යෙසායා 25:1-12

25  යෙහෝවා දෙවියනි, ඔබ මාගේ දෙවිය.+ මම ඔබට ප්‍රශංසා කර+ ඔබේ නාමය ගෞරවයට පත් කරමි.+ මන්ද ඔබේ ක්‍රියා විස්මිතය.+ අතීතයේ සිට අරමුණු කළ දේ+ එලෙසින්ම ඉටු කරන ඔබ සැමවිටම විශ්වාසවන්තය.+  ඔබ නගරයක් නටබුන් ගොඩක් බවට පත් කළෙහිය. පවුරුවලින් වට වූ සුරක්ෂිත නුවරක් පොළොවටම සමතලා කළෙහිය. විදේශිකයන්ගේ බලකොටු යළි ගොඩනඟන්න බැරි වන තරමටම බිඳ දැමුවෙහිය.+  බලවත් සෙනඟක් ඔබව ගෞරවයට පත් කරන්නේ ඒ නිසාය. කෲර ජාතීහු ඔබ ගැන බියට පත් වන්නෝය.+  මන්ද ඔබ අසරණයන්ට බලකොටුවක්ය. දුප්පතාගේ දුක් කරදරවලදී ඔහුට පිහිට වන්නෙහිය.+ ඔබ කුණාටුවෙන් ඔවුන්ව ආරක්ෂා කරමින් අව් රශ්මියෙන් සෙවණක්ද+ ලබා දෙන්නෙහිය. පවුරක් බිඳී යන තරමටම දරුණු ලෙස ඇද හැළෙන වැස්සක් මෙන් පහර දෙන කෲරයන්ගෙන් ඔබ ඔවුන්ව ආරක්ෂා කරන්නෙහිය.  වියළි දේශයක උණුසුම නිවා දමන්නාක් මෙන් ඔබ විදේශිකයන්ව නිහඬ කරන්නෙහිය. වලාකුළක් අව් රශ්මියෙන් සෙවණක් ලබා දෙන්නාක් මෙන්+ ඔබ කෲරයන්ගේ ප්‍රීති ඝෝෂා නිහඬ කරන්නෙහිය.+  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම කන්දේදී+ සියලු ජනයා සඳහා+ ප්‍රණීත ආහාර,+ හොඳින් පෙරූ+ ඉස්තරම් වයින්+ සහ දිව+ පිනවන රසවත් කෑම සහිත විශාල භෝජන සංග්‍රහයක් සූදානම් කරන්නේය.  ඒ කන්දේ සිට දෙවි සියලු ජාතීන්ව වෙළාගත් අඳුරු වලාවද+ ඔවුන් වටා එතී තිබෙන දැලද ඉවත් කරනු ඇත.  විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා+ සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.+ ඔහු පොළොව පුරාම සිටින තම සෙනඟගේ නින්දාව පහ කරන්නේය.+ යෙහෝවා දෙවි එසේ කරන බවට පොරොන්දු වී ඇත.  ඒ දවසේදී ජනයා මෙසේ කියනු ඇත. “මේ අපේ දෙවිය.+ අප ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන නිසා+ ඔහු අපව ගලවාගන්නේය.+ මේ යෙහෝවා දෙවිය.+ අප බලාපොරොත්තු තැබුවේ ඔහු මතය. ඔහු අපට ගැලවීම ලබා දුන් නිසා අපි බොහෝ සෙයින් ප්‍රීති වෙමු.”+ 10  යෙහෝවා දෙවි තම අතින් මේ කන්ද+ ආරක්ෂා කරන්නේය. නමුත් ගොම ගොඩේ+ පිදුරු දමා පාගන්නාක් මෙන් මෝවබ් දේශය මඩිනු ලබනු ඇත.+ 11  පිහිනුම්කරුවෙකු තම අත්වලින් වතුරට ගසන්නාක් මෙන් දෙවි ඔවුන්ට තදින් පහර දී ඔවුන්ගේ උඩඟුකම+ නැති කර දමන්නේය. 12  දැවැන්ත පවුරුවලින් වට වූ ඔවුන්ගේ සුරක්ෂිත නගරය ඔහු පොළොවටම සමතලා කරනු ඇත.+

පාදසටහන්