යෙසායා 15:1-9

15  මෝවබ් දේශයට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ මෝවබ් දේශයේ ආර්+ නගරයද කිර්+ නගරයද එක රැයකින් විනාශ කර දමනු ඇත.  එහි වැසියෝ දේශයේ දේවස්ථානය වෙතටත් දීබොන්+ නගරය අසල පිහිටි දේවස්ථාන වෙතටත් ගොස් වැලපෙති. නෙබෝ+ හා මේදෙබා+ නගර ගැනද මෝවබ්වරු වැලපෙති. එහි සියලු වැසියෝ හිස මුඩු කරගෙන රැවුල් කපාගෙන සිටිති.+  ඔවුහු ගෝණි රෙදි ඇඳගෙන+ වීථිවල සැරිසරති. ජනයා පියස්ස මතත්+ මංසන්ධිවලත් හිඳගෙන බොහෝ සෙයින් හඬා වැලපෙති.+  හෙෂ්බොන් සහ එලෙයාලෙ+ නගරවල වැසියන් වැලපෙන හඬ යහෂ්+ නගරය දක්වාම ඇසෙයි. මෝවබ් දේශයේ සෙබළු පවා කෑගසති. මුළු මහත් සෙනඟම බියෙන් වෙවුලති.  මෝවබ්වරුන් ගැන මගේ සිතත් කම්පා වෙයි.+ නගරයේ වැසියෝ ෂොවර්+ සහ එග්ලත්-ෂෙලීෂියා+ දක්වාම පලා යති. ජනයා හඬහඬා ලූහිත්+ වෙතට නැඟ යති. ඔවුහු තමන්ට සිදු වූ විපත ගැන හෝරනායිම්ට+ යන මඟ දිගේ විලාප නඟති.  මන්ද නිම්රිම්+ ඔයේ ජලය මුළුමනින්ම සිඳී ගොස් ඇත. තණ ගස් වියළී ගොස් ඇති අතර සියල්ල කාන්තාරයක් මෙන් වී ඇත.+  ඔවුහු තමුන්ගේ දේපළවලින් ගෙන යා හැකි දේ රැගෙන විලෝ ගස් වැවී ඇති ඔය හරහා පලා යති.  මුළු මෝවබ්+ දේශය පුරාම එනම්, එග්ලයිම් සිට බෙයර්-එලීම් දක්වාම ඇසෙන්නේ මොරගැසීමේ හඬ පමණි.  මන්ද දීමොන් අසල ඇති දිය පහරවල් ලෙයින් පිරී ඇත. එපමණක්ද නොව, මෝවබ් දේශයෙන් පලා යන අයවත් දේශයේ ඉතුරුව සිටින සෙනඟවත් ගොදුරු කරගන්න මම දීමොන් නගරයට සිංහයන්ව එවන්නෙමි.+

පාදසටහන්