ද්විතීය කතාව 34:1-12

34  ඉන්පසුව මෝවබ් දේශයේ පාළුකරයේ සිටි මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගොස් යෙරිකෝවට+ මුහුණ ලා පිහිටි පිස්ගා+ කඳු මුදුනට නැග්ගේය. යෙහෝවා දෙවි එහිදී මෝසෙස්ට මුළු දේශයම පෙන්වූවේය. ගිලියද් දේශයේ සිට දාන්+ දක්වාද,  නෆ්තලී දේශයද එෆ්‍රායිම් සහ මනස්සේ දේශද බස්නාහිර දෙසින් පිහිටි මුහුද+ දක්වාම විහිදී ගිය මුළු යූදා දේශයද මෝසෙස් දුටුවේය.  නෙගෙබ්+ ප්‍රදේශයද යොර්දාන් දිස්ත්‍රික්කයද+ තාල වර්ගයේ ගස්වලට ප්‍රසිද්ධ යෙරිකෝ නුවර+ අවට තැනිතලාවද ෂොවර් නුවරද+ දැකගැනීමට ඔහුට හැකි විය.  එහිදී යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසීය. “මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට දිවුරා පොරොන්දු වූයේ මේ දේශය ගැනයි. ඔවුන්ගෙන් පැවතෙන අයට දෙන බවට මා පොරොන්දු වූ දේශය මෙයයි.+ මේ දේශයට පය තබන්න ඔබට ලැබෙන්නේ නැත. නමුත් ඔබේ ඇස් දෙකෙන්ම එය දැකගැනීමට මම ඔබට අවස්ථාව ලබා දුන්නෙමි.”+  ඉන්පසුව යෙහෝවා දෙවි පැවසූ ආකාරයටම යෙහෝවා දෙවිගේ සේවකයා වූ මෝසෙස්+ මෝවබ් දේශයේදී මිය ගියේය.+  දෙවි මෝවබ් දේශයේ බෙත්-පෙයෝර්+ නුවර ඉදිරිපිට තිබූ නිම්නයේ ඔහුව භූමදාන කළේය. නමුත් ඔහුව භූමදාන කළ ස්ථානය කොතැනද කියා මේ දක්වා කිසිවෙක් දන්නේ නැත.+  මෝසෙස් මිය යන විට ඔහුගේ වයස අවුරුදු එකසිය විස්සකි.+ මිය යන තුරුම ඔහුගේ ඇස් පෙනීමේ කිසි දුර්වලතාවක්වත්+ ඔහුගේ ශරීර ශක්තියේ කිසි අඩුවක්වත්+ දක්නට නොතිබිණ.  මෝවබ් පාළුකරයේ සිටි ඊශ්‍රායෙල්වරු මෝසෙස් වෙනුවෙන් දවස් තිහක් පුරා වැලපුණෝය.+  මිය යෑමට පෙර මෝසෙස් නූන්ගේ පුත් යොෂුවා පිට අත් තබමින්+ ඔහුව නායකයා ලෙස පත් කළේය. යොෂුවා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා+ ප්‍රඥාවන්තව කටයුතු කිරීමට ඔහුට හැකි විය. එහෙයින් ඊශ්‍රායෙල්වරු ඔහුට කීකරු වී යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් අණ කළ සියල්ල පිළිපැද්දෝය.+ 10  මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක් මෙතෙක් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වී නැත.+ ඔහු යෙහෝවා දෙවිව ඉතා හොඳින් හඳුනාගත් කෙනෙකි.*+ 11  යෙහෝවා දෙවි ඔහුව ඊජිප්තු දේශයට යවා ඔහු මාර්ගයෙන් පාරාවෝටත් ඔහුගේ සියලු සේවකයන්ටත් ඔහුගේ මුළු දේශයටත් විරුද්ධව බොහෝ ආශ්චර්යයන් හා බලවත් ක්‍රියාද කළේය.+ 12  මීට අමතරව මෝසෙස් මුළු ඊශ්‍රායෙල් ජාතිය ඉදිරියෙහි බොහෝ පුදුම ක්‍රියා කරමින් මහත් බලයක්ද විදහාපෙන්වීය.+

පාදසටහන්

මූ.අ., “යෙහෝවා දෙවි සමඟ මුහුණට මුහුණ ලා කතා කළ කෙනෙකි.”