යෙසායා 47:1-15

47  බැබිලෝනියේ කන්‍යා දියණිය,+ බිමට බැස දූවිලි ගොඩේ හිඳගන්න.+ කල්දිවරුන්ගේ දියණිය,+ ඔබට දැන් හිඳගැනීමට සිංහාසනයක් නැත.+ ඔබට යළි කිසිදා සියුමැලි, සුකොමල ළඳ කියා නොකියන්නේය.+  ඇඹරුම් ගලක්+ ගෙන පිටි අඹරන්න. ඔබේ මුහුණු වැස්ම+ ඉවත් කරන්න. ඔබේ දිග වස්ත්‍රය+ ඉහළටම ඔසවාගෙන+ ගංගා හරහා ගමන් කරන්න.  ඔබේ නින්දාව සියල්ලන්ටම හෙළි වන සේ නිර්වස්ත්‍රව සිටින්න.+ ඔබට ලැබිය යුතු දඬුවම මම අනිවාර්යයෙන්ම ඔබ පිටට ගෙනෙන්නෙමි.+ මට විරුද්ධව නැඟී සිටින කිසිවෙකුට සාර්ථක වීමට මම ඉඩ නොදෙන්නෙමි.  “ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි+ අපව මුදවාගන්නේය.”+  කල්දිවරුන්ගේ දියණිය,+ නිහඬව අඳුරෙහි+ හිඳගෙන සිටින්න.+ යළි කිසිදා ඔබව සියලු රාජ්‍යයන්වල+ රැජින ලෙස හඳුන්වන්නේ නැත.+  මම මාගේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ව නින්දාවට පත් වීමට ඉඩහැරියෙමි.+ මම ඔවුන්ව ඔබේ අතට හසු කර දුන්නෙමි.+ එහෙත් ඔබ ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වූයේ නැත.+ ඔබ මහල්ලා පිටත් ඉසිලිය නොහැකි බරක් පැටෙව්වෙහිය.+  “මම හැමදාමත් රැජිනක්ව සිටිමි”+ කියා ඔබ සිතුවෙහිය. ඔබ කරන දේවල් ගැන කල්පනා කළේවත් අවසානයේදී කුමක් වෙයිද කියා සිතුවේවත් නැත.+  සැප ජීවිකාවට ප්‍රිය කරන තැනැත්තිය, ඔබ සුරක්ෂිතව හිඳගෙන+ මෙසේ කියන්නෙහිය. “මා තරම් වැදගත් කෙනෙක් තවත් නැහැ.+ මම කවදාවත් වැන්දඹුවක් වෙන්නේ නැහැ. මගේ දරුවන් මට අහිමි වෙන්නෙත් නැහැ.”+  එහෙත් ඔබ නොසිතන මොහොතක ඒ දේම සිදු වන්නේය. එකම දවසේදී+ ඔබේ දරුවන් අහිමි වී ඔබ වැන්දඹුවක් බවටද පත් වනු ඇත. මම ඔබට ඒ ශෝකය හොඳින්ම දැනෙන්න සලස්වමි.+ මන්ද ඔබ සීමාවක් නොමැතිව මන්තර ගුරුකම්වල නියැලෙමින් අනුන්ට විරුද්ධව ඔබේ මායා බලය යොදාගත්තෙහිය.+ 10  “මාව කවුරුවත් දකින්නේ නැහැ”+ යයි කියමින් ඔබ දුෂ්ටකමේ ඇලීගැලී සිටියෙහිය.+ “මා තරම් වැදගත් කෙනෙක් තවත් නැහැ” යයි ඔබ නිතරම සිතන්නෙහිය. ඔබ මුළා වූයේ ඔබේ ප්‍රඥාව හා දැනුම නිසාය.+ 11  ඒ නිසා ඔබ පිටට මහත් විපතක් පැමිණෙනු ඇත. ඔබ කොතරම් මැතුරුවත් කොතරම් මන්තර ගුරුකම් කළත් ඒ විපතෙන් ගැලවීමට ඔබට නොහැකි වෙයි.+ හදිස්සියෙන්ම+ ඔබ පිටට පැමිණෙන ඒ විපත නිසා කිසිදා අද්දැක නැති දුක් පීඩාවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. 12  ඔබ තරුණ කාලයේ පටන් මහත් වෙහෙසක් දරා ප්‍රගුණ කරගත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දැන් භාවිත කරන්න.+ ඒ මාර්ගයෙන්වත් ඔබට ගැලවිය හැකිදැයි බලන්න. සමහරවිට ඔබේ සතුරන්ව බියගැන්වීමට ඔබට පුළුවන් වෙයි. 13  ඔබට උපදෙස් දීමට අනන්ත අප්‍රමාණ පිරිසක් සිටිති. එහෙත් ඔවුන්ගේ උපදෙස් නිසා ඔබ කලකිරෙන්නෙහිය. ඔබේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන්ටද තාරකා බලන්නන්ටද+ අමාවක දවස් බලන්නන්ටද ඇවිත් ඔබට සිදු වීමට නියමිත විපතෙන් ඔබව ගලවාගන්න කියන්න. 14  ඔවුහු පිදුරු මෙන් වන්නෝය.+ ඔවුහු ගින්නට හසු වන්නෝය.+ ඒ ගින්නෙන් ඔවුන්ට+ කිසිසේත් ගැලවිය නොහැක. එය උණුසුම ලබා දෙන ගිනිමැලයක් නොව ගිනි ජාලාවකි.+ 15  ඔබේ තරුණ වයසේ පටන් ඔබ සමඟ වෙහෙසී එකට වැඩ කළ මන්තරකරුවන්ගෙන්+ ඔබට කිසිදු ප්‍රයෝජනයක් නැත. ඔවුහු එක් එක් කෙනා මංමුළා වී තම තමන්ගේ ස්ථානවලට හැරී යති. ඔබේ උපකාරයට කිසිවෙක් පැමිණෙන්නේ නැත.+

පාදසටහන්