යෙසායා 52:1-15

52  සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+  යෙරුසලම, දැන් දූවිලි ගොඩෙන් නැඟිටින්න. ඔබේ ඇඟ පුරා තිබෙන දූවිලි ගසා දමා+ ඇවිත් හිඳගන්න. වහල්භාවයට ගෙන ගිය සියොන් දියණිය, ඔබේ බෙල්ලට දමා තිබෙන විලංගු කඩා දමන්න.+  යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසන්නේය. “ඔබව භාර දෙනු ලැබුවේ මුදලකට නොවෙයි.+ ඒ නිසා ඔබව මුදවාගන්නෙත් මුදලක් නොගෙවාමයි.”+  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මුලදී, මාගේ සෙනඟ ඊජිප්තුවට ගියේ එහි විදේශිකයන් හැටියට ජීවත් වෙන්නයි.+ පසුව, ඇසිරියාවත් කිසිම හේතුවක් නොමැතිව ඔවුන්ට හිංසා පීඩා කළේය.”  යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “දැන් මා මේ සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද? මොවුහු කිසිම මුදලක් නොගෙවා+ මාගේ සෙනඟ වහල්කමට ගෙන ගොස් ඔවුන්ව යටත් කරගත්තෝය. නින්දාසහගත වචන කියමින් ඔවුන්ට කෑගසන්නෝය.”+ යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “දවස මුළුල්ලේම ඔවුහු මාගේ නාමයට අපහාස කරති.+  මා මේ වෙනුවෙන් පියවර ගන්නා දවසේදී මාගේ සෙනඟ මාගේ නාමයෙහි නියම අරුත දැනගනු ඇත.+ මේ දේ පවසන්නේ මමයි.+ ඒ නිසා මේ සියල්ල ස්ථිර වශයෙන්ම සිදු වෙයි.”  කඳු මුදුනේ සිට ශුභාරංචියක්+ රැගෙන එන තැනැත්තාගේ පාද+ කොපමණ අලංකාරද! ඔහු පැමිණෙන්නේ සාමය ප්‍රකාශ කිරීමටයි.+ ඔහු යහපත් කාලයක් ගැන ශුභාරංචි කියයි.+ ඔහු සියොන්ට, “ඔබේ දෙවි දැන් රජකම් කරන්නේය”+ කියා පවසමින් ගැලවීම ප්‍රකාශ කරන්නේය.+  සවන් දෙන්න! ඔබේ මුරුකරුවෝ+ ශබ්ද නඟා+ පුවත දැනුම් දෙන්නෝය. ඔවුහු සියලුදෙනා එක්ව ප්‍රීති ඝෝෂා නඟන්නෝය. මන්ද යෙහෝවා දෙවි සියොන්හි වැසියන්ව නැවත එකතු කරගන්නා ආකාරය+ ඔවුහු තම ඇස් දෙකෙන් පැහැදිලිවම දකින්නෝය.+  යෙරුසලමේ සියලුම පාළු ස්ථාන+ එක්ව සතුටු ගී ගයාවා! මන්ද යෙහෝවා දෙවි යෙරුසලම මුදවාගෙන+ තම සෙනඟව සනසන්නේය.+ 10  යෙහෝවා දෙවි තම ශුද්ධ බලය සියලු ජාතීන්ට දකින්න සලස්වන්නේය.+ පොළොවේ ඈත කෙළවරෙහි වෙසෙන සියලු ජනයා අපේ දෙවි ගැලවීම දෙන ආකාරය දකින්නෝය.+ 11  දැන් පිටතට එන්න! එම ස්ථානයේ තවත් රැඳී නොසිටින්න.+ කිසිම අපවිත්‍ර දෙයකට අත නොගසන්න.+ යෙහෝවා දෙවිගේ භාණ්ඩ දරන සියල්ලෙනි,+ ඇගෙන් ඉවත් වී+ පවිත්‍රව සිටින්න. 12  ඔබට භය වෙන්නවත් කලබල වෙන්නවත් හේතුවක් නැත. ඔබ පිටතට එන විට ඔබට පලා දුවන්න අවශ්‍ය වන්නේ නැත.+ මන්ද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔබ ඉදිරියෙන්ද+ ඔබ පිටුපසින්ද+ ගමන් කර ඔබව ආරක්ෂා කරනු ඇත. 13  බලන්න! මාගේ සේවකයා+ සිහිබුද්ධිය ඇතුව ක්‍රියා කරයි.+ ඔහුව උසස් කරනු ලබයි. ඔහුට මහත් බලයද ගෞරවයද හිමි වනු ඇත.+ 14  අන් සියලුම මිනිසුන්ට වඩා ඔහුව නින්දාවට පත් කර ඔහුගේ තේජවත් පෙනුම+ විකෘති කර තිබිණ. ඔහුගේ පෙනුම මොන තරම් විකෘති වී+ තිබුණාද කිවහොත් මිනිස්සු ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෝය.+ 15  නමුත් නැවත වතාවක් මිනිස්සු ඔහු දෙස බලා පුදුමයට පත් වෙති. ජාතීහු විස්මයට පත් වන්නෝය.+ රජවරු ඔහු ඉදිරියෙහි නිහඬ වන්නෝය.+ මන්ද මීට කලින් නොඇසූ දේවල් ඔවුන්ට අහන්න, දකින්න සිදු වෙයි.+

පාදසටහන්