යාකොබ් 3:1-18

3  මාගේ සහෝදරයෙනි, ගුරුවරුන් වන අපට වඩාත් බරපතළ විනිශ්චයක් ලැබෙන බව දන්නා නිසා+ ඔබ අතරෙන් බොහෝදෙනෙකු ගුරුවරුන් වීමට ඉක්මන් නොවිය යුතුයි.+  මන්ද අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි.*+ යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම්+ මුළු ශරීරයම හොඳින් පාලනය කරන, කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන.+  උදාහරණයකට අශ්වයන්ව මෙල්ල කරගැනීමට+ අප උන්ට කටකලියා+ දමන විට උන්ගේ මුළු ශරීරයම මෙල්ල කර තබාගැනීමට අපට පුළුවන.  නැවක් කොතරම් විශාල වුණත් ඉතා කුඩා සුක්කානමකින් ඒ නැව තමන්ට කැමති දිශාවකට හරවාගන්න නියමුවාට හැක.+ නැව තද සුළඟකින් ගසාගෙන යන විටදීද ඔහුට එය කළ හැක.  එලෙසම දිවද කුඩා අවයවයකි. නමුත් එය ලොකුවට පුරසාරම් දොඩයි.+ ඉතා විශාල වනාන්තරයකට පවා ගිනි තැබීමට අවශ්‍ය වන්නේ මොන තරම් කුඩා ගිනිපුපුරක්ද!  දිවද ගින්නකි.+ එය අධර්මිෂ්ඨකමින් පිරුණු අවයවයකි. එයින් මුළු ශරීරයටම කැළැලක් ඇති වන අතර+ එයට කෙනෙකුගේ ජීවිතය පවා විනාශ කර දැමිය හැකියි. එයින් සිදු වන විනාශය ගෙහෙන්නාවේ* සිදු වන විනාශයට සමානය.  මිනිසාට ඕනෑම වනසතෙකුව, කුරුල්ලෙකුව, බඩ ගා යන සතෙකුව හෝ මුහුදේ සැරිසරන සතෙකුව මෙල්ල කළ හැකියි. එසේ මෙල්ල කර තිබෙන බව කවුරුත් දන්නා දෙයකි.+  නමුත් දිව මෙල්ල කිරීමට සමත් මිනිසෙකු මෙලොවෙහි නැත. දිව නොහික්මුණු, හානිකර දෙයක් වන අතර එය මාරාන්තික විෂවලින් පිරී තිබේ.+  එයින් අපි අපගේ පියාණන්+ වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන අතරම,+ “දෙවි හා සමාන ගතිලක්ෂණ” ඇතුව සාදා ඇති මිනිසුන්ට+ විරුද්ධව නපුරු දේවල්ද පවසන්නෙමු.+ 10  ඒ අනුව එකම මුවින් ප්‍රශංසාවත් ශාපයත් පිට වෙයි. මාගේ සහෝදරයෙනි, එවැනි දේවල් සිදු වීම කිසි ලෙසකින්වත් සුදුසු වන්නේ නැත.+ 11  එකම දිය උල්පතින්+ මිහිරි මෙන්ම තිත්ත දිය නික්මෙයිද? 12  මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගසකට ඔලීව පල දරන්නවත් මිදිවැලකට අත්තික්කා පල දරන්නවත් හැකිද?+ ලුණු මිශ්‍ර උල්පතකින් නැවුම් ජලය කිසිදා නික්මෙන්නේ නැත. 13  ඔබ අතරෙහි ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් සිටීද? එසේ සිටී නම් ඔහු ඒ බව තම යහපත් හැසිරීමෙන්ද තමන් තුළ තිබෙන ප්‍රඥාව නිසා ඇති වන මෘදු ක්‍රියාවලින්ද ඔප්පු කර පෙන්විය යුතුයි.+ 14  නමුත් ඔබේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාවක් තිබේද?+ ඔබ විවාදශීලී කෙනෙක්ද?+ එසේනම් පුරසාරම් දෙඩීමට ඔබට නුපුළුවන.+ සත්‍යයට විරුද්ධව බොරු නොකියන්න.+ 15  ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු තුළ එවැනි දේවල් දක්නට නොලැබිය යුතුයි.+ එම ප්‍රඥාව නැති අය තුළ මෙලොවට සීමා වූ,+ තිරිසන් ගති සහ භූතයන්ගේ ගතිලක්ෂණ දක්නට ලැබේ.+ 16  මන්ද ඊර්ෂ්‍යාව+ ඇති විවාදශීලී කෙනෙකු තුළ වියවුලද සියලු ආකාර පිළිකුල් දේවල්ද දක්නට ලැබේ.+ 17  නමුත් ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව+ තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය.+ එසේම ඔහු සාමකාමීය.+ ඔහු සාධාරණ ලෙස කටයුතු කරන,+ කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටින කෙනෙකි.+ ඔහු සියලුදෙනාටම එක හා සමානව සලකයි.+ ඔහු කුහකකමින් තොර මිනිසෙකි.+ 18  මීට අමතරව සමාදානය ඇති වන අයුරින් ක්‍රියා කරන අය+ එම සාමකාමී+ වාතාවරණය තුළ ධර්මිෂ්ඨකම+ නමැති පල නෙළාගනු ඇත.+

පාදසටහන්

මූ.අ., “පය පැකිළී වැටෙයි.”
යෙරුසලමෙන් පිටත කසළ පුලුස්සා දැමීම සඳහා භාවිත කළ ස්ථානය. උපග්‍ර. 2 බලන්න.