යෙසායා 61:1-11

61  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත.+ මන්ද යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචි ප්‍රකාශ කරන පිණිස+ මාව අභිෂේක කළේය.+ දෙවි මාව එවා තිබෙන්නේ බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන පිණිසත්+ වහලුන්ට නිදහස ප්‍රකාශ කරන පිණිසත්+ සිරකරුවන්ගේ ඇස් පාදන පිණිසත්ය.+  යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්නත්+ ඔහු තම සතුරන්ට දඬුවම් කිරීමට නියම කර ඇති දවස ගැන ප්‍රකාශ කරන්නත්+ වැලපෙන සියල්ලන්ව සනසන්නත් ඔහු මාව එව්වේය.+  සියොන් ගැන වැලපෙන සියල්ලන්ට අළු වෙනුවට අලංකාර හිස්පළඳනාවක්ද+ වැලපීම වෙනුවට ප්‍රීතිය නමැති තෛලයද+ දුක්මුසු ස්වභාවය වෙනුවට ස්තුති ප්‍රශංසා නමැති වස්ත්‍රයද+ ලබා දෙන පිණිස මාව එවා තිබේ. ඔවුන්ව ධර්මිෂ්ඨකම නමැති විශාල ගස් ලෙස හඳුන්වනු ලබයි.+ ඒවා යෙහෝවා දෙවි තමාට අලංකාරයක් ගෙන දෙන පිණිස+ සිටෙවූ ගස්ය.+  බොහෝ කාලයක් පුරා නටබුන් වූ තැන් ඔවුහු යළි ගොඩනඟන්නෝය.+ ඈත අතීතයේ විනාශ වූ තැන් නැවත සකසන්නෝය.+ පරම්පරා ගණනාවකට පාළුවට ගොස් තිබූ නුවරවල්ද ඔවුහු මුළුමනින්ම අලුත් කරන්නෝය.+  “ඔබේ බැටළු රැළ බලාගැනීමට විදේශිකයෝ පැමිණෙති.+ ඔබේ කෙත්වතු හා මිදිවතු වවන්නේ වෙනත් ජාතීන්ට+ අයත් සෙනඟකි.+  එහෙත් ඔබව හඳුන්වනු ලබන්නේ යෙහෝවා දෙවිගේ පූජකයන් ලෙසයි.+ ඔබ අපේ දෙවිගේ සේවකයෝය.+ ඔබ ජාතීන්ගේ සම්පත් භුක්ති විඳින්නහුය.+ එමගින් ඔබට හිමි වන ගෞරවය ගැන ඔබ මහත් ප්‍රීතියෙන් කතා කරන්නහුය.+  ඔබ වින්ද ලැජ්ජාව වෙනුවට දෙගුණයක් ආශීර්වාද ලබන්නහුය.+ ඔබ නින්දාවට පත් වෙනවා වෙනුවට ඔබට ලැබෙන උරුමය නිසා ඔබ ප්‍රීතියෙන් ඉපිල යන්නහුය.+ ඔබ ජීවත් වන දේශයේදී, එක් කොටසක් නොව කොටස් දෙකක්ම ඔබට හිමි වනු ඇත.+ ඔබ සදහටම සතුටින් කල් ගෙවන්නහුය.+  ‘මන්ද යෙහෝවා දෙවි වන මම යුක්තියට ප්‍රිය කරමි.+ අධර්මිෂ්ඨකමත් සොරකමත් මම හෙළාදකිමි.+ මම විශ්වාසවන්ත ලෙස ඔවුන්ගේ ක්‍රියාවලට සුදුසු ප්‍රතිඵල දී+ ඔවුන් සමඟ සදහටම පවතින ගිවිසුමක් ඇති කරගන්නෙමි.’+  ඔබගේ දරුදැරියන්ව හා ඔබෙන් පැවතෙන්නන්ව ජාතීන් පවා දැන හඳුනා ගනු ඇත.+ ඔබ යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ලැබූ සෙනඟක්+ බව ඔබව දකින සියලුදෙනාම තේරුම්ගනු ඇත.”+ 10  මාගේ දෙවි වන යෙහෝවා නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මන්ද ඔහු ගැලවීම නමැති වස්ත්‍රයද+ ධර්මිෂ්ඨකම නමැති සළුවද මට ඇන්දුවේය.+ පූජකයෙකු මෙන් හිස්වැස්මක්+ පළඳින මනාලයෙකු සේද අලංකාර ආභරණ පළඳින මනාලියක+ සේද ඔහු මාව සැරසුවේය. 11  භූමියෙන් පැළෑටි හටගන්නාක් මෙන්ද උයනේ වපුරා තිබෙන බීජ දලු ලන්නාක් මෙන්ද+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි සියලු ජාතීන් ඉදිරියේ ධර්මිෂ්ඨකම+ හා ප්‍රීති ප්‍රශංසා හටගන්න සලස්වන්නේය.+

පාදසටහන්