නික්මයාම 14:1-31

14  යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය.  “නැවත හැරී ගොස් මුහුද* හා මිග්දෝල් අතර පිහිටි පීහහීරොත්හි කඳවුරු බැඳගන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට පවසන්න. ඔබ මුහුදට කිට්ටුවෙන් බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගත යුතුයි.+  ඒ ගැන පාරාවෝ දැනගත් විට, ‘ඊශ්‍රායෙල්වරු අතරමං වෙලා. ඔවුන් පාළුකරයේ ඒ මේ අත සැරිසරන්නේ ඒ නිසයි’ කියා තම සේවකයන්ට කියනු ඇත.+  පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ එයි. මමද ඔහුට එලෙස ක්‍රියා කිරීමට ඉඩහරින්නෙමි.+ නමුත් ඔහුවත් ඔහුගේ මුළු හමුදාවත් මම අන්ත පරාජයකට පත් කර මගේ නාමය ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට ඊජිප්තුවරුන් මා යෙහෝවා දෙවි බව අනිවාර්යයෙන්ම දැනගනී.”+ ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟ දෙවි කී ලෙසම කළෝය.  සෙනඟ පලා ගිය බව ඊජිප්තුවේ රජුට ආරංචි වූ විට ඔහුද ඔහුගේ සේවකයෝද සෙනඟට යන්න දීම ගැන පසුතැවී+ එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “අපි කළේ මහ මෝඩ වැඩක්! අපිට වහල්කම්+ කළ ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ ඇයි?”  ඉන්පසු පාරාවෝ තම යුධ රථ සූදානම් කරගෙන තම සෙනඟ සමඟ ඊශ්‍රායෙල්වරුන් පසුපස ලුහුබැඳ ගියේය.+  ඔහු විශේෂ යුධ රථ+ හයසියයක්ද ඊජිප්තුවේ තිබූ සියලු අශ්ව රථද එහි මුළු හමුදාවද කැටුව ගියේය.  ඊජිප්තුවේ පාරාවෝ රජ මුරණ්ඩු ලෙස ක්‍රියා කරමින්, ජයග්‍රාහී ලීලාවෙන්+ ගමන් ගත් ඊශ්‍රායෙල් සෙනඟ පසුපස හඹා ගියේය. යෙහෝවා දෙවිද ඔහුට බාධා නොකළේය.+  මෙසේ ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ ගිය පාරාවෝගේ අශ්ව රථද ඔහුගේ අසරුවෝද+ ඔහුගේ මුළු හමුදාවද මුහුද අසල බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙලිතයන් ළඟටම ආවෝය.+ 10  පාරාවෝ සහ ඔහුගේ හමුදාව ඊශ්‍රායෙල් පුත්‍රයන් සිටි ස්ථානයට ළඟා වූ විට ඊශ්‍රායෙල් ජනයා මහත් සේ භය වී යෙහෝවා දෙවිට මොරගැසුවෝය.+ 11  ඔවුහු මෝසෙස්ට මෙසේ කීවෝය. “ඔබ අපිව ඊජිප්තු දේශයේ සිට මේ පාළුකරයට ගෙනාවේ ඇයි? අපිව මරා දාන්නද?+ ඊජිප්තු දේශයේ මිනී වළවල් නැති නිසාද අපිව මේ පාළුකරයට ගෙනාවේ? 12  ‘ඊජිප්තුවරුන්ට සේවය කරන්න අපිට ඉඩ දෙන්න’ කියා ඊජිප්තු දේශයේදී අපි ඔබට කිව්වේ මේ නිසයි. මේ පාළුකරයේ මැරිලා යනවාට වඩා ඊජිප්තුවරුන්ට බැළ මෙහෙවරකම් කළා නම් ඊට වඩා හොඳයි.”+ 13  එවිට මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “භය වෙන්න එපා.+ නොසැලී ස්ථිරව ඉන්න. අද යෙහෝවා දෙවි ඔබව ගලවාගන්නා ආකාරය ඔබේ දෑසින්ම බලාගන්න.+ ඔබ ඉදිරියේ සිටින මේ ඊජිප්තුවරුන්ව ඔබ යළි කිසිදාක දකින්නේ නැහැ.+ 14  යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් අනිවාර්යයෙන්ම සටන් කරයි.+ ඔබ නිශ්චලව බලා සිටින්න.” 15  ඉන්පසු යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “සෙනඟ මෙලෙස මොරගසන්නේ මන්ද?+ මෙතැනින් පිටත්ව යන්න සූදානම් වෙන්න කියා ඊශ්‍රායෙල් ජනයාට පවසන්න. 16  මුහුද දෙබෑ වී+ ඒ මැදින් වියළි පාරක් ඇති වන පිණිස ඔබේ සැරයටිය+ මුහුද දෙසට දිගු කරන්න. එවිට ඊශ්‍රායෙල් ජනයාට මුහුද මැදින්+ ඇවිද යෑමට හැකි වනු ඇත. 17  ඊජිප්තුවරු තමන්ගේ සිත් මුරණ්ඩු කරගෙන+ ඊශ්‍රායෙල් සෙනඟ පසුපස හඹා එනු ඇත. මා ඔවුන්ට එසේ කිරීමට ඉඩහරින්නේ පාරාවෝද ඔහුගේ යුධ රථද ඔහුගේ අසරුවන්ද ඔහුගේ මුළු හමුදාවද අන්ත පරාජයකට පත් කර මාගේ නාමය ගෞරවයට පත් කරන පිණිසය.