යෙරෙමියා 47:1-7

47  පිලිස්තිවරුන් ගැනද අනාගතවක්තෘ යෙරෙමියාට යෙහෝවා දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.+ මෙය ලැබුණේ පාරාවෝ විසින් ගාසා නම් නගරය විනාශ කිරීමට පෙරය.+  යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “උතුරු දෙසින්+ මහා ජල ධාරාවක් ගලා ඇවිත්+ මුළු දේශයම ජලයෙන් යට කර දමනු ඇත. නගරයත් එහි වැසියොත් එහි ඇති සියලු දේත් ජලයෙන් වැසී යනු ඇත.+ මනුෂ්‍යයෝ හඬා වැලපෙන්නෝය. දේශයේ වැසියෝ විලාප නඟන්නෝය.+  සතුරු සේනාවේ අශ්වයන්ගේ කුර ගැටීමේ ශබ්දයත්+ යුධ රථවලින් නැඟෙන මහා ඝෝෂාවත්+ කැරකැවෙන රෝදවලින් නික්මෙන බියකරු හඬත්+ නිසා සියලුදෙනා භීතියට පත් වන්නෝය. තමන්ගේ දරුවන්ව බේරාගැනීමට තරම්වත් පියවරුන්ට දිරියක් නැතුව ඔවුහු හිස හැරුණු අත පලා දුවන්නෝය.  ඔවුන් එවැනි තත්වයකට පත් වන්නේ තීර්+ සහ සීදොන්හි+ වෙසෙන අයට උපකාර කිරීමට ඉතුරුව සිටි+ පිලිස්තිවරුන් සියලුදෙනාව විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+ එනම්, කප්තෝර් දූපතේ සිට පැමිණි අයගෙන් ඉතුරුව සිටින+ පිලිස්තිවරුන්ව යෙහෝවා දෙවි සම්පූර්ණයෙන්ම විනාශ කරන දවස පැමිණ ඇති නිසාය.+  ගාසා නගරය+ දුකින් හඬා වැලපෙන කාලයක් පැමිණෙන්නේය.*+ අෂ්කෙලොන් නගරය+ පාළුවට ගිය නටබුන් ගොඩක් බවට පත් වන්නේය. එහි තැනිතලාවල වෙසෙන්නෙනි, ඉතුරුව සිටින ජනයෙනි, ඔබ කොපමණ කාලයක් ඔබේ ශරීර කපාගනිමින් ශෝකය ප්‍රකාශ කරන්නහුද?+  “යෙහෝවා දෙවිගේ අසිපත,+ ඔබ නිහඬ වෙන්නේ කවදාද? ඔබේ කොපුවට ඇතුල් වී+ නිශ්චලව සිටින්න.  “අෂ්කෙලොන් නගරයටත් මුහුදුබඩ ප්‍රදේශයටත් පහර දෙන ලෙස+ යෙහෝවා දෙවි එයට අණ දී තිබේ. දෙවි එසේ අණ දී තිබියදී එය නිහඬව සිටින්නේ කෙසේද?”

පාදසටහන්

මූ.අ., “ගාසා නගරයට මුඩුකම පැමිණෙන්නේය.”