යෙසායා 6:1-13

6  උසියා රජු මිය ගිය අවුරුද්දේදී,+ මම දර්ශනයක් දුටිමි. යෙහෝවා දෙවි+ උත්කෘෂ්ට සිංහාසනයක හිඳගෙන+ සිටි අතර ඔහුගේ වස්ත්‍රවලින් දේවමාලිගාව වැසී තිබිණ.+  ඔහු අවට සෙරාෆ්වරු සිටියෝය.+ ඔවුන් එක් එක් කෙනාට පියාපත් හය බැගින් තිබිණ. පියාපත් දෙකකින් ඔවුහු තම මුහුණද+ තවත් පියාපත් දෙකකින් තම පාදද වසාගෙන සිටියෝය. අනික් පියාපත් දෙකෙන් ඔවුහු පියාසර කළෝය.  සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.”  ඔවුන්ගේ හඬට දේවමාලිගාවේ උළුවහු+ සෙලවුණේය. මුළු දේවමාලිගාවම දුමෙන් පිරී ගියේය.+  එය දැක මම මෙසේ කීවෙමි. “අනේ, මම අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්.+ මම ජීවත් වෙන්නෙත් අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරෙයි.+ එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපතිද රජුද වන යෙහෝවා දෙවිව මම දැක්කා!+ අපවිත්‍ර කෙනෙකුට දෙවිව දැක ජීවත් වෙන්න පුළුවන්ද?”  මා එසේ කී පසු, සෙරාෆ්වරුන්ගෙන් එක් කෙනෙක්, පූජාසනය+ මත තිබුණු ගිනි අඟුරක්+ අඬුවකින් රැගෙන මා වෙතට ආවේය.  ඔහු ඇවිත් එයින් මගේ කට ස්පර්ශ කර+ මෙසේ කීවේය. “මේ ගිනි අඟුර ඔබේ තොල ස්පර්ශ කළ නිසා ඔබේ පව්වලට සමාව ලැබී ඇත. ඔබේ වරද ගණන් ගනු නොලැබේ.”+  එවිට යෙහෝවා දෙවි මෙසේ පවසනවා මට ඇසුණේය. “මා යවන්නේ කාවද? අප+ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ කවුද?” එය අසා, මම මෙසේ කීවෙමි. “මම යන්න කැමතියි. මාව යවන්න.”+  ඉන්පසු දෙවි මෙසේ කීවේය. “එසේනම්, මගේ සෙනඟ වෙතට ගොස් මෙසේ කියන්න. ‘ජනයෙනි, ඔබ හැමදාම අසාගෙන සිටියත් කිසිවිටෙක තේරුම්ගන්නේ නැත. ඔබ දුටුවත් දකින දේ වටහාගන්නේ නැත.’+ 10  මේ ජනයා තමන්ගේ සිත් මුරණ්ඩු කරගනිති.+ ඔවුන්ගේ කන් වසාගෙන සිටිති.+ ඔවුන්ගේ ඇස්ද පියාගනිති. එසේ කිරීමට ඔවුන්ට ඉඩහරින්න. මෙසේ, ඔවුහු තම ඇස්වලින් කිසිවක් නොදකින්නෝය. ඔවුන්ට කිසිවක් නොඇසෙයි. ඔවුන්ගේ සිත්වලින් ඒ කිසිම දෙයක නියම අර්ථය වටහාගන්නේද නැත. ඒ නිසා, ඔවුහු සුවයක් ලබන පිණිස නැවත මා වෙතට හැරී එන්නේ නැත.”+ 11  එවිට මම, “අනේ යෙහෝවා දෙවියනි, මේ තත්වය තව කොපමණ කාලයක් පවතීද”+ කියා ඇසුවෙමි. එවිට ඔහු මෙසේ කීවේය. “නුවරවල් නටබුන් වී යන තුරුත් පදිංචියට කාත් කවුරුත් නැතුව නිවෙස් පාළු වී යන තුරුත් මුළු දේශයම නාස්ති වී යන තුරුත් මේ තත්වය පවතියි.+ 12  යෙහෝවා දෙවි වන මම මේ වැසියන්ව ඈත දේශයකට පන්නා දමා මුළු දේශයම පාළු වී යන්න සලස්වන්නෙමි.+ 13  නමුත් ඔවුන්ගෙන් දසයෙන් කොටසක් එහි ඉතුරු වෙයි.+ දැවැන්ත ගසක් කපා+ දැමූ පසු කඳ කොටස+ ඉතුරු වන්නාක් මෙන් ශුද්ධ කොටසක් ඉතුරු වෙයි.+ එහෙත් ඔවුන්ද ගින්නට හසු වනු ඇත.”

පාදසටහන්