යෙසායා 20:1-6

20  තර්තාන්,*+ ඇසිරියාවේ රජු වන සර්ගොන්ගේ අණ පරිදි+ අෂ්දොද්+ නගරයට විරුද්ධව ගොස් යුද්ධ කර එය අල්ලාගත්තේය.+ තර්තාන් අෂ්දොද් නගරයට පැමිණි අවුරුද්දේදී,  යෙහෝවා දෙවි ආමොෂ්ගේ+ පුත් යෙසායාට මෙසේ පැවසුවේය. “ඔබේ පාවහන්ද+ ඉඟ වටා ඇති ගෝණි රෙදිද ගලවා දමන්න.”+ යෙසායාද දෙවි පැවසූ ලෙසම ඇඳුම් සහ පාවහන් නොමැතිව ඇවිද්දේය.+  පසුව යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අවුරුදු තුනක් පුරා මගේ සේවක යෙසායා ඇඳුම් සහ පාවහන් නොමැතිව ඇවිද්දේය. ඔහු කළ ඒ දේ ඊජිප්තුවට+ සහ ඉතියෝපියාවට+ සිදු වීමට නියමිත දේ පිළිබඳව ලකුණක් විය.+  ඇසිරියාවේ රජ පැමිණ ඊජිප්තුවෙන්ද+ ඉතියෝපියාවෙන්ද බාල මහලු සෑම කෙනෙකුගේම ඇඳුම් සහ පාවහන් ගලවා ඔවුන්ව වහලුන් හැටියට රැගෙන යයි. තට්ටම පෙනෙන තරමටම ඊජිප්තුවරුන්ව නිර්වස්ත්‍ර කර ලැජ්ජාවට පත් කරනු ඇත.+  එවිට, ඉතියෝපියාව මත විශ්වාසය තැබූ අයද+ ඊජිප්තුවේ කීර්තිය ගැන මහ ඉහළින් කතා කළ අයද+ ලැජ්ජාවට පත් වී බියෙන් තැතිගනිති.  එවිට වෙරළබඩ තීරයේ වෙසෙන ජනයා මෙසේ කියන බවට නිසැකයි. ‘අපි උපකාරය පතා දිව්වේ මොවුන් වෙතට නොවේද? අපි සිතුවේ ඔවුන් ඇසිරියාවේ රජුගේ අතින් අපිව ගලවාගනියි කියායි!+ දැන් අපිව බේරාගන්නේ කවුද?’”

පාදසටහන්

හෝ, “හමුදාපති.”