නෙහෙමියා 6:1-19

6  මා පවුරේ කැඩී බිඳී ගිය සියලු තැන් අලුත්වැඩියා කර එය නැවත ගොඩනඟා තිබූ බව+ සන්බලට්,+ ටොබියා+ සහ අරාබි ජාතික+ ගෙෂෙම්+ ඇතුළු අපගේ සියලු සතුරන්ට ආරංචි විය. (ඒ අවස්ථාව වන විට, පවුරේ දොරටු+ විතරක් සවි කර තිබුණේ නැත.)+  ඔවුන්ට මේ සියල්ල ආරංචි වූ වහාම සන්බලට් සහ ගෙෂෙම් පණිවිඩකරුවන් අතේ මට මෙසේ දැන්වූහ. “අපි කැමතියි ඔබව හමු වෙලා ටිකක් කතා කරන්න.+ ඒ සඳහා වේලාවක් තීරණය කරගෙන ඕනෝ තැනිතලාව+ ළඟ තිබෙන ගමකදී හමු වෙමු.” නමුත් ඔවුන් මට යම් හානියක්+ කරන්න කුමන්ත්‍රණය කරමින් සිටි බව මම දැනගෙන සිටියෙමි.  එහෙයින් මම පණිවිඩකරුවන් අතේ ඔවුන්ට මෙසේ දන්වා යැව්වෙමි.+ “මා දැන් කරමින් සිටින්නේ ඉතා බාරදූර කාර්යයක්.+ මා ඔබව හමු වෙන්න ආවොත් මේ වැඩකටයුතු ප්‍රමාද වෙයි.+ ඒ නිසා මට ඔබව හමු වෙන්න එන්න බැහැ.”  එහෙත් ඔවුහු හතර වතාවක්ම මට පැමිණෙන්න කියා පණිවිඩ එවූහ. මමද ඔවුන්ගේ ආරාධනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළෙමි.  එහෙත් සන්බලට්+ පස්වන වතාවටත් තම සේවකයෙකු අත එම ආරාධනාව ලිපියකින් දන්වා එවීය. එය මුද්‍රා නොකළ ලිපියකි.  එහි ලියා තිබුණේ මෙයයි. “ඔබ යුදෙව්වන් සමඟ එකතු වී යම් කැරැල්ලක් දියත් කරන්න අදහස් කරන බව+ අවට ජාතීන් අතර ආරංචියක් පැතිර ඇත. අපට ඒ ගැන ගෙෂෙම්ගෙන්ද+ දැනගන්න ලැබිණ. ඔබ පවුර ගොඩනඟන්නේ ඒ හේතුව නිසා විය යුතුයි. ඒ වගේම අපට ලැබී තිබෙන ආරංචි අනුව, ඔබ මේ සෑම දෙයක්ම කරන්නේ යුදෙව්වරුන්ගේ රජු වීමේ අදහසිනි.+  ‘යූදා දේශයේ දැන් රජෙක් ඉන්නවා’ යයි ඔබ ගැන යෙරුසලම පුරාම ප්‍රකාශ කරන්න කියා මේ වන විටත් අනාගතවක්තෘවරුන් කිහිපදෙනෙකුට ඔබ කියා තිබේ. එවැනි දේවල් රජ්ජුරුවන්ට ආරංචි විය හැකියි. ඒ නිසා මේ කාරණාව ගැන අප සමඟ සාකච්ඡා කරන්න පැමිණෙන්න කියා අපි ඔබට ආරාධනා කරන්න කැමැත්තෙමු.”+  එහෙත් මා පණිවිඩකරුවන් මාර්ගයෙන් ඔහුට පිළිතුරු දුන්නේ මෙසේය. “ඔබ කියන ඒ දේවලට කිසිම පදනමක් නැත.+ ඒවා ඔබ විසින්ම පතුරුවන ලද කටකතා විය යුතුයි.”+  ඔවුන් සියලුදෙනා ඒ දේවල් කළේ අපව බියගැන්වීමටයි. “අපි ඔවුන්ව බියට පත් කළොත් ඔවුන් අධෛර්යයට පත් වී+ සියලුම වැඩකටයුතු නතර කරයි” කියා ඔවුහු සිතූහ. “දෙවියනි, මේ සියල්ලට සාර්ථකව මුහුණ දෙන්නත් මේ කාර්යය නිම කරන්නත් මට අවශ්‍ය ධෛර්යය දෙන්න.”