යාකොබ් 2:1-26

2  මාගේ සහෝදරයෙනි, අපගේ තේජවත් ස්වාමීන්+ වන යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් පිළිපදින අතරම ඔබ ඇතැම් අයට විශේෂ සැලකිල්ලක් දක්වමින් සිටිනවාද?+  රන් මුදු හා අනර්ඝ වස්ත්‍ර පැළඳ සිටින මිනිසෙකු හා කිලිටි වස්ත්‍ර පැළඳ සිටින දිලිඳු මිනිසෙකු+ ඔබ රැස්ව සිටින ස්ථානයකට පැමිණි විට,+  අනර්ඝ වස්ත්‍ර පැළඳ සිටින තැනැත්තාට ඔබ විශේෂ සැලකිල්ලක් දක්වමින්,+ “ඔබ මෙහි හොඳ තැනක ඉඳගන්න” කියා පැවසුවත් ඔබ දිලින්දාට පවසන්නේ, “මෙතනට වී සිටගෙන සිටින්න” කියා හෝ, “මාගේ පා පුටුව ළඟ ඉඳගන්න” කියාද?  ඔබ අතරේ පන්ති භේද තිබෙනවා නොවේද?+ ඔබ දුෂ්ට ආකාරයකින් තීරණ ලබා දෙන+ විනිශ්චයකරුවන් බවට පත්ව සිටිනවා නොවේද?+  මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, සවන් දෙන්න. දෙවි තෝරාගත්තේ මේ ලෝකය විසින් දිලිඳු ලෙස සලකනු ලබන අයව නොවේද?+ දෙවි එවැනි අයව තෝරාගත්තේ ඔවුන් තුළ ඇති විශ්වාසය මගින් ඔවුන්ව ධනවත් කිරීම සඳහාය.+ එසේම දෙවිට ප්‍රේම කරන අයට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමයක් ලබා දීම සඳහාය.+  නමුත් ඔබ දිලිඳු අයට කිසි ගෞරවයක් දක්වන්නේ නැත. එසේවුවත් ඔබට පීඩා කරමින්+ ඔබව උසාවිවලට ඇදගෙන යන්නේ ධනවතුන් නොවේද?+  ඔබ දරන උතුම් නාමයට+ අපහාස කරන්නෙත් ඔවුන්ම නොවේද?+  ඇත්තෙන්ම ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දේට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න”+ යන රාජකීය නීතිය+ ඔබ පිළිපදිනවා නම් ඔබ කරන්නේ යහපත් දෙයකි.  නමුත් ඔබ දිගටම ඇතැම් අයට විශේෂ සැලකිල්ලක් දක්වනවා නම්+ ඔබ කරන්නේ පාපයකි. මන්ද නීතියෙහි සඳහන් වී ඇති දේට අනුව+ ඔබ වරදකරුවන් බව පැහැදිලි වෙයි. 10  කෙනෙක් මුළු නීතියම පිළිපැද්දත් එක් කාරණයකදී වැරදි පියවරක් ගන්නවා නම් ඔහු මුළු නීතියම උල්ලංගනය කර ඇති බව පැවසිය හැක.+ 11  මන්ද ‘අනාචාරයේ* නොහැසිරෙන්න’+ කියා පැවසූ තැනැත්තාම, ‘මිනී නොමරන්න’+ කියාද පවසා ඇත. එහෙයින් ඔබ අනාචාරයේ හැසිරුණේ නැතත් මිනී මරනවා නම් ඔබ නීතිය උල්ලංගනය කරන කෙනෙකු බවට පත්ව ඇත. 12  දැන් ඔබ නිදහස් ජනතාවක්ය. එහෙයින් ඔබට නිදහස ගෙන දෙන අලුත් නීතියට අනුව කතා කිරීමටත් ක්‍රියා කිරීමටත් පුරුදු වන්න. මන්ද ඔබව විනිශ්චය කරන්නේ එම නීතියට අනුවය.+ 13  දයාව නොපෙන්වන පුද්ගලයාට ලැබෙන්නේ දයාවෙන් තොර විනිශ්චයකි.