දේශනාකාරයා 4:1-16

4  ඉර යට සිදු වන සියලු අසාධාරණකම් ගැන මම නැවත කල්පනා කර බැලුවෙමි.+ පීඩාවට ලක්වූවන්ගේ කඳුළු දුටිමි.+ එහෙත් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත.+ ඔවුන්ට පීඩා කළ අය ඔවුන්ට වඩා බලවත් වූහ. එබැවින් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත.  මිය ගිය අය ගැන මම සතුටු වුණෙමි. මන්ද ජීවත් වීමට වඩා මිය යෑම හොඳයයි මට සිතුණි.+  මෙලොවට ඉපදී ඉර යට සිදු වන සියලු දුක් කරදර+ ඇස් දෙකෙන් දකිනවාට වඩා ඉපදුණේ නැත්නම් හොඳය.+  මිනිසා තුළ ඇති තරඟකාරී ස්වභාවය+ නිසා ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරයත්+ ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්නා ආකාරයත් මම දුටිමි. මෙයද සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.  මෝඩයා නිකරුණේ අත් දෙක බැඳගෙන+ සිටින නිසා ඔහු තමාගේම ජීවිතයට හානි කරගනියි.+  වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.+  ඉර යට කෙරෙන සියලුම නිෂ්ඵල දේවල් ගැන මම නැවතත් කල්පනා කළෙමි.  එක මිත්‍රයෙකුවත් නොමැති මිනිසෙක් සිටියි.+ ඔහුට පුත්‍රයෙකුවත් සහෝදරයෙකුවත් නැති+ නමුත් ඔහු වෙහෙස මහන්සි වී කරන වැඩවලින් නම් නිමක් නැත. ඔහු වස්තු සම්භාරයක් රැස් කරගෙන සිටියත් එයින් සෑහීමට පත් නොවෙයි.+ “මා වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ කා වෙනුවෙන්ද? මා ජීවිතයේ හොඳ දේවල් අහිමි කරගත්තේ කුමක් නිසාද”+ කියා ඔහු කල්පනා කරයි. ඔහු දරන වෑයම කලකිරෙනසුලුය. එය නිෂ්ඵලය.+  එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය.+ මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ.+ 10  ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.+ එහෙත් තනිව සිටින කෙනෙකු වැටුණොත් ඔහුට කුමක් සිදු වෙයිද?+ 11  එමෙන්ම දෙදෙනෙකු එකට සැතපුණොත් ඔවුන්ට උණුසුම ලැබේ. එහෙත් තනිව සිටින කෙනෙකු උණුසුම ලබන්නේ කෙසේද?+ 12  තනිව සිටින කෙනෙකුව පැරදවීම සතුරෙකුට අපහසු දෙයක් නොවේ. එහෙත් ඔහුට විරුද්ධව නැඟී සිටීමට දෙදෙනෙකුට පුළුවන.+ එමෙන්ම තුන්පට ලණුවක් පහසුවෙන් දෙකට කැඩිය නොහැක. 13  උපදෙස් පිළි නොගන්නාවූ+ මෝඩ මහලු රජෙකුට වඩා+ බුද්ධිමත් දිලිඳු තරුණයෙකු හොඳය.+ 14  මන්ද ඒ රජුගේ පාලන සමයේදී දුප්පතෙකු ලෙස ඉපදුණත් එම තරුණයා දියුණු වෙයි.+ සිරගතව සිටියත් ඔහු නිදහස් වී රජකමට පත් වනු ඇත.+ 15  ඉර යට ජීවත් වන සියලුදෙනාට මෙන්ම අලුතින් රජකමට පත් වන එවැනි තරුණයෙකුට සිදු වන දේද මම දුටිමි.+ 16  බොහෝදෙනෙකු ඔහුගේ පැත්ත ගෙන සිටියත්+ පසු කලෙක ඔහුගේ පාලනය ගැන ඔවුහු සෑහීමට පත් නොවෙති.+ මෙයද ඉතා නිෂ්ඵල දෙයකි. එය සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වන්නේය.+

පාදසටහන්