යෙසායා 51:1-23

51  “යෙහෝවා දෙවි වන මාගේ මඟ පෙන්වීම් පතමින්+ ධර්මිෂ්ඨ+ ජීවිතයක් ගත කිරීමට වෙර දරන ජනයෙනි, මට සවන් දෙන්න. ඔබව කපාගනු ලැබුවේ කුමන පර්වතයෙන්ද+ කියාත් ඔබව කඩාගනු ලැබුවේ කුමන ගල් වළෙන්ද කියාත් සිහි කරන්න.  ඔබේ පියා+ වන ආබ්‍රහම්+ ගැනත් ප්‍රසව වේදනා විඳ ඔබව මෙලොවට බිහි කළ ඔබේ මව වන සාරා+ ගැනත් සිතා බලන්න. මා ආබ්‍රහම්ව කැඳෙව්වේ ඔහු තනිව සිටියදීය.+ එහෙත් මම ඔහුට ආශීර්වාද කර ඔහුගෙන් මහත් ජාතියක්+ බිහි වීමට සැලැස්වූවෙමි.  එසේනම්, යෙහෝවා දෙවි වන මා සියොන් දියණියව සනසන්නේ+ නැද්ද? මම අනිවාර්යයෙන්ම එසේ කරමි. පාළුවට ගිය ඇගේ සියලු ප්‍රදේශ මම නැවත ගොඩනඟන්නෙමි.+ ඇගේ කාන්තාර ඒදන් උයන+ මෙන්ද ඇගේ පාළු බිම් යෙහෝවා දෙවි වන මාගේ උයන මෙන්ද+ සරුසාරව වැඩෙන්න සලස්වන්නෙමි. ප්‍රීති ප්‍රමෝදයද ස්තුති ප්‍රශංසාද සතුටු ගී නදද දේශය පුරාම පැතිර යයි.+  “මාගේ සෙනඟෙනි, මා පවසන දේ සිතට ගන්න. මාගේ ජනයෙනි,+ මට ඇහුම්කන් දෙන්න. මම මාගේ නීතිය පතළ කරන්නෙමි.+ මා දෙන තීන්දුව ස්ථිර ලෙස පිහිටුවා ජාතීන් අතරේ ආලෝකය විහිදුවන්නෙමි.+  මාගේ ධර්මිෂ්ඨකම හෙළි කිරීමට කාලය ඉතා ළඟය.+ මා දෙන ගැලවීම+ ඔබ අද්දකිනු ඇත. මම මාගේ බලය යොදාගෙන ජනයාව විනිශ්චය කරමි.+ දූපත්වල වැසියෝ පවා මා කෙරෙහි බලාපොරොත්තු තබනු ඇත.+ මාගේ බලය ලැබෙන තුරු ඔවුහු ආශාවෙන් බලා සිටිති.+  “අහස දෙසත්+ පොළොව දෙසත් බලන්න. අහස දුමක් මෙන් නැති වී යයි.+ පොළොව දිරා යන වස්ත්‍රයක් මෙන් පහව යයි.+ එහි වැසියන්ව වැලි මැක්කන් මෙන් මරා දමනු ඇත. එහෙත් මා දෙන ගැලවීම සදහටම පවතින්නේය.+ මාගේ ධර්මිෂ්ඨකම කිසිදා නැති නොවන්නේය.+  “ධර්මිෂ්ඨකම කුමක්ද කියා හඳුනාගෙන මාගේ නීතිය හදවතින්ම පිළිපදින ජනයෙනි,+ මට සවන් දෙන්න. මිනිසුන්ගේ නින්දා අපහාසවලටවත් ඇනුම්බැනුම්වලටත් භය නොවන්න.+ ඔවුන් නිසා තැති නොගන්න. මන්ද ඔවුන් නිකම්ම නිකම් මිනිසුන් පමණි.  කාවුන් ඇඳුමක් කා දමන්නාක් මෙන්ද ලොම් රෙද්දක් නාස්ති කරන්නාක් මෙන්ද ඔවුහු සියල්ලෝ විනාශ වී යන්නෝය.+ නමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටම පවතින්නේය. මතු පැමිණෙන සියලු පරම්පරා මා දෙන ගැලවීම අද්දකිනු ඇත.”+  යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්‍රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+ 10  ගැඹුරු මුහුදේ මහා ජල කඳ සිඳී යන්න+ සැලැස්වූවේත් ඔබ මුදවාගත් සෙනඟව ඒ මැදින් ගෙන ගියෙත් ඔබ නොවෙයිද?