ද්විතීය කතාව 9:1-29

9  “ඊශ්‍රායෙල් ජනයෙනි, අද ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ+ වෙන්නේ ඔබට වඩා විශාල හා බලවත් ජාතීන්ව පලවාහැරීමටයි.+ ඔවුන් ජීවත් වෙන්නේ අහස උසට තැනූ දැවැන්ත බලකොටුවලයි.+  ඔබ පලවාහරින්නේ අනාක්වරුන්වයි.+ ඔවුන් ඉතා උස මහත ශක්තිමත් සෙනඟක්. ‘අනාක්වරුන්ට විරුද්ධව සටන් කර කාටද ජය ගන්න පුළුවන්’ කියන කතාව ඔබ අසා තිබෙනවා.  නමුත් ඒ දේශයට යද්දී යෙහෝවා දෙවි ඔබට ඉදිරියෙන් ගමන් කරන බව ඔබ හොඳින්ම දන්නවා.+ ඔහු ඇවිළෙන ගින්නක්+ හා සමානයි. ඒ නිසා ඔහු ඔවුන්ව ඔබට යටත් කර දෙන බව නම් ස්ථිරයි. යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම ඔබ ඉතා කෙටි කාලයකින් ඔවුන්ව දේශයෙන් පලවාහැර සහමුලින්ම විනාශ කර දමයි.+  “නමුත් යෙහෝවා දෙවි ඔවුන්ව පලවාහැරිය පසු, ‘යෙහෝවා දෙවි අපට මේ දේශය උරුම කර දුන්නේ අපි ඉතා ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි’ කියා කවදාවත් සිතන්න එපා.+ ඇත්තටම යෙහෝවා දෙවි මේ ජාතීන්ව පලවාහරින්නේ ඔවුන්ගේ මහත් දුෂ්ටකම් නිසයි.+  යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම+ නිසා මිස, ඔබ ධර්මිෂ්ඨකමින්+ ක්‍රියා කරන නිර්දෝෂ+ සෙනඟක් නිසා නොවෙයි. යෙහෝවා දෙවි ඔබට ඒ දේශය උරුම කර දෙන්නේ ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ හා යාකොබ්ට+ තමා කළ පොරොන්දුව ඉටු කරන පිණිසයි.  ඔබ ඉතා මුරණ්ඩු සෙනඟක් බව මතක තබාගන්න. යෙහෝවා දෙවි මේ සරුසාර දේශය ඔබට හිමි කර දෙන්නේ ඔබ ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි කියා නම් කොහොමටවත් සිතන්න එපා.+  “පාළුකරයේ ගමන් කරද්දී ඔබේ දෙවි වන යෙහෝවාව ඔබ උදහස් කළ බව අමතක නොකරන්න.+ ඊජිප්තු දේශයෙන් නිදහස් වූ දා සිට මේ දක්වාම සිදු වුණ දේවලින් ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගසන සෙනඟක් බව හොඳටම පැහැදිලියි.+  හොරෙබ් කඳුකරයේදී ඔබ යෙහෝවා දෙවිව කොතරම් උදහස් කළාද කියනවා නම් ඔබව විනාශ කර දැමීමට තරම් උදහසක් යෙහෝවා දෙවිට ඇති වුණා.+  යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ලියා තිබුණු+ ගල් පුවරු+ දෙක රැගෙන එන්න මම කන්දට නැග්ග අවස්ථාව ඔබට මතකද? දවස් හතළිහක්+ පුරා දිවා රෑ දෙකේම මම ඒ කන්දේ ගත කළා. (ඒ කාලය පුරා මම කිසි දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.) 10  එහිදී යෙහෝවා දෙවි තම බලයෙන්*+ ලියූ ගල් පුවරු දෙක මට ලබා දුන්නා. මුළු ඊශ්‍රායෙල් සෙනඟ රැස්ව සිටි අවස්ථාවේදී යෙහෝවා දෙවි ගින්නක් තුළින් කතා කරමින් ඔවුන්ට පැවසූ දේවල් ඒ පුවරුවල ලියා තිබුණා.+ 11  දිවා රෑ දෙකේම දින හතළිහක් පුරා මා එහි ගත කළායින් පසු, සෙනඟ සමඟ ඇති කරගත් ගිවිසුම සඳහන් කර තිබූ ඒ ගල් පුවරු දෙක යෙහෝවා දෙවි මට ලබා දුන්නා.+ 12  ඉන්පසුව යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘ඉක්මන් කර කන්දෙන් බැස යන්න. ඔබ ඊජිප්තුවෙන් ගෙනා සෙනඟ දැන් රූපයක්+ සාදාගෙන ඉතා දුෂ්ට විදිහට ක්‍රියා කරනවා.+ මා ඔවුන්ට අණ කළ දේවල් කොතරම් ඉක්මනින් ඔවුන්ට අමතක වෙලාද!’ 13  ඊළඟට යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘මේ සෙනඟ දෙස මා හොඳින් බලාගෙනයි සිටින්නේ. ඔවුන් ඉතා මුරණ්ඩු සෙනඟක්!+ 14  ඒ නිසා මාව වළක්වන්න උත්සාහ කරන්න එපා.+ මම ඔවුන්වත් ඔවුන්ගේ නාමයත් මිහිපිටින් තුරන් කර දමනවා.+ ඒ වෙනුවට ඔවුන්ටත් වඩා බලවත් ජාතියක් ඔබෙන් බිහි කරන්න මට ඉඩ දෙන්න.’