යෙසායා 34:1-17

34  විවිධ ජාතීන්ට අයත් සෙනඟෙනි,+ මා ළඟට එන්න. ජනයෙනි, මා පවසන දේට හොඳින් අවධානය යොමු කරන්න.+ පොළොවත් එහි සියලු වැසියනුත්+ මේ දේ සිතට ගත යුතුයි.+  සියලු ජාතීන්ට විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවිළී ඇත.+ ඔවුන්ගේ සියලු සේනාවන් පිටට ඔහු තම කෝපය පිට කරන්නේය.+ ඔවුන් සියල්ලෝම විනාශ කිරීමට නියම කර ඇත. ඔවුහු සියල්ලෝම ඔහුගේ අතින් මැරුම් කන්නෝය.+  ඔවුන්ගේ මළ කඳන් පිටතට විසි කර දමනු ඇත. කුණු වී යන මළ කඳන්වල දුගඳ දසත පැතිර යයි.+ ඔවුන්ගේ ලෙයින් නැහැවුණු කඳු දිය වී යයි.+  මුළු අහස් සේනාවම පහව යනු ඇත.+ අහස ලියවිල්ලක් මෙන් අකුළා දමන්නේය.+ මිදිවැලක කොළ හැකිළී යන්නාක් මෙන්ද අත්තික්කා ගෙඩියක් කුණු වී බිමට වැටෙන්නාක් මෙන්ද+ මුළු අහස් සේනාවම වැටී යන්නෝය.  “ඉහළ අහසේ තිබෙන මාගේ කඩුව+ දෙස බලන්න! මාගේ කඩුවෙන් ඒදොම්වරුන්ව මුළුමනින්ම විනාශ කර දැමීමට+ මම යුක්තිසහගත ලෙස තීන්දු කළෙමි.+ ඒ නිසා, මාගේ කඩුව ඒදොම්වරුන්ගේ ලෙයින් නැහැවී යන්නේය.  යෙහෝවා දෙවි වන මා එල්ල කරන ඒ කඩුව බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ලෙයින් තෙමී යනු ඇත.+ බැටළුන්ගේ වකුගඩු පසාරු කරගෙන යන මාගේ කඩුව පුරාම තෙල්+ තැවරී තිබෙයි. මන්ද යෙහෝවා දෙවි වන මම බොෂ්රා නුවරෙහි පූජාවක් ඔප්පු කරන්නෙමි. ඒදොම්හි+ මහත් ඝාතනයක් සිදු කරන්නෙමි.  මම කුළු හරකුන්වද+ ඝාතනය කිරීමට ගෙන යන්නෙමි. වස්සන්ද ශක්තිමත් හරකුන්ද+ යන ඒ සියල්ලෝම එකට විනාශ වී යන්නෝය. උන්ගේ තෙලින්+ පොළොව පෙඟී යන්නේය. දේශය ලේ විලක් බවට පත් වන්නේය.”  සියොන්හි වැසියන්ට සිදු කළ අසාධාරණය වෙනුවෙන් නිසි පියවර ගැනීමට යෙහෝවා දෙවි දවසක් වෙන් කර තිබේ.+ ඔවුන්ගේ සතුරන්ට දඬුවම් කිරීමට ඔහු අවුරුද්දක් නියම කර ඇත.+  එහි* ගංගා තාර බවටද භූමිය ගෙන්දගම් බවටද පත් වෙයි. මුළු දේශයම ගිනිවිලක් මෙන් පෙනෙයි.+ 10  ගින්න නොනිවෙයි. දුම්වලා සදහටම ඉහළට නඟියි.+ දේශය කිසිවෙකු නොගැවසෙන වියළී ගිය කාන්තාරයක් බවට පත් වන්නේය.+ එය සදහටම ඒ තත්වයේ පවතින්නේය.+ 11  දේශය පැස්තුඩුවන්ටද ඉත්තෑවන්ටද නිවහනක් වනු ඇත. බකමූණන්ද කපුටන්ද එහි කූඩු තනනු ඇත.+ දෙවි මනින ලණුවෙන්ද+ ලඹයෙන්ද දේශය මැන බලා එය හිස්කමට අත්හරින්නේය. 12  දේශයේ උත්තමයෙකුවත් පාලකයෙකුවත් ඉතුරු නොවෙයි. ඒ නිසා රජ කිරුළ පළඳවන්න කිසිවෙක් නොසිටියි.+ 13  එහි මාලිගා වැසී යන තරමටම කටු පඳුරු හටගනියි. බලකොටුවල පවා වල් පැළෑටිද කටු ගස්ද බිහි වෙයි.+ එය හිවලුන්ගේද පැස්බරුන්ගේද වාසස්ථානයක් බවට පත් වෙයි.+ 14  කාන්තාරවල ගැවසෙන සතුන්ද හිවලුන්ද භූතයන්ද*+ යන සියල්ලෝම එහි සැරිසරන්නෝය. නිශාචර පක්ෂීහුද කිසි භයක් නොමැතිව එහි ලගින්නෝය.+ 15  එහි බෙන සාදා බිත්තර දමන සැපින්නද* ඇගේ පැටවුන්ව වෙළාගනිමින් උන්ව රැකබලා ගන්නීය. උකුස්සෝ+ උන්ගේ සහකාරියන් සමඟ එකතු වී එහි ලගින්නෝය. 16  යෙහෝවා දෙවිගේ ලියවිල්ලෙහි ඒ ගැන සඳහන් වන්නේ නැද්ද කියා සොයා බලන්න.+ එහි සඳහන් දේ ශබ්ද නඟා කියවන්න. ඒ එක් සතෙක්වත් නැති වී යන්නේ නැත.+ උන් සියල්ලන්ටම සහකාරියක බැගින් සිටිනු ඇත. මන්ද එසේ සිදු වීමට නියම කර තිබෙන්නේ යෙහෝවා දෙවිය.+ ඔහු තම බලය යොදා උන්ව එක තැනකට රැස් කරන්නේය.+ 17  දේශය මැන උන්ට කොටසක් වෙන් කර දුන්නේ ඔහුය.+ ඒ නිසා, උන් සදහටම ඒ දේශය උන්ගේ වාසභූමිය කරගන්නෝය.

පාදසටහන්

එනම්, ඒදොම්හි අගනුවර වන බොෂ්රා නගරය.
යෙසා 13:21හි පාදසටහන බලන්න.
මූ.අ., “ඊතල සර්පයා.”