යෙසායා 2:1-22

2  ආමොෂ්ගේ පුත් යෙසායාට යූදා සහ යෙරුසලම ගැන ලැබුණු දර්ශනය මෙයයි.+  අවසාන කාලයේදී,+ යෙහෝවා දෙවිගේ ගෘහය+ පිහිටි කන්ද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත්+ හෙල්වලටත්+ වඩා ඉහළින් පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී සියලු ජාතීහු වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය.+  එතැනට යන බොහෝ ජනයා මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+  ඔහු බොහෝ ජාතීන් අතරේ තමාගේ තීන්දු ප්‍රකාශ කරන්නේය.+ ඔහු බොහෝ ජනයන්ගේ+ ගැටලු විසඳා ඔවුන්ව නිවැරදි කරන්නේය.+ ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය.+ ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.+  යාකොබ්ගේ ගෘහයට අයත් ජනයෙනි, එන්න. අපි යෙහෝවා දෙවි දෙන ආලෝකයෙන් ගමන් කරමු.+  දෙවියනි, ඔබ ඔබේ සෙනඟ වන යාකොබ්ගෙන් පැවතෙන්නන්ව අත්හැරියෙහිය.+ මන්ද නැඟෙනහිර දෙසින් ජීවත් වන ජාතීන් කරන දේවල්ම දැන් ඔවුන්ගේ දේශයේ සෑම තැනකම දක්නට තිබේ.+ ඔවුහු පිලිස්තිවරුන් මෙන් මන්ත්‍ර ගුරුකම්වල+ නියැලෙති. වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන අය ඔවුන්ගේ දේශය පුරාම විසිරී සිටිති.+  ඔවුන්ගේ දේශය රන් රිදීවලින්ද වටිනා වස්තුවලින්ද පිරී තිබේ.+ අශ්වයන්ගෙන්ද අශ්ව රථවලින්ද ඔවුන්ට අඩුවක් නැත.+  දේශයේ අස්සක් මුල්ලක් නෑර කිසි කමකට නැති දේවතා රූප තිබේ.+ ඔවුන් නමස්කාර කරන්නේ ඔවුන්ගේම අතින් සෑදූ ඒ රූපවලටය.+  මෙසේ, ඔවුහු තමන්වම නින්දාවට පත් කරගනිති. ඔවුන්ව පහත් කරනු ලබන්නේය. ඔවුන්ට කිසිසේත් සමාව දෙන්න ඔබට නොහැකියි.+ 10  යෙහෝවා දෙවිගේ බලමහිමය නිසාත් ඔහු උදහස් වී සිටින නිසාත් ගල් ගුහාවලට ගොස් බිංගෙවල් සාදා ඒවාහි සැඟවී සිටින්න.+ 11  එහෙත් උඩඟු අයව පහතට හෙළනු ලැබේ. අහංකාර අයව නින්දාවට පත් කරනු ඇත.+ ඒ දවසේදී ගෞරවයට පත් වන්නේ යෙහෝවා දෙවි පමණයි.+ 12  මන්ද එම දවස ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම විනිශ්චය ප්‍රකාශ කරන දවසය.+ තමන්වම උසස් කරගන්නා අයද අහංකාර අයද උස් පහත් භේදයකින් තොරව සියලුම තරාතිරම්වල ජනයාද ඒ දවසට මුහුණ දිය යුතුයි.+ 13  ලෙබනොන්හි තේජවත් දේවදාර ගස්+ හා බාෂාන්හි+ දැවැන්ත ගස් සියල්ලටවත් 14  උස් වූ කඳු හා හෙල් සියල්ලටවත් ඒ දවසෙන් ගැලවී යා නොහැකිය.+ 15  උසට ගොඩනැඟූ සියලුම මුරකොටුද දැවැන්ත පවුරුද+ 16  තර්ෂිෂ් නැව්+ ඇතුළු අනිකුත් විශාල නැව්ද ඒ දවසට මුහුණ දිය යුතුයි. 17  ඒ දවසේදී උඩඟු වූ සියලුම මිනිසුන්ව පහත් කරනු ලැබේ. අහංකාර වූ සියලුදෙනාව නින්දාවට පත් කරනු ඇත.+ යෙහෝවා දෙවිට පමණක් ගෞරවයද ප්‍රශංසාවද ලැබෙන්නේය.+ 18  බොරු දෙවිවරුන්ගේ රූප සියල්ලම දේශයෙන් තුරන් කරනු ලබයි.+ 19  යෙහෝවා දෙවි පැමිණෙද්දී මුළු පොළොවම දෙදරුම් කයි.+ ඔහුගේ බලමහිමය+ නිසාත් ඔහුගේ උදහස නිසාත් ජනයා ගල් ගුහාවලටත් බිංගෙවල්වලටත් දුව ගොස් සැඟවෙන්න උත්සාහ කරති. 20  ඒ දවසේදී, මිනිස්සු තමන් රන් රිදීවලින් සාදාගත් කිසි කමකට නැති දේවතා රූප මීයන් හා වවුලන් සිටින ස්ථානවලට විසි කර දමති.+ 21  ඔවුහු යෙහෝවා දෙවිගේ බලමහිමය+ නිසාත් ඔහුගේ උදහස නිසාත් භය වී ගල් ගුහා දෙසටත් පර්වත දෙසටත් දුව ගොස් සැඟවෙනු ඇත. මන්ද ඔහු පැමිණෙද්දී මුළු පොළොවම දෙදරුම් කන්නේය. 22  එබැවින් මිනිසා කෙරෙහි විශ්වාසය නොතබන්න. ක්ෂණයකින් හුස්ම නික්ම වී යන+ මිනිසා කෙරෙහි විශ්වාසය තැබීමෙන් පලක් තිබේද?+

පාදසටහන්