යෙසායා 53:1-12

53  අප ඇසූ දේවල් කෙරෙහි විශ්වාසය තැබුවේ කවුද?+ යෙහෝවා දෙවිගේ මහත් බලය+ දකින්න ලැබුණේ කාටද?+  ඔහු අංකුරයක්+ මෙන්ද වියළි බිමක මතු වන මුලක් මෙන්ද ජනයා ඉදිරියේ වැඩෙයි. ඔහුට සිත් ඇදගන්නා, තේජවත් පෙනුමක් නැත.+ අප ඔහු දෙස බැලුවත් සිත ආකර්ෂණය කරගන්නා කිසිවක් ඔහු තුළ දක්නට නොලැබෙයි.+  ඔහු මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය.+ දුක, වේදනාව හා ලෙඩ රෝග කියන්නේ කුමක්ද කියා ඔහු හොඳින් දැන සිටියේය.+ අපි ඔහු ගැන කිසිදු තැකීමක් නොකර ඔහුව හෙළාදුටුවෙමු.+ අපි ඔහුගේ මුහුණ බැලුවේවත් නැත.+  ඔහු තම කර පිට උසුලාගෙන ගියේ අපේ ලෙඩ රෝග+ හා දුක් වේදනාය.+ නමුත් අප ඔහුව සැලකුවේ දෙවි අතින් දඬුවම් විඳින,+ තුවාල ලැබූ,+ පීඩාවට පත් වූ+ කෙනෙකු ලෙසය.  නමුත් ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ+ අපේ පාප නිසාය.+ අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය.+ ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය.+ ඔහු ලැබූ තුවාල+ නිසා අපි සුවය ලබන්නෙමු.+  අපි සියල්ලෝම බැටළුවන් මෙන් මංමුළා වී ඒ මේ අත විසිර ගියෙමු.+ යෙහෝවා දෙවි අප සියල්ලන්ගේම වැරදි ඔහුගේ කර පිට තැබුවේය.+  ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+  ඔහුට සාධාරණ විනිශ්චයක් නොලැබුණු නිසා ඔහුව මරණයට ගෙන යනු ලැබීය.+ ඔහුගේ පෙළපතේ* විස්තර ගැන සොයා බලන්නේ කවුද?+ ඔහුගේ ජීවිතය නැති කර දැමුවේය.+ ඔහු පහර ලැබුවේ+ මාගේ සෙනඟ කළ පාප නිසාය.+  ඔහු අතින් කිසිදු අපරාධයක් සිදු නොවීය.+ ඔහුගේ මුවින් වංචනික වචනයක්වත් පිට වූයේ නැත.+ ඒ කෙසේනමුත්, මිය ගිය පසු ඔහුව තැන්පත් කරනු ලැබුවේ දුෂ්ටයන්+ හා ධනවතුන්+ සමඟය. 10  ඔහුට දරුණු දුක් පීඩා විඳීමට+ යෙහෝවා දෙවි ඉඩහැරියේය.+ දෙවියනි, ඔබ ඔහුගේ ජීවිතය වන්දි පූජාවක්+ ලෙස භාරගන්නේ නම් ඔහුට තම දරුවන්ව දකින්න ලැබෙයි.+ ඔහුගේ ආයු කාලයද බොහෝ සෙයින් වැඩි වෙයි.+ යෙහෝවා දෙවිගේ කැමැත්ත+ ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.+ 11  ඔහු දුක් පීඩා විඳිමින් දැරූ උත්සාහයට හොඳ ප්‍රතිඵල ලැබෙයි.+ ඒ ප්‍රතිඵල දකින විට ඔහුගේ සිතට මහත් ප්‍රීතියක් දැනෙයි.+ “මාගේ ධර්මිෂ්ඨ සේවකයා+ තම දැනුම වැඩි කරගන්නා නිසා බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨයන් ලෙස ගණන් ගනු ලබයි.+ ඔහු ඔවුන්ගේ පාප දරන්නේය.+ 12  ඔහු තම දිවි පිදුවේය.+ පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබූ+ ඔහු පව්කාරයන් වෙනුවෙන් මැදිහත් වී+ බොහෝදෙනෙකුගේ පාප දැරුවේය.+ ඒ නිසා බොහෝදෙනෙකුට ලබා දෙන්නාක් මෙන් මම ඔහුටත් කොටසක් ලබා දෙන්නෙමි.+ ඔහු බලවතුන් සමඟ තම වස්තුව බෙදාගන්නේය.”+

පාදසටහන්

මූ.අ., “පරම්පරාවේ.”