යෙසායා 14:1-32

14  එහෙත් යෙහෝවා දෙවි යාකොබ්ට දයාව පෙන්වා+ ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් තම සෙනඟ ලෙස තෝරාගනු ඇත.+ ඔවුන්ට තමන්ගේ දේශයේ සුවසේ ජීවත් වීමට ඔහු ඉඩ සලසා දෙයි.+ විදේශිකයෝද යාකොබ්ගේ සෙනඟ වෙතට පැමිණ ඔවුන් සමඟ එකමුතුව වාසය කරති.+  ඊශ්‍රායෙල්වරුන්ව තමන්ගේම දේශය වෙතට ගෙන යන්නේ වෙනත් ජාතීන්ට අයත් ජනයායි. යෙහෝවා දෙවිගේ දේශයට පැමිණි පසු ඊශ්‍රායෙල් ජනයා එම ජාතීන්ව තමන්ගේ සේවක සේවිකාවන් ලෙස අයිති කරගනිති.+ ඔවුහු තමන්ව යටත් කරගෙන සිටි අයවද තමන්ගෙන් වැඩ ගත් අයවද යටත් කරගන්නෝය.+  ඔබ වින්ද වේදනාවලින්ද පීඩාවලින්ද වහලුන්ව සිටියදී කළ බර වැඩවලින්ද යෙහෝවා දෙවි ඔබව නිදහස් කරන දවසේදී,+  බැබිලෝනියේ රජුට විරුද්ධව මේ උපහාස වදන් පැවසිය යුතුයි. “අනුන්ට හිංසා පීඩා කර බලහත්කාරයෙන් වැඩ ගත් රජුට සිදු වූ දේ බලන්න!+  යෙහෝවා දෙවි දුෂ්ටයන්ගේ දණ්ඩද පාලකයන්ගේ සැරයටියද බිඳ දැමුවේය.+  නොනවත්වාම අනුන්ට පහර දෙමින් තම කෝපය පිට කළ තැනැත්තාව ඔහු විනාශ කළේය.+ මහත් උදහසෙන් ජාතීන්ව යටත් කරගෙන, ඉවක් බවක් නොමැතිව ඔවුන්ට පීඩා කළ එම තැනැත්තාව ඔහු පහ කර දැමුවේය.+  මුළු දේශයම දැන් නිස්කලංක වී ඇත.+ සතුරු උවදුරුවලින් නිදහස් වී ඇත. එහි වැසියෝ ප්‍රීතියෙන් ගී ගයන්නෝය.+  ජුනිපර් ගස්+ පවා ඔහුට සිදු වූ දේ දැක ප්‍රීති වෙයි. ලෙබනොන්හි දේවදාර ගස්ද, ‘ඔබ මිය ගිය නිසා දැන් අපිව කපා දමන්න කවුරුත් එන්නේ නැහැ’+ කියා පවසමින් සතුටු වෙයි.  “මිනී වළ+ පවා ඔබ එන බව දැක පුදුම වී ඇත! එය ඔබව පිළිගැනීමට මිය ගිය අයව නැඟිටුවන්නේය.+ එළුවන් ලෙස ක්‍රියා කළ කෲර පාලකයෝ+ නැඟිට ඔබව පිළිගැනීමට සූදානමින් සිටිති. ජාතීන්ගේ රජවරුද සිංහාසනවලින් නැඟිට ඔබ එන තුරු බලා සිටිති.+ 10  ඒ සියලුදෙනා ඔබට මෙසේ කියනු ඇත. ‘ඔබත් අපි වගේම කිසිවක් කරකියාගත නොහැකි තත්වයකට පත් වුණාද?+ ඔබත් අපි සිටින ස්ථානයටම ආවාද?+ 11  ඔබේ මුළු මහත් තේජස දැන් මිනී වළට ඇද වැටී ඇත. ඔබේ මියුරු ගී නාදත් පහව ගොස් ඇත.+ ඔබට වැතිරෙන්න සිදු වී ඇත්තේ පණුවන් මතය. ඔබේ පොරෝනය වී ඇත්තේද පණුවන්ය.’+ 12  “දීප්තියෙන් බැබළෙන තාරකාවක් හා අලුයමේ පුත්‍රයෙකුව සිටි ඔබ අහසින් කඩා වැටුණු හැටි බලන්න!+ අනේ, ජාතීන්ව බෙලහීන කළ+ ඔබව පොළොවට ඇද දැමූ හැටි!+ 13  ඔබ සිතාගෙන සිටියේ මෙලෙසයි. ‘මම අහසට නඟින්නෙමි.+ දෙවිගේ තාරකාවලටත්+ වඩා ඉහළට නැඟ මගේ සිංහාසනය පිහිටුවන්නෙමි.+ දේශයේ උතුරු කෙළවරට+ ගොස් සෙනඟ රැස් වෙන කන්දේ හිඳගෙන මම පාලනය කරන්නෙමි.+ 14  මම වලාකුළුත් පසු කරගෙන ඉහළටම නැඟ+ මහෝත්තම දෙවිට සමාන වන්නෙමි.’+ 15  “නමුත් ඔබව මිනී වළට හෙළා දමනු ඇත.+ ඔබ පොළෝගැබේ පාළුම තැන්වලට යන්නෙහිය.+ 16  ඔබව දකින අය දෑස් ලොකු කරගෙන ඔබ දෙස බලා මෙසේ පවසති. ‘පොළොවත් එහි රාජ්‍යයනුත් සෙලවූ තැනැත්තා මොහු නොවේද?+ 17  සරුසාර පොළොව පාළු කාන්තාරයක් බවට පත් කර එහි නුවරවල් යටත් කරගත්තෙත්+ වහලුන්ව කිසිදා නිදහස් නොකළෙත් මොහු නොවේද?’