යෙසායා 44:1-28

44  “මාගේ සේවක යාකොබ්,+ මා තෝරාගත් තැනැත්තා+ වන ඊශ්‍රායෙල්, මේ දේ සිතට ගන්න.  ඔබ මව්කුසේ සිටි කාලයේ පටන්+ මේ දක්වාම ඔබට පිහිට වූ, ඔබේ සැදුම්කරුද+ ඔබව බිහි කළ+ තැනැත්තාද වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි. “මාගේ සේවක යාකොබ්, මා තෝරාගත් තැනැත්තා වන යෙෂුරූන්,*+ භය නොවන්න.+  මන්ද මම පිපාසිත අයට නොඅඩුව වතුර දෙන්නෙමි.+ වියළී ගිය දේශය පුරාම ඇළදොළවල් දකින්න ලැබෙයි.+ මම මාගේ අත දිගහැර ඔබෙන් පැවත එන්නන්ට මාගේ බලය දී+ බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි.  ඔවුහු නිල් තණකොළ මෙන්ද දිය අගල් ළඟ වැඩෙන විලෝ ගස් මෙන්ද සරුවට වැඩෙති.+  ඔවුන්ගෙන් යමෙක්, ‘මම අයිති යෙහෝවා දෙවිටයි’+ කියා පවසයි. තවත් කෙනෙක් තමාට යාකොබ් යන නමින් කතා කරන්න කියා ඉල්ලා සිටියි.+ වෙනත් අයෙක්, ‘මා යෙහෝවා දෙවිට අයිතිය’ යන වචන පෙළ තම අතේ ලියාගනියි. තවත් කෙනෙක් තමාව ඊශ්‍රායෙල් යන නමින් හඳුන්වා දෙයි.”+  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+  මට සමාන කළ හැකි කිසිවෙක් සිටියිද?+ එවැනි කෙනෙකු සිටිනවා නම් ඉදිරිපත් වෙන්න කියා මම ඔහුට ආරාධනා කරමි.+ මා ඈත අතීතයේ සෙනඟක් බිහි කළ දා පටන් මේ දක්වා කළාක් මෙන් ඔහුටත් කළ හැකිද?+ ළඟදී සිදු වීමට නියමිත දේවල් ගැනද තව බොහෝ කාලයකින් සිදු වීමට නියමිත දේවල් ගැනද ඔහුට නිවැරදිව කිව හැකිද?  මාගේ සෙනඟෙනි, භය නොවන්න. කලබල නොවන්න.+ අතීතයේ සිටම සිදු වීමට නියමිත දේවල් ගැන මා ඔබට දැනුම් දුන්නේ නැද්ද?+ ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටීද?+ මට සමාන වූ කිසිවෙක් නැත. එකම පර්වතය+ මමය.’”  දේවතා රූප සාදන්නෝ කිසි වටිනාකමක් නැති අය වෙති.+ ඔවුන් භක්ත්‍යාදරයෙන් සලකන රූපවලින් කිසි ප්‍රයෝජනයක් නැත.+ රූප සාදන්නෝ කිසිවක් නොදකින, කිසිවක් නොදන්න+ සාක්ෂිකරුවෝය. ඔවුහු ලැජ්ජාවට පත් වනු ඇත.+ 10  යමෙකු දේවතා රූපයක් සාදා ඇද්ද?+ ඔහුට එයින් කිසි ප්‍රයෝජනයක් නොලැබෙයි.+ 11  ඔහුද ඔහුගේ සහයකයෝද ලැජ්ජාවට පත් වෙති.+ දේවතා රූප සාදන්නෝ නිකම්ම නිකම් මිනිස්සු පමණි. ඔවුහු සියලුදෙනාම එකතු වී ඉදිරියට පැමිණෙති.