+ 10  මේ අතර මම මෙහේටබෙල්ගේ පුත්‍රයෙකු වූ දෙලායාගේ පුත් ෂෙමායාව හමු වීමට ගියෙමි. ඒ අවස්ථාවේදී, ඔහු දොරවල් සියල්ලම වසාගෙන තම නිවස තුළ රැඳී සිටියේය.+ ඔහුව හමු වූ විට ඔහු මට මෙසේ පැවසීය. “ඔබේ සතුරන් අද රෑට+ ඇවිත් ඔබව මරන්න තීරණය කර තිබෙනවා. ඉතින් අපි සැබෑ දෙවිගේ ගෘහයේදී+ හමු වී,+ දේවමාලිගාවේ දොරවල් වසාගෙන ඇතුළට වී සිටිමු.” 11  නමුත් මම මෙසේ පිළිතුරු දුන්නෙමි. “මම මොකටද පලා යන්නේ?+ අනික, මම වගේ කෙනෙකුට පුළුවන්ද දේවමාලිගාව ඇතුළට යන්න? එහෙම කළොත් මට මරණ දඬුවම ලැබෙයි.+ මට නම් කොහොමටවත් එහෙම කරන්න බැහැ!” 12  පසුව මා ඔහු ගැන සොයා බැලූ විට, ඔහු මට පවසා තිබුණේ+ දෙවිගෙන් ලැබූ පණිවිඩයක් නොවන බව+ මට දැනගන්න ලැබිණ. ඇත්තෙන්ම, ටොබියා සහ සන්බලට්+ මට විරුද්ධව අනාවැකි කීමට ඔහුට යම් මුදලක් ගෙවා තිබිණ.+ 13  ඔවුන් එසේ කළේ,+ මාව බියගන්වා+ දෙවිට විරුද්ධව වරදක් කිරීමට මාව පොලඹවන්නයි.+ මා ඒ දේ කළා නම් මට නින්දා කර මාගේ නමට කැළැලක්+ ඇති කරන්න ඔවුන්ට අවස්ථාවක් උදා වන්න ඉඩ තිබිණ.+ 14  “මාගේ දෙවියනි, ටොබියා+ සහ සන්බලට් කළ දේවල් අමතක කරන්න එපා.+ අනාගතවක්තෘවරියක් වන නොවදියාවත්+ මාව බියගැන්වීමට නිරතුරු උත්සාහයක් දරන අනික් සියලු අනාගතවක්තෘවරුන්වත් අමතක නොකරන්න.” 15  කල් යත්ම, පවුර+ ගොඩනැඟීමේ කාර්යය අපි නිම කළෙමු. දවස් පනස්දෙකකින් එනම්, එලුල් මාසයේ විසිපස්වන දින ඒ වැඩකටයුතු සියල්ල අවසන් විය. 16  මෙම කාර්යය නිම වූ බව දැනගත් විට අපගේ සියලු සතුරන්ටත්+ අවට ජීවත් වූ සියලු ජාතීන්ටත් මහත් ලැජ්ජාවක් ඇති විය. මන්ද අප මෙම කාර්යය සාර්ථකව නිම කළේ අපේ දෙවිගේ උපකාරය ඇතුවයි+ කියා ඔවුන්ට වැටහිණ. 17  ඒ කාලයේදී යූදා දේශයෙහි සිටි වංශවත්+ අය සහ ටොබියා+ අතර බොහෝ ලිපි හුවමාරු විය. 18  එයට හේතුව නම්, යූදා දේශයෙහි සිටි බොහෝදෙනෙකු ටොබියාට පක්ෂව සිටින්න පොරොන්දු වී තිබීමය. මන්ද ඔහු ආරාහ්ගේ+ පුත් ෂෙකනියාගේ බෑනා විය. එමෙන්ම ඔහුගේ පුත් යෙහෝහානන්, බෙරෙකියාගේ පුත් මෙෂල්ලම්ගේ+ දියණියව විවාහ කරගෙන සිටියේය. 19  ඒ නිසා ඔවුහු ටොබියා ගැන මට නිතරම ප්‍රශංසා මුඛයෙන් කතා කළෝය.+ මා පැවසූ දේවල්ද ඔවුහු ටොබියා වෙතට ගොස් වාර්තා කළෝය. ටොබියා මාව බියගැන්වීම සඳහා මට නිතරම ලිපි එවීය.+

පාදසටහන්