යෙසායා 28:1-29

28  එෆ්‍රායිම්හි+ බේබද්දන්ගේ තේජවත් ඔටුන්න පහ වී යන්නේය. වයින්වලින් වෙරි වී සිටින අය වෙසෙන සරුසාර නිම්නයට ඉහළින් පිහිටි නුවරේ අලංකාරය පරවී යන මල් මාලාවක් මෙනි!  යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව බලවත් තැනැත්තෙකුව එවන්නේය.+ ඔහු දරුණු අයිස් කැට වැස්සක්+ මෙන්ද චණ්ඩ මාරුතයක් මෙන්ද මහා ජලගැල්මක්+ මෙන්ද ඇවිත් ඔවුන්ගේ ඔටුන්න පොළොවට හෙළා දමන්නේය.  එෆ්‍රායිම්හි බේබද්දන්ගේ තේජවත් ඔටුන්න පාගා දමනු ඇත.+  සරුසාර නිම්නයට ඉහළින් පිහිටි අලංකාර නුවර පරවී යන මලක් මෙන්+ පහව යන්නේය. යමෙකු ගිම්හානයට කලින් හටගත් අත්තික්කා ගෙඩියක්+ දුටු විගස එය කඩාගෙන ගිල දමන්නාක් මෙන් එම නුවරද සතුරා අතට පත් වන්නේය.  ඒ කාලයේදී ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම සෙනඟ අතරින් ඉතුරු වන අයට+ අලංකාර ඔටුන්නක් මෙන්ද+ ලස්සන මල් පළඳනාවක් මෙන්ද+ වන්නේය.  ඔහු විනිශ්චයකරුවන්ව යුක්තියෙන් විනිශ්චය කිරීමට පොලඹවන්නේය.+ නුවර දොරටුව ඉදිරියෙන් සතුරන්ව පන්නා දමන තැනැත්තාව ඔහු ශක්තිමත් කරන්නේය.+  මොවුහු වයින් සහ මත්පැන් නිසා මංමුළා වී ඇත. පූජකයාද අනාගතවක්තෘවරයාද+ මත්පැන් හා වයින් නිසා වියවුල් වී ඒ මේ අත ඇවිදිති.+ දර්ශන තේරුම්ගැනීමට හා නිවැරදි තීරණ ගැනීමට නොහැකි වන තරමටම ඔවුහු මත් වී සිටිති.  ඔවුන්ගේ මේස පුරාම වමනය+ දැකගත හැක. පිරිසිදු තැනක් සොයාගත නොහැකි තරම්ය.  ඔවුහු මෙසේ කියති. “ඔහු උගන්වන්න හදන්නේ කාටද?+ ඔහුට ලැබුණු පණිවිඩය තේරුම් කර දෙන්න හදන්නේ කාටද?+ අපි අම්මාගේ තුරුලේ ඉඳගෙන ඊයේ පෙරේදා කිරි වැරූ ළදරුවන් කියාද ඔහු හිතාගෙන ඉන්නේ?+ 10  ‘මේ අණ පිළිපදින්න. අර අණ පිළිපදින්න. හරි මිම්ම මෙයයි. මේකයි හරි මිම්ම. මේ විදිහට කරන්න. අර විදිහට කරන්න’ කියා අපට කියන්න ඔහු කවුද?”*+ 11  ඒ නිසා, නොතේරෙන භාෂාවක් කතා කරන ගොතගසන+ සෙනඟක් ලවා දෙවි මේ ජනයාට කතා කරනු ඇත.+ 12  “විවේක ගන්න ස්ථානය මෙයයි. විඩා වූ අයට විවේකය දෙන්න. ඔවුන්ට මෙතැනට ඇවිත් විවේක ගන්න දෙන්න” යයි දෙවි ඔවුන්ට පැවසුවත් ඔවුහු සවන් දුන්නේ නැත.+ 13  ඒ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට පැවසූ මෙම වදන් සත්‍යය බව ඔවුහු තේරුම්ගනු ඇත. “මේ අණ පිළිපදින්න. අර අණ පිළිපදින්න. හරි මිම්ම මෙයයි. මේකයි හරි මිම්ම.+ මේ විදිහට කරන්න. අර විදිහට කරන්න.” ඔවුහුද වැටී තුවාල වී, උගුලට හසු වන්නෝය.+ 14  පුරසාරම් දොඩන යෙරුසලමේ පාලකයෙනි,+ යෙහෝවා දෙවිගේ පණිවිඩයට දැන් සවන් දෙන්න. 15  ඔබ මෙසේ කියා තිබේ. “අපි මරණය සමඟ ගිවිසුමක් ඇති කළා.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගත් පසු අපි දර්ශනයක් දුටුවා.+ මහා ජලගැල්මක් ආවත් අපිට හානියක් වෙන්නේ නැහැ. මන්ද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන+ එහි සැඟවී සිටිනවා.”