යෙසායා 38:1-22

38  ඒ කාලයේදී හෙසකියා අසනීප වී මරණාසන්නව සිටියේය.+ දවසක් අනාගතවක්තෘ වූ ආමොෂ්ගේ පුත් යෙසායා+ ඔහු ළඟට ඇවිත් මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. ‘ඔබ සුවය ලබන්නේ නැත. ඔබ මිය යන්නෙහිය.+ එහෙයින් දැන් ඔබේ ගෙයි වැසියන්ව කැඳවා පවුලේ කාරණා සැලසුම් කරන්න.’”+  එවිට ඔහු බිත්තිය දෙසට හැරී+ යෙහෝවා දෙවිට යාච්ඤා කරමින්+ මෙසේ කීවේය.  “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත් සිහි කරන මෙන් ඔබෙන් බැගෑපත්ව අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා බොහෝ සෙයින් හැඬුවේය.+  පසුව යෙහෝවා දෙවි යෙසායාට කතා කර මෙසේ කීවේය.+  “හෙසකියා වෙතට ගොස් මෙසේ කියන්න. ‘ඔබේ මුතුන්මිත්තා වූ දාවිත්ගේ+ දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පැවසුවා. “මම ඔබ හෙළූ කඳුළු දුටුවෙමි.+ ඔබේ යාච්ඤාවටද මම සවන් දුන්නෙමි.+ ඒ නිසා මම ඔබට තව අවුරුදු පහළවක් ජීවත් වෙන්න ඉඩහරිමි.+  ඇසිරියාවේ රජුගේ අතින් ඔබව ගලවාගන්නෙමි. මේ නගරයත් ගලවාගෙන එය ආරක්ෂා කරන්නෙමි.+  මා කී දේ ඉටු කරන බව සහතික කිරීමට යෙහෝවා දෙවි වන මම ඔබට ලකුණක් දෙන්නෙමි. යෙහෝවා දෙවි වන මා දෙන ලකුණ මෙයයි.+  ආහස්ගේ පඩි පෙළ කියා හඳුන්වන පඩි පෙළ දිගේ වැටෙන සෙවණැල්ල+ පඩි දහයක් ආපස්සට යන්න මම සලස්වන්නෙමි.”’”+ දෙවි කී ලෙසම පඩි පෙළ මත වැටී තිබුණු සෙවණැල්ල පඩි දහයක් ආපස්සට ගියේය.+  යූදාහි රජු වූ හෙසකියා සුවය ලැබූ පසු+ ලියූ වචන+ මෙයයි. 10  “මගේ ජීවිතයේ හොඳම කාලයේදී මට මිනී වළට යන්න වෙයි.+මගේ ජීවිතය කෙටි කර ඇත”+ කියා මම සිතුවෙමි. 11  මම මෙසේද සිතුවෙමි. “අනේ, මට නැවත යෙහෝවා දෙවිගේ යහපත්කම දකින්න ලැබෙන්නේ නැත.+ මිහිපිට ජීවත් වෙන්නවත් යෙහෝවා දෙවිගේ යහපත්කම දැකගන්නවත් මට අවස්ථාවක් නොලැබෙයි.මිනී වළට ගිය පසු මට කිසි මිනිසෙකුවත් දකින්න ලැබෙන්නේ නැත. 12  එඬේරෙකු තම කූඩාරම අකුළා දමන්නාක් මෙන් මගේ ජීවිතයද අවසන් වෙයි.+රෙදි වියන්නෙකු විසින් වියනු ලැබූ රෙද්දක් යන්ත්‍රයෙන් කපා ඉවත් කරන්නාක් මෙන්,+මගේ ජීවිතයද කපා ඉවත් කරනු ලබයි.උදේ සිට රෑ යාමය දක්වා පීඩාවලින් හෙම්බත් වීමට ඔහු මට ඉඩහැරියේය.+ 13  රාත්‍රිය පුරාම මාගේ සිත සනසාගන්න මම උත්සාහ කළෙමි.+නමුත් ඔහු සිංහයෙකු මෙන් මගේ ඇටකටු සියල්ල බිඳ දැමුවේය.+ඔහු උදේ සිට රෑ යාමය දක්වා පීඩාවලින් හෙම්බත් වීමට මට ඉඩහැරියේය.+ 14  තුරිතයෙකු හා කොණ්ඩ කුරුල්ලෙකු මෙන් මම කෑගසන්නෙමි.+පරෙවියෙකු මෙන් හඬන්නෙමි.+ මා දෑස් අයාගෙන අහස දෙස බලමින්,+‘යෙහෝවා දෙවියෙනි, මා අසරණය. ඔබේ උපකාරය ලැබෙන තුරු මම බලා සිටිමි’+ කියා ඔහුට කන්නලව් කළෙමි. 15  ඔහු මට පිළිතුරු දුන්නේය.+ ඔහු මට පිහිට වුණේය.+මම ඔහුගෙන් වෙන කිසිවක් ඉල්ලන්නේ නැත.මෙම කටුක අද්දැකීම සිහි කරමින්+ මගේ ජීවිත කාලය පුරාම නිහතමානීව සිටීමට මම තීරණය කළෙමි. 16  ‘යෙහෝවා දෙවියනි, සියලුදෙනා ජීවත් වන්නේ ඔබ නිසයි. මා ජීවත් වන්නේ* ඔබේ පිහිටෙනි.+මට සුවය ලබා දෙන්නෙත් මගේ ජීවිතය රැක දෙන්නෙත් ඔබයි.+ 17  සමාදානය වෙනුවට මා අද්දුටුවේ ශෝකය පමණි.+නමුත් මා කෙරෙහි තිබෙන ගැඹුරු ප්‍රේමය නිසා ඔබ මිනී වළෙන් මාව ගලවාගත්තෙහිය.+ඔබ මගේ පාප අමතක කර දමා ඒ දෙස නැවත හැරී නොබැලුවෙහිය.+ 18  මිනී වළෙහි සිට ඔබට ප්‍රශංසා කළ හැක්කේ කාටද?+ මිය ගිය අයට ඔබේ ගුණ වර්ණනා කළ හැකිද?+මිය ගිය කෙනෙකුට ඔබේ විශ්වාසවන්තකම සිහි කරමින් ඔබ කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිද?+ 19  ජීවතුන් අතර සිටියොත් මිසක කිසිවෙකුට ඔබට ප්‍රශංසා කළ නොහැක.+මා අද ඔබට ප්‍රශංසා කරන්නේ ඒ නිසාය.+පියෙකු තම දරුවන්ට ඔබගේ විශ්වාසවන්තකම ගැන උගන්වන්නේද+ ඒ නිසාය. 20  අනේ යෙහෝවා දෙවියනි, ගැලවීම ලබා දෙන්න.+එවිට දිවි ඇති තුරාම යෙහෝවා දෙවිගේ ගෘහයේ+ අපි වීණා වයන්නෙමු.’”+ 21  යෙසායා සේවකයන්ට කතා කර මෙසේ කීවේය. “වේළාගත් අත්තික්කා කුට්ටියක් ගෙන රජතුමාගේ තුවාලය+ මත තබන්න. ඔහුට සුවය ලැබෙයි.”+ 22  පසුව හෙසකියා රජ මෙසේ ඇසුවේය. “මට යෙහෝවා දෙවිගේ ගෘහයට නැවත යන්න ලැබෙන බවට දෙන ලකුණ කුමක්ද?”+

පාදසටහන්

මූ.අ., “මගේ හුස්ම පවතින්නේ.”