යෙසායා 66:1-24

66  යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ස්වර්ගය මාගේ සිංහාසනයය.+ පොළොව මාගේ පා පුටුවය.+ එසේනම්, ඔබ මට ගෘහයක් සාදන්නේ කොතැනද?+ මට වාසස්ථානයක් සූදානම් කළ හැකි ස්ථානයක් තිබේද?”+  “ඒ සෑම දෙයක්ම සෑදුවේ මාගේ දෑත්වලින් නොවෙයිද? ඒ සියල්ල පවතින්නේ මා නිසාය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “මම මාගේ වචනයට ගරුබිය දක්වන,+ බිඳුණු සිත් ඇති යටහත්පහත් අය+ වෙත මාගේ නෙත් යොමු කරන්නෙමි.  “නමුත් ඔවුහු පිළිකුල්සහගත දේ කිරීමෙන් මහත් තෘප්තියක් ලබන, හිතුමනාපෙට හැසිරෙන සෙනඟකි.+ ඔවුන් ගොනෙකු මරා මට පූජා කළත් මා එය සලකන්නේ මිනී මැරුමක් ලෙසය.+ ඔවුන් මට බැටළුවෙකු පූජා කළත් මා එය සලකන්නේ බල්ලෙකුව පූජා කරන්නාක් මෙනි.+ ඔවුන්ගේ යාග පූජා ඌරෙකුගේ රුධිරය තරම්ම මට පිළිකුලකි.+ සිහිගැන්වීමක් ලෙස පූජාසනයේ කට්ටකුමංජල්+ ඔප්පු කරන තැනැත්තාව මා සලකන්නේ මන්තරයක් ජප කර ආශීර්වාද දෙන තැනැත්තෙකු මෙනි.+  ඒ නිසා, මම ඔවුන් පිටට දඬුවම් ගෙන ඒමට තීරණය කළෙමි.+ ඔවුන්ව භීතියට පත් කරන දේවල්ම ඔවුන්ට අද්දැකීමට සිදු වෙයි.+ මන්ද මා ඔවුන්ට හඬගැසූ විට කිසිවෙක් මට සවන් දුන්නේවත් පිළිතුරු දුන්නේවත් නැත.+ ඔවුහු දිගින් දිගටම මා හෙළාදකින දුෂ්ට දේවල් කරන්නෝය. ඔවුන් තෝරාගන්නේ මා පිළිකුල් කරන දේවල්මය.”+  යෙහෝවා දෙවිගේ වචනයට ගරුබිය දක්වන තැනැත්තෙනි,+ ඔහු පවසන දේට දැන් සවන් දෙන්න. “මාගේ නාමය නිසා+ ඔබට වෛර කරමින් ඔබව කොන් කරන ඔබේ සහෝදරයෝ,+ ‘යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා’+ යයි කියති. එහෙත් ලැජ්ජාවට පත් වන්නේ ඔවුන්මය.+ මම ඔබ ගැන බොහෝ සෙයින් සතුටු වෙමි.”+  නුවරෙහි ඝෝෂා හඬක් ඇසෙයි. දේවමාලිගාවෙන්ද හඬක් ඇසෙයි!+ එය නම් යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කිරීමේදී නැඟෙන හඬයි.+  ඇය ප්‍රසව වේදනා විඳින්න කලින් දරුවෙකු බිහි කළාය.+ ඇය කිසි වේදනාවක් විඳින්නේ නැතුව පිරිමි දරුවෙකු වැදුවාය.+  එවැනි දෙයක් ගැන ඇසුවේ කවුද?+ එවැනි දෙයක් දුටුවේ කවුද?+ දේශයක්+ එක දවසකින්+ බිහි වෙයිද?* නැතහොත් ජාතියක්+ එක මොහොතකින් බිහි වෙයිද?+ සියොන් දියණිය ප්‍රසව වේදනා විඳි සැණින්ම ඇගේ පුත්‍රයන්ව බිහි කළාය.  “මා යමක් පටන්ගත් පසු එය අතරමඟ නතර කරනවාද?+ මවක දරුවෙකු බිහි කරද්දී මා එය වළක්වනවාද” කියා ඔබේ දෙවි වන යෙහෝවා අසන්නේය. 10  යෙරුසලමට ප්‍රේම කරන සියල්ලෙනි,+ ඇයත් සමඟ සතුටු වෙන්න.+ ඇය ගැන වැලපෙන සියල්ලෙනි,+ ප්‍රීතියෙන් ඉපිල යන්න. 11  මන්ද දරුවෙකු තම මවගෙන් කිරි උරා බොන විට තෘප්තියට පත් වී සැනසෙන්නාක් මෙන් ඔබද ඇයට හිමි වන ගෞරවය නිසා මහත් ප්‍රීතියක්ද සැනසීමක්ද අද්දකින්නහුය.+ 12  යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම සමාදානය ගංගාවක් මෙන්+ ඇය වෙතට ගලා එන්න සලස්වමි. ගලා යන දිය පහරක් මෙන් ජාතීන්ගේ වටිනා වස්තු ඇය වෙතට පැමිණෙන්න සලස්වා ඇයව තේජසට පත් කරන්නෙමි.+ ඔබ කිරි බොන දරුවෙකු මෙන් ඒ තේජස ඇගෙන් උරා බොන්නහුය.+ ඇය ඔබව උකුළේ තබාගෙන යන්නීය. ඔබව ඔඩොක්කුවේ තබාගෙන නළවන්නීය.