+ 16  ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “මම සියොන්හි+ අත්තිවාරම තබන පිණිස සෝදිසියට ලක් කළ+ අනර්ඝ ගලක්+ තෝරාගන්නෙමි. එය ස්ථිර අත්තිවාරමක+ ප්‍රධාන ගල+ ලෙස තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් බිය වන්නේ නැත.+ 17  මම යුක්තිය මගේ මිනුම් ලණුව+ ලෙසද ධර්මිෂ්ඨකම+ මගේ මට්ටම් ලීය ලෙසද යොදාගන්නෙමි. බොරුව නමැති ඔබේ රක්ෂස්ථානය+ හිම කැට වර්ෂාවට+ ගසාගෙන යයි. ඔබ සැඟවී සිටින ස්ථානය ජලගැල්මට යට වී යයි.+ 18  ඔබ මරණය සමඟ කළ ගිවිසුම අහෝසි වෙයි.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගැනීමෙන් පසු ඔබ දුටු දර්ශනය ඉටු වෙන්නේ නැත.+ ජලගැල්ම පැමිණෙන විට+ ඔබත් ඊට හසු වී ගසාගෙන යන්නහුය.+ 19  ජලගැල්ම පැමිණෙන සෑම අවස්ථාවකදීම ඔබ එයින් පහර කන්නහුය.+ උදයක් උදයක් පාසා එය පැමිණෙයි. රෑ දාවලේ ඔබ එයින් පහර කන්නහුය. ඒ ගැන ආරංචි වන සියලුදෙනා බියෙන් තැතිගනිති.”+ 20  ඔවුන්ගේ යහන ඔවුන්ට දිගා වෙන්නවත් ඔවුන්ගේ පොරෝන ඔවුන්ට ඇඟ වසාගන්නවත් ප්‍රමාණවත් නැත. 21  පෙරාෂිම්+ කන්දේදී හා ගිබියොන්+ නගරය අසල පිහිටි තැනිතලාවේදී යෙහෝවා දෙවි කෝපයෙන් නැඟී සිටි ආකාරයටම ඔහු නැවත වරක් නැඟී සිට තමා අරමුණු කළ පුදුම දනවන ක්‍රියාව සිදු කරන්නේය. ඔහු කිරීමට අදහස් කරන දේ විස්මිතය.+ 22  ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද+ වන යෙහෝවා දෙවි මේ මුළු දේශයම+ විනාශ කිරීමට තීරණය කර ඇති බව මට දන්වා තිබේ. ඒ නිසා, දැන් සමච්චල්+ නොකරන්න. මන්ද එසේ කළොත් ඔබට දමන විලංගු තව තවත් තද කරනු ලබයි. 23  ජනයෙනි, මා පවසන දේට සවන් දෙන්න. මා කියන දේට හොඳ අවධානයක් දෙන්න. 24  ගොවියෙකු බීජ නොවපුරා දවස පුරාම+ කෙත සූදානම් කරමින් සිටිනවාද?+ 25  කෙත හොඳින් සකස් කළ පසු ඔහු කලුදුරුද සූදුරුද+ වපුරා තිරිඟුද මෙනේරිද+ බාර්ලිද නිසි තැන්වල+ පැළ කරන්නේය. ඉන්පසු ඉඩමේ මායිමේ+ ඔහු තණ හාල්*+ සිටුවන්නේය. 26  දෙවි යමෙකුව හික්මවන්නේ නිසි ආකාරයටයි.+ දෙවි ඔහුට දැනමුතුකම් දෙන්නේය.+ 27  යමෙකු කලුදුරු සුද්ද කිරීමට මඩින යන්ත්‍රයක්+ භාවිත කරනවාද? සූදුරු උඩින් කරත්ත රෝදයක් යවනවාද? කලුදුරු තැළීමට භාවිත කරන්නේ පොල්ලකි.+ සූදුරු තැළීමට භාවිත කරන්නේ කෝටුවකි. 28  යමෙකු ධාන්‍ය කුඩු වී යන තෙක්ම එය පාගා දමනවාද? එසේත් නැත්නම් එය නොනවත්වාම+ මඩිනු ලබනවාද?+ අශ්වයන් විසින් ඇදගෙන යන මඩින යන්ත්‍රයක් ඊට උඩින් ගෙන ගියත් ඔහු එය පොඩි නොකිරීමට වගබලා ගනියි.+ 29  මේ දැනමුතුකම් ලැබී තිබෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගෙන්ය.+ ඔහු සෑම දෙයක්ම සාර්ථකව ඉටු කරන දෙවි කෙනෙකි. ඔහුගේ අරමුණු විස්මිතය.+

පාදසටහන්

හෙබ්‍රෙව් බසින් මෙය ලියා ඇත්තේ එකම දේ නැවත නැවත කියන, කුඩා දරුවන්ට කියන කවියක් ලෙසිනි.
නික් 9:32හි පාදසටහන බලන්න.