ද්විතීය කතාව 5:1-33

5  මෝසෙස් සියලුම ඊශ්‍රායෙල්වරුන්ව+ කැඳවා ඔවුන්ට මෙසේ පැවසීය. “ඊශ්‍රායෙල්වරුනි, අද මම ඔබට පැහැදිලි කර දෙන මෙම තීන්දු සහ නීතිවලට+ හොඳින් සවන් දී, ඒවා සිතට ගන්න. ඒවා පිළිපැදීමට අධිෂ්ඨාන කරගන්න.+  යෙහෝවා දෙවි අපි සමඟ හොරෙබ් කඳුකරයේදී ගිවිසුමක් කළා.+  යෙහෝවා දෙවි මේ ගිවිසුම ඇති කළේ අපේ මුතුන්මිත්තන් සමඟ විතරක් නොව අද මෙහි රැස්ව සිටින අප සියලුදෙනාත් සමඟයි.  යෙහෝවා දෙවි ඵ් කන්දේදී ගින්නක් තුළින් ඊශ්‍රායෙල් සෙනඟට කෙළින්ම කතා කළා.+  (නමුත් සෙනඟ ගින්න දැක භය වූ නිසා කන්ද ළඟටවත් ගියේ නැහැ.)+ ඒ අවස්ථාවේදී මම යෙහෝවා දෙවි සහ සෙනඟ අතර මැදිහත්කරුවෙකු හැටියට හිටියා.+ යෙහෝවා දෙවි පැවසූ දේවල් ඔවුන්ට කියා දුන්නේ මමයි. දෙවි මෙසේ පැවසුවා.  “‘ඔබේ දෙවි වන යෙහෝවා මමයි.+ ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළේ මමයි.+  ඔබ කවදාවත් මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර නොකළ යුතුයි.+  “‘ඔබ රූප සාදා නොගත යුතුයි.+ අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයට+ සමානව රූපයක් සාදා නොගන්න.  ඒ රූප ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට තුන්වන හා හතරවන පරම්පරා දක්වා ඔවුන්ගේ දරුවන්ට දඬුවම් කරන්නෙමි.+ 10  නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට වුවත් මම මහත් ප්‍රේමයක්* පෙන්වන්නෙමි.+ 11  “‘යෙහෝවා යන ඔබේ දෙවිගේ නාමයට අපහාස වන අයුරින් එම නාමය සඳහන් නොකරන්න.+ යෙහෝවා දෙවි වන මම මාගේ නාමයට අපහාස කරන සියලුදෙනාටම අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.+ 12  “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස සබත් දවස ශුද්ධ දවසක් ලෙස සලකන්න.+ 13  දවස් හයක් පුරා වෙහෙස මහන්සි වී වැඩ කරන්න.+ 14  නමුත් හත්වන දවසේදී ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් සබතක් පවත්වන්න.+ ඔබවත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාසදාසීන්වත් ඔබේ සතුන්වත් ඔබේ නුවරවල ජීවත් වන විදේශිකයන්වත්+ එදින කිසි වැඩක් නොකළ යුතුයි.+ එවිට ඔබට මෙන්ම ඔබේ දාසදාසීන්ටත් එදින නිවාඩු ගෙන වෙහෙස නිවාගත හැකියි.+ 15  ඔබ ඊජිප්තු දේශයේ වහලුන්ව සිටි කාලය+ ගැනත් ඔබේ දෙවි වන යෙහෝවා තම මහත් බලය+ පාමින් ඔබව ඊජිප්තුවෙන් නිදහස් කළ ආකාරය ගැනත් ඒ දවසේදී මතක් කරගත යුතුයි. යෙහෝවා දෙවි ඔබට සබත් දවස පවත්වන්න කියා අණ කළේ ඒ හේතුව නිසයි.+ 16  “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබට අණ කළ ලෙස ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එයින් ඔබට යහපතක් සිදු වෙයි. එවිට යෙහෝවා දෙවි ඔබට දෙන දේශයේ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඔබට පුළුවන්.+ 17  “‘මිනී නොමරන්න.+ 18  “‘අනාචාරයේ* නොහැසිරෙන්න.