යෙසායා 27:1-13

27  ඒ දවසේදී යෙහෝවා දෙවි+ තම භයංකර වූ තියුණු කඩුවෙන්+ ලෙවීයාතන්+ නමින් හැඳින්වෙන වේගවත් මුහුදු සර්පයාට+ පහර දෙන්නේය. මුහුදේ සැරිසරන මහා සර්පයාව+ දෙවි මරා දමනු ඇත.  ජනයෙනි, ඒ දවසේදී ඔබ ඒ නුවරේ වැසියන්ට මෙසේ ගායනා කරන්න.+ “ඔබ අනර්ඝ වයින් නිපදවන මිදිවත්තකි!+  ඔබව ආරක්ෂා කරන්නේ යෙහෝවා දෙවිය.+ ඔහු නිතරම ඔබට අවශ්‍ය වතුර සපයන්නේය.+ ඔහු රෑ දාවල් ඔබව ආරක්ෂා කර ඔබට හානියක් කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්නේය.+  ඔහුගේ කෝපය දැන් නිවී ඇත.+ එහෙත් යමෙක් දෙවි ඉදිරියේ කටු පඳුරු+ හෝ වල් පැළෑටි හෝ හටගන්න සැලැස්වූවොත් ඔහු සටනට සැරසෙන්නේය. ඔහු එක මොහොතකින් ඒවා පාගා දමා ගින්නෙන් විනාශ කර දමන්නේය.+  ඒ නිසා දැන් ඔහුගේ බලකොටුව වෙතට දුව ගොස් ඔහු සමඟ සමාදාන වීමට පියවර ගන්න. ඔහු සමඟ සමාදානයෙන් සිට ආරක්ෂාව ලබාගන්න.”+  මතු දවස්වලදී යාකොබ් ගසක් මෙන් මුල් ඇද ශක්තිමත් වෙයි. ඊශ්‍රායෙල්,+ හොඳින් වැඩුණු, මලින් බර වූ ගසක් මෙන් වන්නේය. ඔවුහු පොළොව පුරාම පල දරන්නෝය.”+  එහෙත් ඔවුන්ට සතුරන් අතින් දරුණු ලෙස පහර ලැබ මැරුම් කෑමට සිදු වූයේ මන්ද?+  දෙවියනි, ඔබ ඔවුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ව දේශයෙන් පිටමං කරන්නෙහිය. ඔබ භයංකර හඬක් නඟමින් නැඟෙනහිර දෙසින් හමා එන තද සුළඟක් මෙන් වූ ඔබේ එක හුස්මකින් ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නෙහිය.+  ඔබ ඔවුන්ගේ පූජාසනය හුණුගල් මෙන් කුඩු කර දමන්නෙහිය. ඔවුන් නමස්කාරය සඳහා සෑදූ කුලුනු+ සහ සුවඳ දුම් පූජාසන යළි කෙදිනකවත් ගොඩනඟන්නේ නැත.+ මෙසේ, නිසි දඬුවම් ලැබීමෙන් අනතුරුව යාකොබ්ට සමාව දෙනු ඇත.+ ඔහුගේ පාප මකා දැමූ පසු ඔහු හොඳ පල දරන්නේය.+ 10  සුරක්ෂිතව තිබූ නුවරේ එක වැසියෙක්වත් ඉතුරු වන්නේ නැත. එය අත්හැර දමා ගිය පාළු කාන්තාරයක් මෙන් වන්නේය.+ වස්සා එහි ලගින්නේය. එහි අතු දවා දමනු ඇත.+ 11  ස්ත්‍රීහු පැමිණ එහි වියළී ගිය අතු දරට කඩාගෙන යති.+ මන්ද ඔවුන් දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන සෙනඟක් නොවෙයි.+ ඔවුන්ට ජීවිතය දානය කළ තැනැත්තාණන් ඔවුන්ට කිසි අනුකම්පාවක් නොපෙන්වන්නේ ඒ නිසාය. ඔහු ඔවුන්ට කරුණාව දක්වන්නේ නැත.+ 12  ඊශ්‍රායෙල් සෙනඟෙනි, ගසකින් ගෙඩි කඩා* එකින් එක එකතු කරගන්නා සේම,+ මහ ගඟ*+ අසල සිට ඊජිප්තු නිම්නය+ දක්වා විසිරී සිටින ඔබව යෙහෝවා දෙවි එකතු කරගන්නේය.+ 13  ඒ දවසේදී, ඔබ අතරින් ඊජිප්තුවේ+ විසිරී සිටින සියල්ලන්වද ඇසිරියාවේ+ මරණාසන්නව සිටින සියල්ලන්වද නැවත කැඳවීම සඳහා මහ හොරණෑවක් පිඹිනු ලබන්නේය.+ එවිට ඔබ යෙරුසලමේ ශුද්ධ කන්දට+ ඇවිත් යෙහෝවා දෙවිට නමස්කාර කරනු ඇත.+

පාදසටහන්

ද්වි 24:20හි පාදසටහන බලන්න.
එනම්, යුප්‍රටීස් ගඟ.