+ මන්ද විනිශ්චය කිරීමට වඩා දයාව පෙන්වීම උතුම්ය. 14  මාගේ සහෝදරයෙනි, තමාට දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති බව යමෙක් පැවසුවත්+ ඔහු තමන්ගේ ක්‍රියාවලින් එය පෙන්වන්නේ නැත්නම් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ එවැනි විශ්වාසයක් තිබූ පමණින් ඔහුට ගැලවීම ලබාගත හැකිද?+ 15  සහෝදරයෙකුට හෝ සහෝදරියකට හෝ ප්‍රමාණවත් ඇඳුම් හා එදා වේල පිරිමසාගැනීමට කෑම වේලක්වත් නැතුව සිටින විට,+ 16  ඔහුට හෝ ඇයට අවශ්‍ය දේ ලබා නොදී, “හොඳින් ඇඳ පැළඳ කා බී සතුටින් සිටින්න” කියා ඔබ අතරේ සිටින කෙනෙක් පැවසුවොත් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?+ 17  ඒ අනුව විශ්වාසය සමඟ ක්‍රියා දක්නට නොලැබේ නම්+ ඒ විශ්වාසය මිය ගිය එකක් බව පැවසිය හැක. 18  නමුත් යමෙක් ඊට විරෝධය දක්වමින්, “ඔබට විශ්වාසය තිබේ. මට ක්‍රියා තිබේ” කියා පැවසිය හැකියි. ක්‍රියා නැතුව ඔබ තුළ තිබෙන විශ්වාසය මට පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මා තුළ තිබෙන විශ්වාසය ඔබට පෙන්වමි.+ 19  ඇත්තේ එක දෙවි කෙනෙකු බව ඔබ විශ්වාස කරනවාට සැකයක් නැත.+ එසේ විශ්වාස කිරීම සුදුසු දෙයකි. නමුත් භූතයන් පවා එය විශ්වාස කරන බවත් ඒ විශ්වාසය නිසා ඔවුන් බියෙන් වෙවුලන බවත් මතක තබාගන්න.+ 20  අඥානයෙනි, ක්‍රියාවලින් තොර විශ්වාසයක් නිෂ්ඵල බව දැනගැනීමට ඔබ කැමති නැද්ද? 21  අපගේ පියා වූ ආබ්‍රහම්+ ධර්මිෂ්ඨයෙකු බව ප්‍රකාශ කරනු ලැබුවේ ඔහු තම පුත් ඊසාක්ව පූජාසනයක් මත ඔප්පු කළ අවස්ථාවේදී නොවේද? එසේ වූයේ ඔහු කළ ඒ ක්‍රියාව නිසා නොවේද?+ 22  ඔහු තුළ තිබූ විශ්වාසය ඔහුගේ ක්‍රියා සමඟ දක්නට ලැබුණු බවත් ඔහුගේ විශ්වාසය ඔහුගේ ක්‍රියාවලින් සම්පූර්ණ කරනු ලැබූ බවත් පැහැදිලිය.+ 23  ඒ අනුව, “ආබ්‍රහම් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවේය. ඒ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වදන් ඒ අයුරින්ම ඉටු විය. එලෙසම ඔහුව “යෙහෝවා දෙවිගේ මිත්‍රයා” ලෙසද හඳුන්වනු ලැබීය.+ 24  මින් පැහැදිලි වන්නේ මිනිසෙකුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ කරනු ලබන්නේ+ ඔහු තුළ තිබෙන විශ්වාසය නිසා පමණක් නොව+ ඔහුගේ ක්‍රියාවලින්ද බවය.+ 25  රාහබ්+ නම් ගණිකාව පණිවිඩකරුවන්ව සාදරයෙන් පිළිගෙන ඔවුන්ව වෙනත් මඟකින් පිටත් කර යැවූ පසු ඇයව ධර්මිෂ්ඨ තැනැත්තියක ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඇගේ එම ක්‍රියාව නිසා නොවේද?+ 26  ඇත්තෙන්ම පණ නැති ශරීරයක් මැරුණු ශරීරයකි.+ ඒ හා සමානව ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයකි.+

පාදසටහන්

මූ.අ., “පරදාර සේවනයේ.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.