+ 13  මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මමද ඔබව සනසන්නෙමි.+ යෙරුසලම නිසා ඔබ සැනසීම අද්දකිනු ඇත.+ 14  ඔබ වටපිට බැලූ විට ඔබේ සිත ප්‍රීතියෙන් ඉපිල යයි.+ අලුත පිබිදෙන තණකොළ මෙන් ඔබේ ඇට+ ප්‍රාණවත් වෙයි.+ යෙහෝවා දෙවි වන මම මාගේ සේවකයන්ට මාගේ බලය දකින්න සලස්වමි.+ නමුත් මාගේ සතුරන්ව මම හෙළාදකින්නෙමි.”+ 15  “යෙහෝවා දෙවි වන මම ගින්නක් මෙන්+ ඔබ වෙත එන්නෙමි. මාගේ රථ සුළිසුළඟක් මෙනි.+ මා ඇවිත් ගිනිදලුවලින් ඔවුන්ට තරවටු කර මහත් කෝපයෙන් යුතුව ඔවුන් පිටට දඬුවම් ගෙනෙන්නෙමි.+ 16  යෙහෝවා දෙවි වන මම ගින්නක් මෙන් පැමිණ විනිශ්චය ප්‍රකාශ කර සියලු මනුෂ්‍යයන්ට විරුද්ධව මාගේ කඩුව එල්ල කරමි.+ යෙහෝවා දෙවි වන මාගේ අතින් මැරුම් කන අයගේ සංඛ්‍යාව ඉතා මහත්ය.+ 17  උයන්+ මැද තිබෙන දේවතා රූප ඉදිරියෙහි නමස්කාර කරන පිණිස තමන්වම පවිත්‍ර කරගන්නාවූ, ඌරු මස්+ හා මීයන්+ වැනි පිළිකුල් සතුන් කන්නාවූ සියලුදෙනාවම මම විනාශ කරමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. 18  “මම ඔවුන්ගේ සියලු ක්‍රියා+ හා සිතුවිලි+ දන්නෙමි. ඒ නිසා මම ජාතියක්, භාෂාවක් නොබලා සියලු ජනයාව එකතු කර+ ඔවුන්ට මගේ තේජස දකින්න සලස්වමි.”+ 19  “මම ඔවුන් ඉදිරියේ ලකුණක් දිස් වීමට සලස්වා+ බේරාගනු ලැබූ සමහර අයව ජාතීන් අතරට යවන්නෙමි.+ දක්ෂ දුනුවායන් සිටින තර්ෂිෂ්,+ පූල් හා ලුද්+ යන දේශ වෙතටත් තූබල් හා යාවාන්+ යන දේශ වෙතටත් දුර ඈත පිහිටි දූපත්+ වෙතටත් මම ඔවුන්ව යවමි. මා ගැන අසා නැති, මාගේ තේජස දැක නැති+ ඒ ජාතීන් අතරේ ඔවුහු මා ගැන ප්‍රකාශ කරමින් මාව ගෞරවයට පත් කරති.+ 20  ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට පවිත්‍ර භාජනයක තෑග්ගක් රැගෙන එන්නාක් මෙන්+ ඔවුහු සියලු ජාතීන් අතරේ සිටින ඔබේ සහෝදරයන්ව+ යෙහෝවා දෙවි වන මා වෙතට රැගෙන එන්නෝය.+ ඔවුන්ව අශ්වයන් පිටද අශ්ව රථ පිටද කරත්ත පිටද කොටළුවන් පිටද වේගයෙන් දුවන ඔටුදෙනුන්+ පිටද තබාගෙන මාගේ ශුද්ධ කන්ද+ වන යෙරුසලමට ගෙනෙනු ලබයි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. 21  “පූජකයන් හා ලෙවීවරුන් ලෙස කටයුතු කිරීම සඳහා ඔවුන්ගෙන් කිහිපදෙනෙකුව තෝරාගන්නෙමි” කියා යෙහෝවා දෙවි පවසයි. 22  “මා සාදන අලුත් අහසත්+ අලුත් පොළොවත්+ ස්ථිර ලෙස පිහිටුවා තිබෙන්නාක් මෙන්+ ඔබෙන් පැවතෙන්නන්ද+ ඔබේ නාමයද සදහටම පවතිනු ඇත.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. 23  “ඒ කාලයේදී, මාසයක් මාසයක්* පාසාද සබතක් සබතක් පාසාද මට නමස්කාර කිරීම සඳහා සියලු ජනයා මා ඉදිරියට පැමිණෙන්නෝය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. 24  “ඔවුහු පිටතට ගොස් මට විරුද්ධව කැරලිගැසූ සියලුදෙනාගේ මළ සිරුරු දෙස බලන්නෝය.+ ඔවුන්ගේ මළ සිරුරු කා දමන පණුවෝ කිසිදා නොනසින්නෝය. ඒවා දවාලන ගින්නද කිසිදා නොනිවෙන්නේය.+ ඔවුහු සියලු ජනයාට මහත් පිළිකුලක් වෙති.”+

පාදසටහන්

හෝ, “ප්‍රසව වේදනා නොවිඳ එක දවසකින් බිහි කළ හැකිද?”
මූ.අ., “එක් නව සඳ දවසක සිට ඊළඟ නව සඳ දවස දක්වා.”