+ 11  යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන් නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+ 12  “ඔබව සනසන්නේ මමයි.+ “එසේනම්, තණකොළ ගසක් මෙන්+ සැණෙකින් මිය යන මිනිසෙකුට භය වී+ 13  ඔබේ සැදුම්කරු+ වන මාව ඔබ අමතක කළේ මන්ද? අහස දිගහැර+ පොළොවේ අත්තිවාරම් දැමුවේ+ යෙහෝවා දෙවි වන මා බව ඔබට අමතක වුණාද? ඔබව හාත්පසින්ම වට කරගෙන+ සිටි තැනැත්තාගේ උදහස දැක, ඔහු ඔබව විනාශ කර දමයි කියා+ ඔබ දවස මුළුල්ලේම භයෙන් සිටියෙහිය. දැන් ඔබට හිරිහැර කළ ඒ තැනැත්තා කෝ?+ 14  “අත් පා බැඳ සිටින සිරකරුවන්ව ඉක්මනින්ම නිදහස් කරනු ලබයි.+ කුසගින්නෙන් පීඩා නොවිඳින පිණිසත්+ මිය නොයන පිණිසත්+ ඔවුන්ව ඉක්මනින්ම මුදවාගනු ඇත. 15  “යෙහෝවා දෙවි වන මා ඔබේ දෙවිය. මට මුහුද කලඹවා එහි රළ වියරු කළ හැකියි.+ මාව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙසය.+ 16  ඔබ කතා කළ යුතු දේ මම ඔබට උගන්වා+ මගේ හස්තයේ සෙවණෙහි ඔබට රැකවරණය දෙන්නෙමි.+ ඔබ අහස එහි නියම ස්ථානයේ පිහිටුවා+ පොළොවේ අත්තිවාරම දමන පිණිසත්+ සියොන්හි වැසියන්ට, ‘ඔබ මාගේ සෙනඟ’+ කියා පවසන පිණිසත් මම එසේ කරන්නෙමි. 17  “යෙරුසලම් දියණිය, නැඟිටින්න!+ යෙහෝවා දෙවි වන මාගේ කෝපය නමැති කුසලානයෙන් බීවාවූ+ ඔබ අවදි වන්න! අන්තිම බින්දුව දක්වාම+ එයින් බීවාවූ ඔබ දැන් මත් වී වැනිවැනී සිටින්නෙහිය. 18  ඔබට අත දෙන්නවත්+ මඟ පෙන්වන්නවත් ඔබ මෙලොවට බිහි කර හදා වඩා ගත් එක් පුත්‍රයෙක්වත් සිටියේ නැත.+ 19  පාළු කිරීම හා විනාශයද සාගතය හා කඩුවද+ ඔබ අද්දුටුවෙහිය.+ ඔබව සනසන්න දැන් ඉතුරුව සිටින්නේ කවුද?+ 20  ඔබේ පුත්‍රයෝ ක්ලාන්ත වී වැටුණෝය.+ දැලට+ හසු වූ බැටළුවන් මෙන් ඔවුහු සෑම වීථියකම වැතිර සිටින්නෝය. යෙහෝවා දෙවි වන මාගේ කෝපයත්+ මාගෙන් ලැබූ දඬුවමත්+ ඔවුහු උපරිමයෙන් අද්දුටුවෝය.” 21  හිරිහැර විඳිමින් සිටින කාන්තාවෙනි,+ ඔබ මත්ව සිටියත් එය වයින් නිසා නොවෙයි.+ 22  ඔබේ ස්වාමීන්ද ඔබේ දෙවිද වන යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් සටන් කරන+ දෙවි කෙනෙකි. දැන් ඔහු කියන මේ දේ සිතට ගන්න. “මාගේ කෝපය නමැති කුසලානයෙන් ඔබ නැවත වරක් බොන්නේ නැත.+ ඔබව මත් කළ ඒ කුසලානය+ මම දැන් ඔබේ අතෙන් ඉවතට ගෙන 23  ඔබට හිරිහැර කරන+ තැනැත්තාගේ අතට දෙන්නෙමි. ‘ඔබේ පිට උඩින් ඇවිදගෙන යන පිණිස බිම වැතිර සිටින්න’ යයි ඔබට කියූ ඒ තැනැත්තා, ඔබව පස් මෙන් පාගා දැමුවේය. ඔබේ පිට, මිනිසුන් එහා මෙහා යන වීථියක් මෙන් විය.”+

පාදසටහන්