+ 18  අන් සියලු රජවරුන්ගේ මළ සිරුරු ගෞරවනීය ලෙස තම සොහොන් ගෙවල්වල තැන්පත් කර ඇත.+ 19  නමුත් ඔබව තැන්පත් කිරීමට ස්ථානයක් නැත. ගසකින් කපා ඉවත දමන අනවශ්‍ය අත්තක් මෙන් ඔබේ මළ සිරුරද පැත්තකට විසි කර දමා ඇත.+ ඔබ පයට පෑගී ගිය මළ සිරුරක් මෙන් වන්නෙහිය.+ ඔබ කඩුවෙන් මැරුම් කා, වළකට විසි කර දැමූ, මළ කඳන්වලට යට වී ගිය සෙබළෙකු මෙනි.+ 20  ඔබ ඔබේම දේශය විනාශ කර ඔබේම සෙනඟව මරණයට පත් කළ නිසා රජවරුන් සමඟ ඔබව තැන්පත් කරන්නේ නැත. දුෂ්ටයන්ගෙන් පැවතෙන දරුදැරියන්ගේ නම් යළි කිසිදා සඳහන් නොකරනු ඇත.+ 21  “ජනයෙනි, ඔහුගේ පුත්‍රයන්ව මරා දැමීමට සූදානම් වෙන්න. මන්ද ඔවුන්ගේ මුතුන්මිත්තන් කළ වැරදි නිසා ඔවුන්ව මරා දැමිය යුතුයි.+ එසේ නොකළොත් ඔවුහු නැවත නැඟී සිට මුළු පොළොවම යටත් කරගෙන එහි සෑම තැනකම ඔවුන්ගේ නුවරවල් ගොඩනඟා ගනු ඇත.”+ 22  “මම ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය. “බැබිලෝනිවරුන්ගෙන් කිසිවෙක් බේරී ජීවත් වන්නේ නැත.+ ඔවුන්ගේ දරු මුනුපුරන්වත් බැබිලෝනිය යන නාමයවත් මම ඉතුරු නොකරන්නෙමි”+ කියාද යෙහෝවා දෙවි පවසන්නේය. 23  “මම ඒ දේශය මුළුමනින්ම අතු ගා දමන්නෙමි. එය ඉත්තෑවුන් ලගින තැනක් බවටද වගුරුබිමක් බවටද පත් කරන්නෙමි.”+ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. 24  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ පොරොන්දුව+ මෙයයි. “මා තීරණය කළ දේ අනිවාර්යයෙන්ම ඉටු වනු ඇත. මා අරමුණු කළ දේ එලෙසම සිදු වනු ඇත.+ 25  මම ඇසිරියානු රජුව මගේ දේශයේදීම යටත් කරන්නෙමි.+ මගේ කන්දේ සිට ඔහුව පාගා දමා+ මගේ සෙනඟ මත ඔහු තැබූ වියගහද ඔවුන් මත පැටවූ බරද අහක් කර දමන්නෙමි.”+ 26  මුළු පොළොවට විරුද්ධව දෙවි ගත් තීරණය එයයි. සියලු ජාතීන්ට විරුද්ධව දෙවි තම බලය පෙන්වන්නේ එලෙසයි. 27  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි අරමුණු කළ දේ+ නිෂ්ඵල කළ හැක්කේ කාටද?+ ඔහුගේ බලවත් හස්තයට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ 28  මේ තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ ආහස් රජු මිය ගිය+ අවුරුද්දේදීය. 29  “පිලිස්තිවරුනි,+ ඔබට පහර දුන් තැනැත්තාගේ සැරයටිය බිඳුණු නිසා+ ප්‍රීති නොවන්න.+ මන්ද ඒ සර්පයා වෙතින්+ විෂ සර්පයෙක් නික්මෙන්නේය.+ ඒ සර්පයා පොළඟෙකු මෙන් පැන පැන පහර දෙනු ඇත.+ 30  නමුත් යටහත්පහත් ජනයාගේ කුලුඳුලන්ද දුප්පතුන්ද හොඳින් කා බී කිසි බියක් සැකක් නැතුව සුව සේ වාසය කරනු ඇත.+ එහෙත් ඔබේ දරුවන්ට සිදු වන්නේ සාගින්නෙන් මැරෙන්නයි. ඔබෙන් ඉතුරු වන සෙනඟ මැරුම් කනු ඇත.+ 31  නුවර දොරටුව අසල සිට විලාප නඟන්න! නගරයේ වැසියෙනි, මොරගසන්න! පිලිස්තිවරුනි, තැති ගන්න! මන්ද උතුරෙන් දුමක් නඟින්නේය. සතුරු හමුදාව එකට එකතු වී ඔබ වෙතට පැමිණෙනු ඇත.”+ 32  ජාතීන් ඔබ වෙතට එවන පණිවිඩකරුවන්ට පිළිතුරු දෙන්නේ කෙසේද?+ යෙහෝවා දෙවි සියොන් නුවරේ අත්තිවාරම දමා තිබෙන බවත්+ ඔහුගේ සෙනඟ අතරේ පීඩා විඳින අය රැකවරණය ලබාගන්නා පිණිස එතැනට යන බවත් ඔවුන්ට කියන්න.

පාදසටහන්