+ 18  මෙසේ ඊජිප්තුවරුන්ව පරාජයට පත් කර මාගේ නාමය ගෞරවයට පත් වන විට මා යෙහෝවා දෙවි බව ඔවුහු අනිවාර්යයෙන්ම දැනගනු ඇත.”+ 19  ඉන්පසු ඊශ්‍රායෙල් සෙනඟට ඉදිරියෙන් ගමන් කරමින් සිටි සැබෑ දෙවිගේ දූතයා+ සෙනඟ පිටුපසට ගියේය. ඔවුන්ට ඉදිරියෙන් තිබූ වලා ටැඹද ඔවුන් පිටුපසට ගොස් නැවතුණේය.+ 20  ඊජිප්තු සේනාව, වලා ටැඹෙහි එක් පැත්තකද ඊශ්‍රායෙල් සෙනඟ එහි අනික් පැත්තේද සිටියෝය.+ මුළු රාත්‍රිය පුරාම වලා ටැඹෙහි එක් පැත්තක් අඳුරුව තිබූ අතර එහි අනික් පැත්තෙන් ආලෝකයක් විහිදුණේය.+ මෙසේ මුළු රාත්‍රිය පුරාම වලා ටැඹ ඒ දෙපිරිසව වෙන් කර තැබුවේය. 21  මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය.+ යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මුළු රාත්‍රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්‍රමක්‍රමයෙන් දෙබෑ විය.+ මුහුදු පතුල මතු විය.+ 22  පසුව මුහුද හරහා තිබූ වියළි මාර්ගය දිගේ ඊශ්‍රායෙල් පුත්‍රයෝ ගමන් කළෝය.+ ඔවුන් ගමන් කළ මඟ දෙපස මුහුදු ජලය පවුරක් මෙන් තිබිණ.+ 23  එය දැක පාරාවෝගේ සියලු අසරුවෝද යුධ රථද ඔවුන් පසුපස හඹාගෙන+ මුහුද මැදට ගියෝය. 24  අන්තිම රැකවල් යාමයේදී* යෙහෝවා දෙවි එක් පැත්තක ආලෝකයද අනික් පැත්තේ අන්ධකාරයද තිබූ වලා ටැඹේ+ සිට ඊජිප්තු සේනාව දෙස බැලුවේය. දෙවි ඊජිප්තුවරුන් අතරේ මහත් වියවුලක් ඇති වීමට සැලැස්වූවේය.+ 25  දෙවි ඔවුන්ගේ අශ්ව රථවල රෝද ගලවා දැමූ නිසා ඔවුහු ඉතා අමාරුවෙන් ඒවා පදවාගෙන ගියෝය.+ එවිට ඊජිප්තුවරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ඊශ්‍රායෙල්වරුන්ව ලුහුබඳින එක අත්හැර අපි දැන්මම මෙතැනින් යමු. යෙහෝවා දෙවි සැබවින්ම ඔවුන් වෙනුවෙන් සටන් කරනවා.”+ 26  පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මුහුද නැවත එකතු වී ඊජිප්තුවරුන්වද ඔවුන්ගේ යුධ රථද අසරුවන්ද සම්පූර්ණයෙන්ම යට වී යන පිණිස දැන් ඔබේ අත මුහුද දෙසට දිගු කරන්න.”+ 27  මෝසෙස් විගස තම අත මුහුද දෙසට දිගු කළේය. පාන්දර වන විට මුහුද සාමාන්‍ය තත්වයට පත් වී තිබිණ. ඊජිප්තුවරු ඒ වන තුරුම තම ජීවිත බේරාගන්න උත්සාහ කළ නමුත් යෙහෝවා දෙවි ඔවුන්ව රැල්ලට ගසාගෙන යෑමට සැලැස්වූවේය.+ 28  මුහුදේ වතුර නැවත ක්‍රමක්‍රමයෙන් එකතු විය.+ අවසානයේදී ඊශ්‍රායෙලිතයන් පසුපස හඹාගෙන මුහුද මැදට ගිය පාරාවෝගේ සේනාවට අයිති සියලු යුධ රථද අසරුවෝද මුහුදට යට වූහ.+ පාරාවෝගේ සේනාවේ කිසිවෙක් බේරුණේ නැත.+ 29  ඊශ්‍රායෙල් ජනයා මුහුද මැදින් ගමන් කළෝය. ඔවුහු වියළි බිමෙහි ගමන් කළ අතර+ මුහුදු ජලය ඔවුන් ගිය මඟ දෙපස පවුරක් මෙන් තිබිණ.+ 30  මෙසේ යෙහෝවා දෙවි එදින ඊශ්‍රායෙලිතයන්ව ඊජිප්තුවරුන්ගෙන් ගලවාගත්තේය.+ ඊශ්‍රායෙල්වරු මුහුදු වෙරළේ විසිරී තිබූ ඊජිප්තුවරුන්ගේ මළ කඳන් දුටුවෝය.+ 31  එදින යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ට විරුද්ධව තම මහත් බලය විදහාපෙන්වූ ආකාරය ඊශ්‍රායෙල්වරුන්ට තම දෑසින්ම දැකගැනීමට හැකි විය. ඔවුන්ට යෙහෝවා දෙවි ගැන ගරුබියක් ඇති විය. යෙහෝවා දෙවි කෙරෙහිද ඔහුගේ සේවකයා වූ මෝසෙස් කෙරෙහිද ඔවුහු විශ්වාසය තැබුවෝය.+

පාදසටහන්

මෙහි කතා කරන්නේ රතු මුහුද ගැන විය හැකියි.
හෙබ්‍රෙව්වරුන්ට අනුව තුන්වෙනි රැකවල් යාමයේදී. පාන්දර දෙකේ සිට පාන්දර හය දක්වා කාලයයි.