දේශනාකාරයා 3:1-22

3  අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.+  ඉපදීමට කාලයක්ද+ මිය යෑමට කාලයක්ද+ සිටුවන්න කාලයක්ද උදුරා දමන්න කාලයක්ද,+  මරන්න කාලයක්ද+ සුව කරන්න කාලයක්ද+ කඩා දමන්න කාලයක්ද ගොඩනඟන්න කාලයක්ද ඇත.+  අඬන්න කාලයක්ද+ සිනාසෙන්න කාලයක්ද+ වැලපීමට කාලයක්ද+ නටන්න කාලයක්ද,+  ගල් විසි කරන්න කාලයක්ද+ ගල් එකතු කරන්න කාලයක්ද+ වැලඳගැනීමට කාලයක්ද+ වැලඳ නොගැනීමට කාලයක්ද තිබේ.+  සොයන්න කාලයක්ද+ සෙවීම අත්හැර දැමීමට කාලයක්ද යමක් සුරැකිව තබාගැනීමට කාලයක්ද ඉවත දැමීමට කාලයක්ද,+  ඉරා දමන්න කාලයක්ද+ මහන්න කාලයක්ද+ නිහඬව සිටීමට කාලයක්ද+ කතා කිරීමට කාලයක්ද ඇත.+  ප්‍රේම කිරීමට කාලයක්ද වෛර කිරීමට කාලයක්ද+ යුද්ධයට කාලයක්ද+ සමාදානයට කාලයක්ද ඇත.+  එසේනම්, වෙහෙස මහන්සි වී වැඩ කරන්නාගේ උත්සාහයෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?+ 10  දෙවි මිනිසාට දුන් ජීවිතය ගැන මම හොඳ අවබෝධයක් ලබාගතිමි.+ 11  ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි.+ ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත.+ එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.+ 12  ජීවිත කාලය පුරාම යහපත කර සතුටු සිතින් සිටීම තරම් හොඳ දෙයක් නැති බව මම තේරුම්ගත්තෙමි.+ 13  මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි.+ එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.+ 14  සැබෑ දෙවි සෑදූ සෑම දෙයක්ම සදහටම පවතිනු ඇත.+ ඒවාට කිසිවක් එකතු කරන්නවත් ඒවායින් කිසිවක් අඩු කරන්නවත් නොහැක.+ සැබෑ දෙවි ඒ සියල්ල සෑදුවේ+ මිනිසාට ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන පිණිසය.+ 15  දැන් සිදු වන දේ කලිනුත් සිදු වී තිබේ. මින් ඉදිරියට සිදු වන්නෙත් සැමදා සිදු වන දේමය.+ එහෙත් සැබෑ දෙවි+ පීඩා විඳින අයට යහපත කිරීමට බලා සිටින්නේය.+ 16  ඉර යට සිදු වන තවත් දෙයක් මම දුටුවෙමි. යුක්තිය ඉටු විය යුතු තැන දුෂ්ටකම් සිදු වන බවත් ධර්මිෂ්ඨකම් වෙනුවට අධර්මිෂ්ඨකම් සිදු වන බවත් මට පෙනුණි.+ 17  “සෑම කාරණයක් සඳහාද සෑම ක්‍රියාවක් සඳහාද නියමිත කාලයක් ඇත.+ එමනිසා, සැබෑ දෙවි නියමිත කාලයේදී ධර්මිෂ්ඨයාවත් දුෂ්ටයාවත් විනිශ්චය කරනු ඇත”+ යයි මම සිතුවෙමි.+ 18  සැබෑ දෙවි මනුෂ්‍යයන්ව සෝදිසි කර බලයි. ඒ නිසා, අවසානයේදී සතුන් හා තමන් අතර කිසි වෙනසක් නැති බව ඔවුහු තේරුම්ගනු ඇත.+ 19  මන්ද අවසානයේදී මනුෂ්‍යයන්ටත් සිදු වන්නේ සතුන්ට සිදු වන දේමය.+ මිනිසා මිය යන්නේ සතුන් මිය යන ආකාරයටමය.+ ඒ දෙපිරිසවම ජීවත් කරවන්නේ එකම බලයෙන්+ වන නිසා සතුන් හා මිනිසා අතර වෙනසක් නැත. සියල්ල නිෂ්ඵලය. 20  සියල්ලෝම යන්නේ එකම තැනටය.+ සියල්ලෝ දූවිල්ලෙන්ය.+ සියල්ලෝ දූවිල්ලටම හැරී යන්නෝය.+ 21  මනුෂ්‍යයන්ව ජීවත් කරවන බලය ඉහළට යනවාද කියාවත් සතුන්ව ජීවත් කරවන බලය පොළොව දෙසට යනවාද කියාවත් දන්නේ කවුද?+ 22  මිනිසා තමා කරන සෑම වැඩකින්ම තෘප්තියට පත් වීම තරම් හොඳ දෙයක් නැත. එය තමාගේ උත්සාහයට ලැබෙන ආශීර්වාදයකි.+ මන්ද ඔහු මිය ගිය පසු සිදු වූ දේවල් පෙන්වීමට ඔහුව නැවත ජීවත් කරවන්න පුළුවන් කාටද?+

පාදසටහන්