යෙසායා 39:1-8

39  හෙසකියාගේ අසනීප තත්වය සුව වූ බව+ බැබිලෝනියේ+ රජු වූ බලදාන්ගේ පුත් මෙරොදක්-බලදාන්ට+ ආරංචි වී ඔහු හෙසකියාට ලිපි ලියා ඒ සමඟ තෑග්ගක්ද+ එව්වේය.  හෙසකියා ඒ පණිවිඩයද තෑග්ගද නිසා බොහෝ සෙයින් සතුටු විය.+ ඉන්පසු ඔහු තම වස්තු ගබඩාවේ තිබුණු සියල්ල ඔවුන්ට පෙන්වූවේය.+ ඔහු එහි තිබූ රන් රිදීද බෝල්සම් තෙල්ද+ අනර්ඝ තෙල්ද යුද්ධායුධ+ ගබඩාවද ඔහුගේ අනිකුත් වස්තු සියල්ලද ඔවුන්ට පෙන්වූවේය. හෙසකියා තම මාලිගාවෙත්+ මුළු රාජධානියෙත්+ තිබූ සෑම දෙයක්ම ඔවුන්ට පෙන්වූවේය.  ඉන්පසු අනාගතවක්තෘ යෙසායා, හෙසකියා රජු හමු වීමට පැමිණ,+ “රජතුමනි, අර මිනිස්සු ආවේ කොහෙන්ද? ඔවුන් මොනවද කිව්වේ” කියා ඇසුවේය. හෙසකියා මෙසේ කීවේය. “ඔවුන් ආවේ දුර ඈත පිහිටි බැබිලෝනියේ සිටයි.”+  එවිට යෙසායා, “ඔවුන් ඔබේ මාලිගාවේ මොනවද බැලුවේ”+ කියා ඇසුවේය. හෙසකියා මෙසේ කීවේය. “මගේ මාලිගාවේ තිබෙන හැම දෙයක්ම ඔවුන් බැලුවා. මගේ ගබඩාවේ තිබෙන හැම වස්තුවක්ම මම ඔවුන්ට පෙන්නුවා.”  එවිට යෙසායා, හෙසකියාට+ මෙසේ කීවේය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි කියන මේ දේට ඇහුම්කන් දෙන්න.  ‘බලන්න! ඔබේ මාලිගාවේ තිබෙන සියල්ලත් මේ දක්වා ඔබේ මුතුන්මිත්තන් රැස් කර තිබෙන සියල්ලත් බැබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේය.+ මෙහි කිසිවක් ඉතුරු නොවන්නේය’+ කියා යෙහෝවා දෙවි පැවසුවා.  ‘ඔබේම පුත්‍රයන්ගෙන් සමහරෙකුව ඔවුහු ගෙන යන්නෝය.+ ඔවුහු බැබිලෝනියේ රජුගේ මාලිගාවේ+ නිලධාරීන්+ ලෙස සේවය කරනු ඇත.’”  එය අසා හෙසකියා, යෙසායාට මෙසේ කීවේය. “ඔබ මාර්ගයෙන් යෙහෝවා දෙවි කී දේ මම සතුටින් භාරගන්නවා.+ මගේ ජීවිත කාලයේදී+ සමාදානයෙන් හා සුරක්ෂිතභාවයෙන්*+ ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ ඇති.”

පාදසටහන්

මූ.අ., “සත්‍යයෙන්.”