යෙසායා 46:1-13

46  බෙල්*+ පහතට නැමී ඇත.+ නෙබෝ* මුණින් අතට වැටී ඇත. ඔවුන්ගේ රූප+ සතුන් පිට පටවාගෙන යයි. සතුන්ටද ඒ බර දරාගත නොහැක.  උන් පහතට නැමෙති. මුණින් අතට වැටෙති. ඒ දෙවිවරුන්ට තමන්ගේම රූප ගලවාගැනීමටවත් බලය නැත.+ ඔවුන්ව වහල්කමට ඇදගෙන යනු ඇත.+  “යාකොබ්ගේ පුත්‍රයෙනි, ඊශ්‍රායෙල් සෙනඟ අතරින් බේරී ජීවත් වන සියල්ලෙනි,+ මා කියන දේ සිතට ගන්න. මව්කුසෙන් බිහි වූ දා පටන් ඔබව උසුලාගෙන යන තැනැත්තා මමය.+  ඔබ වයසට ගිය පසුත් මම වෙනස් නොවෙමි.+ ඔබ මහලු වී හිසකෙස් පැසුණු පසුත් මම දිගටම ඔබව උසුලාගෙන යන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි.+ ඔබව උසුලාගෙන ඔබව ගලවාගන්නෙමි.+  “මට සමාන කළ හැකි කෙනෙක් සිටියිද?+ මාව සන්සන්දනය කරන්නේ කා සමඟද?+  ඔවුහු තම පසුම්බි දිගහැර ලෝභ නැතුව රන්ද රිදීද පිටතට ගෙන තරාදියේ දමා කිරති. ඒවා රන්කරුවෙකුට දී රූපයක් සාදාගත්+ පසු ඔවුහු එය ඉදිරියේ වැඳ වැටෙති.+  ඔවුහු එම රූපය තම කර පිට තබාගෙන+ ඒ සඳහා වෙන් කර ඇති ස්ථානයට ගෙන යති. එය නොසෙල්වී එම ස්ථානයේම රැඳී පවතියි.+ යමෙකු ඒ ඉදිරියට ගොස් හඬ නඟා අයැද සිටියත් එයින් කිසි පලක් නැත. ඔහුට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඔහුව දුකින් මුදවාගන්න ඒ රූපයට නොහැක.+  “පව්කාරයෙනි,+ මේ දේ සිතට ගෙන+ ධෛර්යය උපදවාගන්න. අතීතය සිහි කරන්න.  ඈත අතීතයේ සිදු වූ දේවල් මතකයට නඟන්න.+ එකම දෙවි මමය.+ මට සමාන කළ හැකි එක් කෙනෙක්වත් නැත.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ 10  අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය. 11  මාගේ අරමුණ ඉටු කිරීම සඳහා+ මම නැඟෙනහිර දෙසින් ගිජු පක්ෂියෙකු+ වැනි මනුෂ්‍යයෙකුට හඬගසන්නෙමි. ඔහු ඈත එපිට තිබෙන දේශයකින් පැමිණෙන්නේය. මා කියූ දේ මම ඒ අයුරින්ම ඉටු කරන්නෙමි.+ මම අරමුණු කළ ලෙසම කරමි.+ 12  “මුරණ්ඩු සිත් ඇත්තෙනි,+ ධර්මිෂ්ඨකමෙන් ඈත්ව සිටින ඔබ+ මට සවන් දෙන්න. 13  මගේ ධර්මිෂ්ඨකම+ හෙළි කිරීමට කාලය අත ළඟයි. තව කෙටි කාලයකින් ඔබ එය දකිනු ඇත.+ මම පමා නොවී සියොන්හි වැසියන්ට ගැලවීම අත් කර දෙන්නෙමි.+ ඊශ්‍රායෙල් දේශය පුරාම මාගේ අලංකාරය දකින්න සලස්වන්නෙමි.”+

පාදසටහන්

බැබිලෝනිවරුන් ඇදහූ දෙවි කෙනෙකි.
බැබිලෝනිවරුන් ඇදහූ දෙවි කෙනෙකි.