නික්මයාම 11:1-10

11  පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “පාරාවෝට හා ඊජිප්තුවේ වැසියන්ට මම තව එක පීඩාවකින් පහර දෙන්නෙමි. ඉන්පසු ඔබට අයිති සෑම දෙයක්ම රැගෙන මෙම දේශයෙන් පිටත්ව යෑමට ඔහු ඔබට අවසර දෙන බව නිසැකයි.+ ඇත්තෙන්ම ඔහු ඔබව මෙහෙන් එළවා දමනු ඇත.+  සෙනඟ අතරේ සිටින සෑම පුරුෂයෙකුම තම මිතුරාගෙන්ද සෑම ස්ත්‍රියක්ම තම මිතුරියගෙන්ද රන් හා රිදී ආභරණ ඉල්ලාගත යුතුයි.+ ඒ බව ඔබ සෙනඟට දැනුම් දෙන්න.”  ඊශ්‍රායෙල් ජනයාට කාරුණිකව සැලකීමට යෙහෝවා දෙවි ඊජිප්තුවරුන්ගේ සිත් පෙලඹුවේය.+ ඊජිප්තු දේශයේ සියලු වැසියෝ හා පාරාවෝගේ සේවකයෝ මෝසෙස්ව ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ලෙස සැලකුවෝය.+  මෝසෙස් පාරාවෝට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. ‘මම අද මධ්‍යම රාත්‍රියේදී පමණ ඊජිප්තුවරුන් අතරට එන්නෙමි.+  එවිට ඊජිප්තු දේශයේ සිටින සියලු කුලුඳුල්+ දරුවෝ මිය යනු ඇත. සිංහාසනයේ සිටින පාරාවෝගේ කුලුඳුල් දරුවාද ඇඹරුම් ගල ළඟ සිටින මෙහෙකාරියගේ කුලුඳුල් දරුවාද මිය යන්නෝය. සියලු කුලුඳුල් සත්තුද මිය යන්නෝය.+  මහත් අඳෝනාවක් මුළු ඊජිප්තු දේශය පුරාම ඇසෙනු ඇත. මින් පෙර කවදාවත් එවැනි අඳෝනාවක් ඇසී නැත. මින් මතුවටද එවැනි දෙයක් සිදු වන්නේ නැත.+  නමුත් ඒ දේ සිදු වන විට කිසි මනුෂ්‍යයෙක්වත් සතෙක්වත් ඊශ්‍රායෙල් සෙනඟට හිරිහැර කරන්නේ නැත. අඩුම තරමින් බල්ලෙක්වත් ඔවුන්ට බුරන්නේ නැත.+ එයින් යෙහෝවා දෙවි වන මා ඊජිප්තු ජනයාට සලකන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් ඊශ්‍රායෙල් ජනයාට සලකන බව ඔබ නිසැකවම දැනගනු ඇත.’+  එවිට ඔබේ සියලු සේවකයන් මා ළඟට ඇවිත් මා ඉදිරියේ වැඳ වැටී,+ ‘ඔබ යටතේ සිටින මේ මුළු සෙනඟ සමඟ මේ දේශයෙන් පිටත්ව යන්න’ කියා මගෙන් ඉල්ලයි. මමද මෙතනින් පිටත්ව යනවා.” එසේ පවසා මහත් කෝපයෙන් යුතුව මෝසෙස්, පාරාවෝ ඉදිරියෙන් පිටත්ව ගියේය.  “මම ඊජිප්තු දේශයේ තව බොහෝ පුදුම ක්‍රියා කරන පිණිස+ පාරාවෝ ඔබ කියන දේට සවන් නොදෙන්නේය”+ කියා යෙහෝවා දෙවි මෝසෙස්ට කීවේය. 10  මෝසෙස් හා ආරොන්, පාරාවෝ ඉදිරියේ ඒ සියලු පුදුම ක්‍රියා කර පෙන්වූ+ නමුත් ඔහු තම සිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඊජිප්තු දේශයෙන් පිටත්ව යන්න ඉඩ නොදුන්නේය. යෙහෝවා දෙවිද පාරාවෝට එසේ ක්‍රියා කිරීමට ඉඩහැරියේය.+

පාදසටහන්