යෙසායා 56:1-12

56  යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ජනයෙනි, මම ළඟදීම ඔබට ගැලවීම ලබා දී+ මාගේ ධර්මිෂ්ඨකම හෙළි කරන්නෙමි.+ ඒ නිසා, ධර්මිෂ්ඨ+ ජීවිතයක් ගත කරමින් යුක්තිගරුකව හැසිරෙන්න.+  කිසිවිටෙක ඒ මාර්ගය අත් නොහරින්න.+ සබත කඩ නොකර එය දිගටම පවත්වන්න.+ නපුරු ක්‍රියාවලින් වැළකී සිටින්න.+ මන්ද එලෙස ක්‍රියා කරන මිනිසා සන්තෝෂවත්ය.+  යෙහෝවා දෙවිගේ සෙනඟට එකතු වී සිටින විදේශිකයෙනි,+ ‘යෙහෝවා දෙවි මාව තම සෙනඟ අතරින් වෙන් කරයි’ කියා නොකියන්න.+ නපුංසකයෙනි,+ ‘අනේ, මම වියළී ගිය ගහක් වගෙයි’ කියා නොකියන්න.”  මන්ද යෙහෝවා දෙවි තමා නියම කළ සබත කඩ නොකරන නපුංසකයන්ට පොරොන්දුවක් දී ඇත. ඔහුගේ ගිවිසුමට+ එකඟව ජීවත් වෙමින් ඔහුගේ කැමැත්ත කිරීමට අදිටන් කරගෙන සිටින ඔවුන්ට දෙවි මෙසේ පවසන්නේය.+  “මම දූපුතුන්ටත් වඩා වටිනා දෙයක්+ ඔවුන්ට දෙන්නෙමි. මාගේ ගෘහය තුළ+ ස්මාරකයක්ද+ කිසිදා නොමැකෙන+ නමක්ද+ මම ඔවුන්ට දෙන්නෙමි. මා ඔවුන්ට ලබා දෙන එම නම සදහටම පවතින්නේය.+  “යෙහෝවා දෙවි වන මට සේවය කිරීම සඳහා මා වෙතට පැමිණ සිටින විදේශිකයන්ව+ එනම්, යෙහෝවා යන මාගේ නාමයට ප්‍රේම කරන,+ සබත කඩ නොකර මාගේ ගිවිසුමට එකඟව ජීවත් වන+ විදේශිකයන්ව  මාගේ ශුද්ධ කන්දට+ ගෙන්වාගන්නෙමි. ඔවුහු මාගේ යාච්ඤා ගෘහයේදී+ මහත් ප්‍රීතියෙන් කල් ගෙවන්නෝය. ඔවුන් මාගේ පූජාසනයට+ ගෙනෙන දවන පූජා+ සහ යාග+ මම සතුටින් භාරගන්නෙමි. මන්ද මාගේ ගෘහය, සියලු ජාතීන් සඳහා තිබෙන යාච්ඤා ගෘහයක් ලෙස හඳුන්වනු ලබයි.”+  සෑම තැනම විසිරී සිටින ඊශ්‍රායෙල් ජනයාව නැවත එකතු කරන්නාවූ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය.+ “මම එකතු කළ මේ සෙනඟට අමතරව තවත් අයව ඔවුන්ට එකතු කරන්නෙමි.”+  කෙත්වතුවලත් වනාන්තරවලත් සැරිසරන සියලු සත්වයෙනි, ඇවිත් කන්න.+ 10  මුරකරුවෝ අන්ධය.+ ඔවුහු කිසිම දෙයක් සිතට ගෙන නැත.+ ඔවුන් සියල්ලෝම බුරන්න බැරි බල්ලන් මෙනි.+ හති දමමින් බිම වැතිර සිටින බල්ලන් මෙනි. ඔවුන්ගේ එකම ආශාව වන්නේ නිදාගැනීමය.+ 11  කෑදර බල්ලන් මෙන් වූ ඔවුහු+ කිසිදා තෘප්තියට පත් වන්නේ නැත.+ ඔවුහු කිසිම දෙයක් තේරුම්ගන්නේ නැති එඬේරුය.+ ඔවුහු හිතුමනාපෙට ක්‍රියා කරමින් තමන් සිටින ප්‍රදේශවලින් වංචනික ලෙස ලාභ උපයාගනිති.+ 12  “එන්න, අපි වයින් බොමු. වෙරි වෙන තුරු මත්පැන් බොමු.+ හෙට දවස අදටත් වඩා හොඳ වෙයි”+ කියා ඔවුහු එකිනෙකාට කියති.

පාදසටහන්