නෙහෙමියා 1:1-11

1  හකලියාගේ පුත් නෙහෙමියා+ ලියූ වාර්තාව මෙයයි. මම විසිවන+ අවුරුද්දේ කිස්ලෙව්+ මාසයේ ෂූෂන්+ මාලිගාවේ සිටියෙමි.  යූදා දේශයේ සිට පැමිණි මගේ සහෝදරයෙක් වූ හනානි+ තවත් වැඩිමහල්ලන් කිහිපදෙනෙකු සමඟ මාව හමු වීමට මාලිගාවට පැමිණියේය. වහල්භාවයෙන්+ නිදහස්+ වී නැවත යූදා දේශයට ගිය යුදෙව්වන්+ ගැනත් යෙරුසලමෙහි පැවති තත්වය ගැනත් මම ඔවුන්ගෙන් විමසුවෙමි.+  ඔවුන් මට පිළිතුරු දුන්නේ මෙසේය. “වහල්කමින් නිදහස් වී යූදා පළාතට+ ගොස් පදිංචිව සිටින අය සිටින්නේ ඉතා අසරණ තත්වයකයි.+ අවට සිටින සියලුදෙනාගේ නින්දා අපහාසවලට+ ලක් වෙන්නත් ඔවුන්ට සිදු වෙලා. ඒ විතරක් නෙවෙයි, යෙරුසලමේ පවුරු+ කඩා දමා එහි දොරටුත්+ ගින්නෙන් පුලුස්සා තියෙනවා.”  ඒ වචන ඇසූ විට මා තුළ දැඩි ශෝකයක් ඇති විය. මම ඒ ගැන සිතමින් දවස් ගණනාවක් යන තුරු හිඳගෙන අඬමින් සිටියෙමි. ඒ කාලය පුරා නිරාහාරව+ සිටි මම ස්වර්ගයේ වෙසෙන දෙවිට යාච්ඤා කරමින්ද සිටියෙමි.+  මා දෙවිට පැවසුවේ මෙයයි. “ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවියනි, ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්.+ ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ නොඅඩුව ප්‍රේමය* පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම් කිසිදා කඩ කරන්නේ නැහැ.+  අනේ දෙවියනි, ඔබේ දෑස් යොමා මා දෙස බලන්න. ඔබේ සේවකයා වන මා දිවා රෑ දෙකේම+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් ගැන කරන යාච්ඤාවලට සවන් දෙන්න.+ ඊශ්‍රායෙල්වරුන් වන අපි ඔබට විරුද්ධව පව් කළා.+ මගේ පියාගේ පෙළපතට අයත් සියලුදෙනා මෙන්ම මමත් ඔබට විරුද්ධව පව් කළා.+  අපි ඔබට විරුද්ධව කළ දූෂිත දේවලට නිමක් නැහැ.+ ඔබේ සේවකයා වූ මෝසෙස්+ මාර්ගයෙන් ඔබ අපට කියා දුන් අණපනත්+ සහ නීතිරීතිවලටත්+ ඔබගේ තීන්දුවලටත්+ අපි අකීකරු වුණා.  “දෙවියනි, මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඔබේ සේවකයා වූ මෝසෙස්ට ඔබ පැවසූ වචන සිහි කරන්න+ කියායි. ඔබ ඔහුට පැවසුවේ මෙයයි. ‘ඔබ මට ද්‍රෝහි වී කටයුතු කළොත් මම ඔබව ජාතීන් අතරට විසුරුවාහරිනවා.+  නමුත් මාගේ සෙනඟ වන ඔබ, මා වෙතට හැරී+ මාගේ අණපනත් සිහි කර ඒවා පිළිපදිනවා නම්+ ඔබ පොළොවේ ඈත කෙළවරක විසිරී සිටියත් මම ඔබව නැවත එක් රැස් කර+ මාගේ නාමය දැරීම සඳහා මා තෝරාගන්නා ස්ථානය වෙතට+ ගෙන යනවා.’+ 10  ඊශ්‍රායෙල්වරුන් ඔබේ සෙනඟ+ වගේම ඔබේ සේවකයන්.+ ඔබේ අතිමහත් බලයෙන්+ ඔබ නිදහස් කරගෙන ආවේ ඔවුන්වයි. 11  යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+ ඔබේ නාමයට ගරුබිය දැක්වීමෙන්+ මහත් ප්‍රීතියක් ලබන ඔබේ අනික් සේවකයන්ගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙන්න. ඔබේ සෙනඟ වෙනුවෙන් ඔබේ සේවකයා වන මා ගන්නා පියවරවලට ආශීර්වාද කරන්න.+ එසේම රජුගෙන් කරුණාව ලබන්නත් මට උදව් කරන්න+ කියා මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.” ඒ වන විට මා සේවය කරමින් සිටියේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නා+ ලෙසය.

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”