+ 15  “මම ගල් පුවරු දෙකත් රැගෙන+ එතැනින් පිටත් වී ගින්නෙන් ඇවිළෙමින් තිබුණු කන්දෙන්+ පහළට බැස එද්දී, 16  ඔබේ දෙවි වන යෙහෝවාට විරුද්ධව ඔබ පව් කරමින් සිටි ආකාරය මම දැක්කා. ඔබ වස්සෙකුගේ හැඩයට රූපයක් වාත්තු කර සාදා තිබුණා.+ යෙහෝවා දෙවි අණ කළ දේවල් ඔබට කොතරම් ඉක්මනින් අමතක වී තිබුණාද!+ 17  එය දැක මා රැගෙන ආ ගල් පුවරු දෙක මම ඔබ ඉදිරියේම පොළොවේ ගසා කැබලිවලට කඩා දැමුවා.+ 18  ඉන්පසුව මම නැවත දිවා රෑ දෙකේම දවස් හතළිහක් පුරා යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී කන්නලව් කළා. ඒ අතරතුර මම කිසිම දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.+ මා එසේ කළේ ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව පව් කර ඔහු පිළිකුල් කරන ආකාරයට හැසිර ඔහුව බොහෝ සෙයින් උදහස් කළ නිසයි.+ 19  යෙහෝවා දෙවි කොතරම් උදහස් වී සිටියාද කිව්වොත් ඔබව සහමුලින්ම විනාශ කිරීමට ඔහු තීරණය කළා.+ එය දැනගත් විට මට මහත් භයක් දැනුණා. නමුත් යෙහෝවා දෙවි මගේ කන්නලව්වලට සවන් දුන්නා.+ 20  “යෙහෝවා දෙවි ආරොන් සමඟත් උදහස් වී ඔහුවත් විනාශ කර දමන්න තීරණය කළා.+ නමුත් ඒ අවස්ථාවේදී මම ආරොන් වෙනුවෙනුත් දෙවිට කන්නලව්+ කළා. 21  ඉන්පසුව දෙවිට විරුද්ධව පව් කරමින් ඔබ සෑදූ ඒ වස්සාව+ මම පුලුස්සා දමා ඉතුරු වූ කොටස් කුඩු කර දැමුවා. අන්තිමේදී මම දූවිලි තරම් සිහින් වූ ඒ කුඩු ටික රැගෙන කන්දෙන් ගලා ආ දිය පහරකට විසි කළා.+ 22  “ඒ විතරක්ද? ඔබ තබෙරා+ නම් ස්ථානයේදිත් මස්සාහ්+ නම් ස්ථානයේදිත් කිබ්‍රොත්-හත්තාවා+ නම් ස්ථානයේදිත් යෙහෝවා දෙවිව උදහස් කළා.+ 23  කාදෙෂ්-බර්නේය+ නම් ස්ථානයේ සිටියදීත් ඔබ ක්‍රියා කළේ ඒ ආකාරයටමයි. එහිදී, ‘මා ඔබට දෙන දේශය හිමි කරගැනීමට දැන් සූදානම් වෙන්න. මම නිසැකවම ඔබට එය අත් කර දෙනවා’ කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා. නමුත් ඔබ යෙහෝවා දෙවිට අකීකරු වී+ ඔහුට විරුද්ධව කැරලිගැසුවා.+ ඔබ එසේ කළේ ඔබට දෙවි ගැන කිසිම විශ්වාසයක්+ තිබුණේ නැති නිසයි. 24  මම ඔබව හඳුනාගත් දා සිට මේ දක්වාම ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසුවා.+ 25  “යෙහෝවා දෙවි ඔබව විනාශ කිරීමට තීරණය කර තිබුණ නිසා+ මම දවස් හතළිහක් පුරා, දිවා රෑ දෙකේම+ යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී කන්නලව් කළා. 26  මම ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිට මෙසේ පැවසුවා.+ ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ මේ ජාතියව ඔබේ විශේෂ සෙනඟක් ලෙස තෝරාගත්තා.+ ඔබට අයිති මේ සෙනඟව විනාශ කරන්න එපා. ඔබ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ+ මොන තරම් මහත් බලයක්+ විදහාපෙන්වමින්ද! එහිදී ඔබ කොතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියා ඔප්පු වුණා. 27  දෙවියනි, මා ඔබෙන් අයැද සිටින්නේ මේ ජනයාගේ මුරණ්ඩුකමත් දුෂ්ටකමත් ඔවුන් කළ පාපයත් අමතක කර දමා+ ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්ව, ඊසාක්ව හා යාකොබ්ව සිහි කරන්න කියායි.+ 28  ඔබ එහෙම කළේ නැත්නම්, “යෙහෝවා දෙවි මේ සෙනඟට වෛර කර ඔවුන්ව පාළුකරයේදී මරා දැම්මේ පොරොන්දු වූ දේශයට ඔවුන්ව රැගෙන යන්න බැරි වූ නිසයි”+ කියා ඊජිප්තු දේශයේ+ ජනයා කියයි. 29  දෙවියනි, මේ සෙනඟ මොන වරදක් කළත් ඔවුන් ඔබේම සෙනඟයි.+ ඔබේ මහත් බලය හා තේජස පෙන්වමින් ඔවුන්ව නිදහස් කර විශේෂ සෙනඟක් ලෙස ඔබ ඔවුන්ව තෝරාගත්තා.’+

පාදසටහන්

නික් 8:19හි පාදසටහන බලන්න.