යෙසායා 18:1-7

18  ඉතියෝපියාවේ+ ගංගා අසල පිහිටි පළඟැටියන්ගෙන්* පිරි දේශය පිටටත් මහත් විපතක් පැමිණෙයි!  එහි වැසියෝ මුහුද මාර්ගයෙන් පණිවිඩකරුවන්ව+ යවති. ඔවුහු එම පණිවිඩකරුවන්ව පැපිරස් බටවලින් සෑදූ බෝට්ටුවලින් පිටත් කර යවා මෙසේ කියති. “වේගවත් පණිවිඩකරුවෙනි, ගංවතුරට සේදී ගිය දේශයක වෙසෙන සිනිඳු අත් පා හා උස් වූ ශක්ති සම්පන්න ශරීර ඇති සෙනඟක් වෙතට යන්න. අන්‍යයන්ව පාගා දමා සියලු ජාතීන් තුළ බිය උපදවන ඒ සෙනඟට මේ පණිවිඩය කියන්න.”+  දේශයේ සියලු වැසියෙනි,+ පොළොවේ ජනයෙනි, කඳු මුදුනක සිටෙවූ කොඩියක් පැහැදිලිව දකින්නා සේ ඔබට ලකුණක් දකින්න ලැබෙයි.+ හොරණෑවක්+ පිඹින්නා සේ හඬක් ඔබට ඇසෙයි.  අස්වැන්න නෙළන කාලය එන තුරු වගාබිම් හිරු රැස්වලින්+ හා පිනි බිඳුවලින්+ පෝෂණය වීමට ඉඩ දෙන්නා සේ මාගේ තෝරාගත් ස්ථානය දෙස මම නිහඬව බලා සිටින්නෙමි.+  නමුත් අස්වැන්න නෙළීමට පෙර එනම්, මිදි මල් පිපී පල දැරූ පසු යමෙක් පැමිණ දෑකැත්තකින් මිදිවැල කප්පාදු කරන්නා සේ මම එතැනට පැමිණ පියවර ගන්නෙමි.+  ඒ සියල්ල කඳුවල වෙසෙන පක්ෂීන්ටත් පොළොවේ සැරිසරන වනමෘගයන්ටත් ගොදුරක් වනු ඇත.+ අස්වැන්න නෙළන ගිම්හාන කාලය පුරාම පක්ෂීහුද වනමෘගයෝද එයින් පෝෂණය වෙති.+  “ඒ කාලයේදී, ගංවතුරට සේදී ගිය දේශයක වෙසෙන සිනිඳු අත් පා හා උස් වූ+ ශක්ති සම්පන්න ශරීර ඇති සෙනඟක් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට තෑග්ගක් රැගෙන එන්නෝය.+ අන්‍යයන්ව පාගා දමා සියලු ජාතීන් තුළ බිය උපදවන ඒ සෙනඟ එම තෑග්ග රැගෙන එන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමය දරන සියොන් කන්ද වෙතටයි.”+

පාදසටහන්

මූ.අ., “ගුමු හඬ නඟන කෘමීන්.”