යෙරෙමියා 24:1-10

24  බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්, යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ යූදාහි රජු වන යෙකොනියාවද යූදාහි අධිපතීන්වද කැටයම්කරුවන්වද+ පවුරු ඉදි කරන්නන්වද යෙරුසලමේ සිට බැබිලෝනියට+ වහලුන් ලෙස රැගෙන ගිය පසු+ යෙහෝවා දෙවි මට දර්ශනයක් පෙන්වූවේය. යෙහෝවා දෙවිගේ මාලිගාව ඉදිරියේ අත්තික්කාවලින් පිරුණු කූඩ දෙකක් තිබුණේය.  මුල් වාරයේ හටගන්නා අත්තික්කා ගෙඩි මෙන් හොඳ අත්තික්කා එහි එක් කූඩයක තිබුණු අතර+ අනික් කූඩයේ තිබුණු අත්තික්කා කෑමට ගත නොහැකි තරමටම නරක් වී තිබුණේය.  එවිට, “යෙරෙමියා, ඔබට පෙනෙන්නේ කුමක්ද” කියා යෙහෝවා දෙවි මගෙන් ඇසුවේය. මම මෙසේ පිළිතුරු දුනිමි. “අත්තික්කා ගෙඩිවලින් පිරුණු කූඩ දෙකක් මට පෙනෙනවා. එක් කූඩයක් ඉතා හොඳ අත්තික්කා ගෙඩිවලින් පිරී තිබෙනවා. නමුත් අනික් කූඩයේ තිබෙන්නේ කන්න බැරි තරමටම නරක් වූ අත්තික්කා ගෙඩියි.”+  එවිට යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය.  “ඊශ්‍රායෙල්හි දෙවි යෙහෝවා වන මම මෙසේ පවසමි. ‘මා යූදා දේශයේ සිට කල්දිවරුන්ගේ දේශයට පිටමං කළ අයව+ සලකන්නේ කූඩයේ තිබෙන හොඳ අත්තික්කා ගෙඩි හා සමානවය.+  මම ඔවුන්ව හොඳින් රැකබලා ගෙන+ නැවත මේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුන්ව නැවත නඟා සිටුවන්නෙමි. ඔවුන්ව නැවත බිඳ දැමිය නොහැකි සේ ස්ථිරව සිටුවන්නෙමි. ඔවුන්ව නැවත උදුරා නොදමන්නෙමි.+  මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක් මම ඔවුන්ට ලබා දෙන්නෙමි.+ ඔවුන් මුළු හදවතින්ම මා වෙතට හැරී එන නිසා+ මාගේ සෙනඟ ලෙස මම ඔවුන්ව පිළිගන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.’  “යෙහෝවා දෙවි වන මම මෙසේද පවසමි. ‘කෑමට ගත නොහැකි තරම් නරක් වූ අත්තික්කා ගෙඩිවලට සිදු වන දේම+ මම යූදාහි රජු වන ශෙදකියාටත්+ ඔහුගේ අධිපතීන්ටත් සිදු වීමට සලස්වමි. එමෙන්ම යෙරුසලමේ වැසියන්ගෙන් මේ දේශයේ+ සහ ඊජිප්තු දේශයේ+ ඉතුරුව සිටින අයටත් ඒ දේම සිදු වීමට සලස්වමි.  මම ඔවුන් පිටට ගෙනෙන විපත්තිය නිසා පොළොවේ සිටින සියලු රජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ වෙනත් ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වනු ඇත. ඔවුන්ව විසුරුවාහරින ලද දේශවල වෙසෙන ජනයා+ ඔවුන්ට අපහාස කරමින්+ ශාප කරනු ඇත.+ 10  මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් ඔවුන්ටත් දුන් දේශයෙන් ඔවුන් තුරන් වී යන තුරුම+ මම ඔවුන්ට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතයෙන්ද+ පහර දෙමි.’”

පාදසටහන්