+ ඔවුහු නිහඬව සිටිති. භයෙන් වෙවුලති. එක් කෙනෙක්වත් නෑර සියලුදෙනාම ලැජ්ජාවට පත් වනු ඇත.+ 12  කම්මල්කරු තම උපකරණ අතට ගන්නේය. ඔහු ගල් අඟුරුවලින් යකඩ රත් කර තම ශක්තිමත් දෑතින් එය තළා රූපයක් සාදාගන්නේය.+ ඔහු බඩගින්න නොතකයි. ඒ නිසා ඔහු දුබල වන්නේය. පිපාසිතව සිටින නමුත් ඔහු වතුර බොන්නේ නැත. ඒ නිසා ඔහු විඩාවට පත් වන්නේය. 13  වඩුවා ලීය මනියි. ඉන්පසු රතු පැහැති හුණු කැබැල්ලකින් ලීය ලකුණු කරයි. ඔහු ආයුධයකින් ලීය කපා කව කටුවකින් තවත් ලකුණක් දමයි. මිනිසෙකුගේ හැඩරුව ඇති ලස්සන රූපයක් ඔහු සාදාගනියි.+ ඉන්පසු ඔහු එම රූපය තම නිවසේ තබාගනියි.+ 14  තවත් අයෙක් දේවදාර ගස් කපයි. ඔහු වනයේ ගස් අතරින් විශාලව වැඩෙන ගසක් තෝරාගෙන එය ශක්තිමත්ව වැඩෙන සේ හොඳින් සාත්තු කරයි.+ ඔහු ලෝරෙල් ගසක්ද පැළ කර ඇත. ඇද හැළෙන වර්ෂාව නිසා එය ශක්තිමත්ව වැඩෙන්නේය. 15  එය දරට ගැනීම සඳහා සිටුවන ලද ගසකි. ගිනි තපින්න ඔහු ගසෙන් දර ලබාගන්නේය. ඔහු ගින්නක් අවුළුවා එයින් රොටිද පුලුස්සන්නේය. ඉතුරු වන ලීවලින් ඔහු දෙවි කෙනෙකුගේ රූපයක් සාදාගන්නේය.+ ඉන්පසු ඔහු ඒ රූපය ඉදිරියේ වැඳ වැටෙන්නේය.+ 16  ඔහු ගසෙන් කොටසක් දර හැටියට භාවිත කරන්නේය. ඔහු එයින් මස් උයාගෙන කා, තෘප්තියට පත් වන්නේය. ඔහු ඒ ගින්නෙන්ම උණුසුම් වී, “මේ ගින්න නිසා මට උණුසුමක් දැනේ” යයි කියන්නේය. 17  එහෙත් ගසේ ඉතුරු කොටසෙන් ඔහු දෙවි කෙනෙකුව සාදාගනියි. ඔහු දේවතා රූපයක් සාදාගෙන එය ඉදිරියේ වැඳ වැටී මෙසේ යාච්ඤා කරන්නේය. “මගේ දෙවි ඔබයි.+ මට පිහිට වන්න.” 18  ඔවුන්ගේ ඇස් පෑදී නැත.+ කල්පනා ශක්තියද මොට වී ඇත.+ ඒ නිසා ඔවුහු කිසිවක් දන්නේ නැත.+ ඔවුහු කිසිවක් අවබෝධ කරගන්නේද නැත.+ 19  ඔවුන් කරන දේ ගැන ඔවුන්ට කිසි අවබෝධයක් නැත.+ ඔවුන්ගෙන් කිසිවෙක් මෙසේ කල්පනා කර නැත.+ “මම ගසෙන් කොටසක් දරට පාවිච්චි කළා. මම ගින්නක් අවුළුවා එයින් රොටි පුලුස්සා මසුත් උයාගත්තා. ඉතුරු කොටසෙන් මම පිළිකුල් රූපයක් සාදාගන්නද?+ ගසක වියළී ගිය ලී කැබැල්ලකට නමස්කාර කිරීමෙන් කිසි පලක් තියෙනවාද?” 20  ඔහු කරන දේ නිෂ්ඵලයි.*+ ඔහුගේ සිත මුළා වී ඇත.