාවෙන්* මට සැලකුවෙහිය.+මාගේ හුස්ම පොද රැකුණෙත් ඔබ නිසාමය.+ 13  එහෙත් ඔබේ හදවතේ යමක් සැඟවී තිබිණ.ඔබ මා පිට මේ සියල්ල ගෙන එන්න සිතාගෙන සිටි බව මම දනිමි. 14  මා පව් කළා නම් එය ඔබ දකිනු ඇත.+මා වැරදිකරුවෙකු නම් ඔබ මට සමාව නොදෙනු ඇත.+ 15  මා වැරදිකරුවෙකු නම් මට නපුරක් සිදු විය යුතුය.+මා තුළ වරදක් නැතත්දුක් පීඩා හා නින්දා+ නිසා මාගේ හිස ඔසවන්න මට නොහැකිය.+ 16  මා උඩඟු+ ලෙස මාගේ හිස ඔසවන්නේ නම් ඔබ සිංහයෙකු මෙන් මා පසුපස ඇවිත්,+මට විරුද්ධව ඔබේ වික්‍රමාන්විත බලය පෙන්වනු ඇත. 17  ඔබ මට විරුද්ධව තව තවත් සාක්ෂිකරුවන් කැඳවනු ඇත.ඔබ මා සමඟ තව තවත් උදහස් වී,කරදර එක පිට එක මා වෙත පමුණුවනු ඇත. 18  ඔබ මාව මව්කුසෙන් පිටතට ගත්තේ මන්ද?+එසේ නොකළා නම් මට කිසිවෙකුගේ දෑසට නොපෙනී යන්නට තිබිණ. 19  එවිට මෙලොව එළිය නොදැක මව්කුසෙන් මිනී වළට යන්නට තිබිණ. 20  මා ජීවත් වන්නේ තව කෙටි කලකට නොවෙයිද?+ එසේනම් මට නිදහසේ සිටීමට ඉඩ දෙන මෙන් ඉල්ලමි.මා දෙස ඔබේ නෙත් යොමු නොකරන්න. එවිට මට යම් සහනයක් ලැබෙනු ඇත.+ 21  මම අඳුරු දේශය වූ මිනී වළට යෑමට මත්තෙන් මට සැනසීම දෙන මෙන් ඉල්ලමි.ඝන අන්ධකාරය වෙළාගත් ඒ දේශයෙන්+ කිසිදාක හැරී ඒමට මට නොහැක.+ 22  ඒ දේශය අඳුරුය.කිසි පිළිවෙළක් නොමැති ඒ ස්ථානයේ ආලෝකයේ සේයාවක්වත් නැත.’”

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමයකින්.”