+ 19  “‘සොරකම් නොකරන්න.+ 20  “‘වෙනත් කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+ 21  “‘වෙනත් කෙනෙකුගේ භාර්යාවට ආශා නොකරන්න.+ වෙනත් කෙනෙකුගේ නිවසට හෝ ඔහුගේ දාසයාට හෝ දාසියට හෝ ගවයාට හෝ බූරුවාට හෝ ඔහුට අයිති වෙන ඕනෑම දෙයකට හෝ ආශා නොකරන්න.’+ 22  “කන්ද අසල රැස්ව සිටි මුළු ඊශ්‍රායෙල් සමූහයට ගින්නක් තුළින්+ කතා කළ යෙහෝවා දෙවි මහත් ශබ්දයකින් මේ සියල්ල පැවසුවා. ඊට අමතරව වෙන කිසි දෙයක් ඔහු ඔවුන්ට පැවසුවේ නැහැ. ඒ අවස්ථාවේදී මුළු ප්‍රදේශයම ගන දුමකින් හා වලාකුළකින් වැසී තිබුණා. ඉන්පසුව දෙවි තමන් පැවසූ සියල්ල ගල් පුවරු දෙකක් මත ලියා මට භාර දුන්නා.+ 23  “කන්ද ගින්නෙන් දැවී,+ ගන දුමක් නඟිද්දී සෙනඟට දෙවිගේ හඬ ඇසුණා. එවිට ගෝත්‍රවල ප්‍රධානීන් හා වැඩිමහල්ලන් සියලුදෙනා මා ළඟට ඇවිත්, 24  මෙසේ පැවසුවා. ‘මේ දවස නම් අපට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවා අපිට ඔහුගේ තේජස හා බලය පෙන්නුවා. ගින්න තුළින් ඔහුගේ හඬත් අපිට ඇහුණා.+ දෙවි මිනිසුන් වන අප සමඟ කතා කළත් අපෙන් කවුරුත් මිය ගියේ නැහැ.+ 25  ඒ වුණත් නැවත වතාවක් යෙහෝවා දෙවිගේ හඬ අපිට ඇසුණොත් අපි හැමෝම මැරිලා යයි.+ මේ මහා ගිනි ජාලාවෙන් අපිව පිලිස්සී යයි.+ 26  ගින්නක් තුළින් ජීවමාන දෙවිගේ හඬට+ සවන් දීලා බේරුණ කෙනෙක් ගැන මීට කලින් කවදාවත් අහලා තියෙනවාද? 27  ඒ නිසා ඊළඟ දවසේදී යෙහෝවා දෙවි කතා කරද්දී ඔබ විතරක් ගිහින් ඔහු කියන දේට ඇහුම්කන් දෙන්න. යෙහෝවා දෙවි කියන දේවල් ඔබ ඇවිත් අපට කියන්න.+ අපි ඔබ කියන විදිහට කරන්නම්.’ 28  “ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි සෙනඟ කී දේ අසාගෙනයි සිටියේ. ඒ නිසා යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘මේ සෙනඟ ඔබට පැවසූ දේවල් මා අසාගෙනයි සිටියේ. ඔවුන් කියන දේ නිවැරදියි.+ 29  මා කෙරෙහි ගරුබියක් ඇති කරගෙන,+ මා දුන් සියලු අණපනත්+ සැමවිටම පිළිපදින්න ඔවුන් මුළු හදවතින්ම කැමති වෙනවා නම් කොතරම් හොඳද! ඔවුන් එසේ කරනවා නම් ඔවුන්ටත් ඔවුන්ගේ දරුදැරියන්ටත් සදහටම ආශීර්වාද ලැබෙයි.+ 30  දැන් ඔවුන්ගේ කූඩාරම්වලට යන්න කියා සෙනඟට පවසන්න. 31  ඔබ විතරක් මා ඉදිරියේ සිටින්න. ඔබ ඔවුන්ට කියා දිය යුතු සියලුම අණපනත් හා තීන්දු මම ඔබට පවසන්නම්.+ මා ඔවුන්ට ලබා දෙන දේශය හිමි කරගත් පසුත් ඔවුන් ඒ සියල්ල පිළිපැදිය යුතුයි.’ 32  ජනයෙනි, යෙහෝවා දෙවි ඔබට අණ කළ සෑම දෙයක්ම හොඳින් ඉටු කරන්න.+ දෙවි ඔබට පෙන්වා ඇති මේ මාර්ගයෙන් කවදාවත් පිට යන්න එපා.+ 33  යෙහෝවා දෙවි ඔබට අණ කළ සෑම දෙයක්ම ඒ විදිහටම පිළිපදින්න.+ ඔබ එසේ කළොත් ඔබට යහපතක් මිස අයහපතක් නම් සිදු වෙන්නේ නැහැ.+ ඒ වගේම ඔබට හිමි වන දේශයේ බොහෝ කාලයක් ජීවත් වෙන්නත් ඔබට හැකි වෙනවා.

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
මූ.අ., “පරදාර සේවනයේ නොයෙදෙන්න.”