+ ඔහුගේ ජීවිතය පවා අනතුරේ තිබේ. එහෙත් ඔහු, “මම මේ විශ්වාසය තබාගෙන සිටින්නේ බොරුවක් කෙරෙහි නොවෙයිද”+ කියා කල්පනා කර ඒ තත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැත. 21  “යකොබ්, ඔබ මේ දේවල් සිතට ගත යුතුයි.+ ඊශ්‍රායෙල්, ඔබ මා පවසන දේවල් මතක තබාගත යුතුයි. මන්ද ඔබ මාගේ සේවකයාය.+ ඔබව බිහි කළේ මමය.+ ඒ නිසා ඔබ, මට අයිතිය. ඔබ මාගේ සේවකයාය. මම කවදාවත් ඔබව අමතක නොකරමි.+ 22  ඔබ කර තිබෙන සෑම වැරදි ක්‍රියාවක්ම මට නැවතත් නොපෙනෙන සේ වලාකුළකින් වැසී යන්න සලස්වමි.+ ඔබ කළ පාප මම ගන වලාකුළකින් වැසුවෙමි. මා වෙතට හැරී එන්න.+ එවිට මා ඔබව මුදවාගන්නෙමි.+ 23  “ස්වර්ගයේ වැසියෙනි, ප්‍රීති ඝෝෂා නඟන්න!+ මන්ද යෙහෝවා දෙවි පියවර ගෙන ඇත.+ පහත් බිම්වල වැසියෙනි,+ ජය ඝෝෂා නඟන්න!+ කඳුද+ වනාන්තරද සියලු ගස්ද ප්‍රීති වේවා! මන්ද යෙහෝවා දෙවි යාකොබ්ව මුදවාගෙන ඇත. ඊශ්‍රායෙල් සෙනඟ ලවා ඔහුගේ අලංකාරය සියල්ලන්ට දකින්න සලස්වයි.”+ 24  ඔබේ මිදුම්කරුද+ මව්කුසේ ඔබව වැඩෙන්න සැලැස්වූ තැනැත්තාද වන යෙහෝවා දෙවි කියන මේ දෙයට සවන් දෙන්න. “යෙහෝවා දෙවි වන මම සියල්ල සාදන්නෙමි. අහස්තලය දිගහැරියේ මමය.+ ඒ සඳහා මට කිසිවෙකුගේ උපකාරය අවශ්‍ය වුණේ නැත. පොළොව සෑදුවෙත් මමය.+ ඒ අවස්ථාවේදී මා සමඟ සිටියේ කවුද? 25  හිස් වචන දොඩන අය දෙන ලකුණු මම නිෂ්ඵල වීමට සලස්වමි. ශාස්ත්‍ර කියන්නෝ මා නිසා උමතුවෙන් හැසිරෙති.+ බුද්ධිමතුන්ව වියවුලට පත් කරන්නෙත් ඔවුන්ගේ දැනුම මෝඩකමක් බව හෙළි කරන්නෙත් මමය.+ 26  එහෙත් මාගේ සේවකයාගේ වචන සැබෑ බව මම ඔප්පු කර පෙන්වන්නෙමි. මගේ පණිවිඩකරුවන්ගේ සැලසුම් සියල්ල මම සාර්ථක වීමට සලස්වන්නෙමි.+ මම යෙරුසලම ගැන, ‘එය නැවත ජනාවාස නුවරක් බවට පත් වෙයි’+ කියාත් යූදා දේශයේ නුවරවල් ගැන, ‘ඒ සියල්ල නැවත ගොඩනඟනු ඇත.+ එහි පාළු තැන් මම නැවත ගොඩනඟන්නෙමි’+ කියාත් පවසන්නෙමි. 27  ‘වියළී යන්න. මම ඔබේ සෑම අතු ගංගාවක්ම වියළී යන්න සලස්වමි’+ කියා මහා ජල කඳට අණ කරන්නෙත් මමය. 28  සයිරස්+ ගැන සඳහන් කරමින්, ‘ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’+ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’+ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.”

පාදසටහන්

ද්වි 32:15හි පාදසටහන බලන්න.
මූ.අ., “ඔහු අළු කන්නේය.”