යෙසායා 16:1-14

16  මෝවබ් දේශයේ වැසියෙනි, සේලා සිට පාළුකරය හරහා ගොස් සියොන් කන්දේ+ පිහිටි නගරයේ වෙසෙන පාලකයා අතට බැටළුවෙකුව භාර දෙන්න.+  මෝවබ් වැසියෝ කැදැල්ලෙන් පන්නා දමන ලද කුරුල්ලන් මෙන්+ ආනොන්+ ඔයේ තොටුපළ අසල අසරණව සිටිති.  “ජනයෙනි, යෝජනාවක් ඉදිරිපත් කරන්න. යම් තීරණයක් ගන්න.+ “ඉර මුදුන් වන වේලාවේදී රාත්‍රිය තරම් අඳුරු වූ සෙවණැල්ලකින් ආරක්ෂාව ලබා දෙන්න.+ පලා යන අයව සඟවාගන්න.+ ඔවුන්ව පාවා නොදෙන්න.+  මෝවබ්+ දේශයේ වැසියෙනි, මගේ දේශයෙන් පලා ගිය අයට ඔබේ දේශයේ රැකවරණය දෙන්න. ඔවුන්ව විනාශ කරන්න එන අයගෙන් ඔවුන්ව ආරක්ෂා කරගන්න.+ මන්ද තව කෙටි කලකින් ඔවුන්ට පීඩා කරන්නා විනාශ වී යනු ඇත. ඔවුන් අද්දකින පීඩාද නිමා වෙයි. අනුන්ව පාගා දමන අයව පොළොවෙන් තුරන් කරනු ඇත.+  “ප්‍රේමය* මගින් සිංහාසනයක් ස්ථිරව පිහිටවනු ඇත.+ දාවිත්ගේ කූඩාරමෙන් පැමිණෙන රජෙක්+ ඒ මත හිඳ විශ්වාසවන්තකමින් පාලනය කරයි. ඔහු යුක්තිය ඉටු කිරීමට සොයමින් විනිශ්චය කරන්නේය. ඔහු හරි දේ කිරීමටද ප්‍රමාද නොවන්නේය.”+  මෝවබ්වරුන්ගේ උඩඟුකම ගැන අප අසා ඇත. ඔවුන් ඉතා අහංකාරය.+ ඔවුන්ගේ උද්ධච්චකමද කෝපයද පහ වී යයි.+ ඔවුන් පුරසාරම් දොඩමින් පවසන දේවල් නිකම්ම හිස් වචන පමණි.+  මෝවබ් දේශයේ සෑම වැසියෙක්ම ඔවුන්ට සිදු වූ විපත ගැන හඬා වැලපෙති.+ කිර්-හරෙසෙත්+ නගරයේ වියළි මිදි ගැන සිතා ඔවුහු දුක් වෙති.  හෙෂ්බොන්+ නගරයේ කෙත් මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයෝ ඇවිත් සිබ්මා+ නගරයේ පලවලින් බර වූ මිදිවැල් කපා දමා ඇත. එම මිදිවැල් යාසෙර්+ නගරයද පාළුකරයද මුහුද දක්වාද විහිදී ඉතා සරුසාරව වැඩුණත් දැන් ඒ සියල්ල විනාශ වී ඇත.  මම යාසෙර් නගරය ගැන හඬා වැලපෙන ලෙසම සිබ්මා නගරයේ මිදි වගාව ගැනද හඬා වැලපෙමි.+ හෙෂ්බොන්+ හා එලෙයාලෙ+ නුවරේ වැසියෙනි, මගේ දෙනෙතින් කඩා හැළෙන කඳුළුවලින් ඔබේ නුවර තෙමී යයි. මන්ද ගිම්හාන කාලයේදීත් අස්වැන්න නෙළන කාලයේදීත් ප්‍රීති නාද වෙනුවට දැන් ඇසෙන්නේ කෑගසන ශබ්දය පමණි.+ 10  පලතුරු උයන්වලින්ද මිදිවතුවලින්ද දැන් ප්‍රීති නාද ඇසෙන්නේ නැත.+ මිදි යන්ත්‍රවලින් මිදියුෂ පෙරන්නේවත්+ ඒ අසල ප්‍රීති ඝෝෂා නඟන්නේවත් නැත.+ 11  වීණාවක තත් දෙදරන්නාක් මෙන් මෝවබ් දේශය නිසාත්+ කිර්-හරෙසෙත් නගරය නිසාත් මගේ හද කම්පා වෙයි.+ 12  මෝවබ්වරු දේවස්ථානයට+ ගොස් යාච්ඤා කර වෙහෙසට පත් වී ඇත. ඔවුන් ශුද්ධස්ථානයට ගොස් යාච්ඤා කළත්+ එයින් කිසි පලක් වුණේ නැත.+ 13  යෙහෝවා දෙවි මෝවබ් දේශයට විරුද්ධව කලින් දුන් තීන්දුව එයයි. 14  යෙහෝවා දෙවි දැන් මෙසේ පවසයි. “කුලීකරුවෙකුගේ සේවා කාලය නිම වන දවස නිශ්චිත වන්නාක් මෙන්+ තව අවුරුදු තුනකින් මෝවබ්වරුන්ගේ කීර්තිය+ පහ වී යෑමට නියමිතයි. ඔවුන්ව නින්දාවට පත් කරන අතර දේශයේ මහත් කෝලහලයක් ඇති වෙයි. ඔවුන්ගෙන් ඉතුරු වන්නේ ඉතා දුර්වල වූ අතළොස්සක් පමණි.”+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”