මාක් 16:1-20

16  සබත් දවසට+ පසු දින මරියා මග්දලේනාද+ යාකොබ්ගේ මව වූ මරියාද සලෝමිද ඔහුගේ දේහයේ ගැල්වීම සඳහා සුවඳ ද්‍රව්‍ය මිල දී ගත්හ.+  ඔවුහු සතියේ පළමුවෙනිදා+ පාන්දරින්ම සොහොන් ගෙට ළඟා වූහ.+  “අපි කාට කියලද සොහොන් ගෙයි දොරකඩ තබා තිබෙන ගල පෙරළාගන්නේ” කියා එකිනෙකා අතරේ කතා වෙමින් ඔවුහු පැමිණියෝය.  නමුත් ඔවුහු එහි පැමිණි විට ඒ ගල ඉතා විශාල එකක් වුවත් එය අහකට පෙරළා තිබුණු ආකාරය දුටුවෝය.+  ඔවුහු සොහොන් ගෙට ඇතුල් වූ විට සුදු සළුවක් ඇඳ සිටි තරුණයෙකු දකුණු පැත්තේ ඉඳගෙන සිටිනවා දැක මහත් සේ පුදුම වූහ.+  ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “පුදුම වෙන්න එපා. ඔබ සොයන්නේ කණුවක ඇණ ගසා මරා දැමූ+ නාසරෙත් නුවරේ යේසුස්ව කියා මම දන්නවා. ඔහුව මරණයෙන් නැඟිටුවා තිබෙනවා.+ මේ බලන්න, ඔවුන් ඔහුව තැන්පත් කළේ මෙම ස්ථානයේයි!+ ඔහු දැන් මෙහෙ නැහැ.  ඔබ ගොස් ඔහුගේ ගෝලයන්ට සහ පේතෘස්ට මෙසේ කියන්න. ‘ඔහු ඔබට කලින් ගලීලයට යනවා.+ ඔහු ඔබට පැවසූ විදිහටම එහිදී ඔහුව දකින්න පුළුවන් වෙයි.’”+  ඔවුහු බියෙන් වෙවුලමින් මහත් පුදුමයකින් යුතුව සොහොන් ගෙයින් පිටතට ඇවිත් එතැනින් පලා ගියෝය. බියපත් වූ ඔවුහු කිසිවෙකුට කිසිම දෙයක් නොකීවෝය.+ කෙටි අවසානය මාක් 16:8ට පසුව ඇතැම් පසුකාලීන අත්පිටපත් සහ අනුවාදවල පහත සඳහන් කෙටි අවසානයක් දක්නට තිබේ. ඔවුහු තමන්ට අණ කළ සියල්ල පේතෘස් සමඟ සිටි අයට කෙටියෙන් විස්තර කළෝය. ඒ සියල්ල සිදු වූ පසු යේසුස්ම සදාකාලික ගැලවීම ගැන පළ වූ ශුද්ධ මෙන්ම යටපත් කළ නොහැකි වූ පණිවිඩය නැඟෙනහිර සිට බස්නාහිර දක්වා තම ගෝලයන් මාර්ගයෙන් පතළ කළේය. දීර්ඝ අවසානය සමහර පුරාණ පිටපත්වල (ACD) සහ අනුවාදවල (VgSyc,p) මතු දැක්වෙන දීර්ඝ අවසානයද එකතු කර තිබෙන නමුත් එය ඇතැම් (אBSysArm) පිටපත් කිහිපයක දක්නට නැත.  සතියේ පළමුවෙනි දින හිමිදිරි උදෑසන, ඔහුව මරණයෙන් නැඟිටුවනු ලැබූ පසු ඔහු මුලින්ම පෙනී සිටියේ මරියා මග්දලේනා ඉදිරියෙහිය. මීට පෙරාතුව ඔහු ඇගෙන් භූතයන් හත්දෙනෙකුව දුරු කර තිබිණ. 10  එවිට ඇය ගොස් ඔහු සමඟ කලින් ඇසුරු කළ අයට ඒ ගැන දැන්වූවාය. ඔවුන් ඒ අවස්ථාවේදී සිටියේ වැලපෙමින් සහ හඬමින්ය. 11  ඔහු ජීවත්ව සිටින බවත් ඔහු තමා ඉදිරියේ පෙනී සිටි බවත් ඔවුන්ට පැවසුවද ඔවුහු ඇය පැවසූ දේ විශ්වාස නොකළෝය. 12  ඉන්පසු ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසර ප්‍රදේශයකට ගමන් කරමින් සිටියදී යේසුස් ගොස් ඔවුන් ඉදිරියේ වෙනස් ආකාරයකින් පෙනී සිටියේය. මුලදී ඔහුව හඳුනාගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත. 13  ඔවුන් ආපසු ඇවිත් ඒ ගැන අනික් අයට දැන්වුවත් ඔවුහු මොවුන්වත් විශ්වාස නොකළෝය. 14  පසුව එකොළොස්දෙනා මේසයක් වටා ඉඳගෙන සිටියදී ඔහු ඔවුන් ඉදිරියේ පෙනී සිටියේය. මරණයෙන් නැඟිටුවනු ලැබූ ඔහුව දුටු අය පැවසූ දේ ඔවුන් විශ්වාස නොකළ නිසා ඔහු ඔවුන් තුළ තිබූ විශ්වාසයේ මදිකම ගැනත් සිත් දැඩිකම ගැනත් ඔවුන්ට තදින් අවවාද කළේය. 15  ඉන්පසු ඔහු ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලොව පුරා ගොස් මුළු මිනිස් වර්ගයාටම ශුභාරංචිය ගැන දේශනා කරන්න. 16  විශ්වාසයක් ඇතුව බව්තීස්ම වන තැනැත්තාට ගැලවීම ලැබෙයි. නමුත් විශ්වාසයක් නැති තැනැත්තාට දඬුවම් ලැබෙයි. 17  විශ්වාසයක් ඇති අයව මෙම ලකුණුවලින් හඳුනාගත හැකියි. ඔවුන් මාගේ නාමයෙන් භූතයන් දුරු කරයි. වෙනත් භාෂාවලින් කතා කරයි. 18  ඔවුන් තම දෑතින් සර්පයන්ව අල්ලයි. විස සහිත කිසිවක් බිව්වත් ඔවුන්ට එයින් කිසිදු හානියක් නොවෙයි. ඔවුන් රෝගීන් මත අත් තබන විට රෝගීන් සුවය ලබයි.” 19  ස්වාමීන් වන යේසුස් එලෙස ඔවුන්ට කතා කළ පසු ඔහුව ස්වර්ගයට ඔසවාගනු ලැබුවේය. ඉන්පසු ඔහු දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත්තේය. 20  ඔවුහු ගොස් සෑම තැනම දේශනා කළෝය. ස්වාමීන්ද ඔවුන් සමඟ සේවය කරමින් විවිධ ලකුණු සිදු කරමින් ඔවුන් දේශනා කළ පණිවිඩයට සහයෝගය දුන්නේය.

පාදසටහන්