ද්විතීය කතාව 17:1-20

17  “ඔබ කැළැලක් ඇති කිසි ගවයෙක්වත් බැටළුවෙක්වත් යෙහෝවා දෙවිට පූජා නොකළ යුතුයි. එය ඔබේ දෙවි වන යෙහෝවාට පිළිකුලක් බව මතක තබාගන්න.+  “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන නුවරක සිටින පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් සමහරවිට යෙහෝවා දෙවි සමඟ කළ ගිවිසුම කඩ කර දෙවි නපුරුයයි සලකන දේවල් කළ හැකියි.+  මා අණ කළ දේවලට විරුද්ධව ඒ තැනැත්තා කටයුතු කරන්න පුළුවන්.+ ඔහු හෝ ඇය වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඒ දෙවිවරුන් ඉදිරියෙත් ඉර, සඳ හා තාරකා ඉදිරියෙත් වැඳ වැටී නමස්කාර කරන්න ඉඩ තිබෙනවා.+  එවැනි දෙයක් සිදු වන බව ඔබට ආරංචි වුණොත් ඔබ ඒ ගැන හොඳින් සොයා බැලිය යුතුයි.+ එවැනි පිළිකුල්සහගත දෙයක් ඊශ්‍රායෙල් දේශයේ සිදු වන බව ඔප්පු වුණොත්  ඒ දුෂ්ට ක්‍රියාව කළ පුරුෂයාව හෝ ස්ත්‍රියව ඔබේ නුවරේ දොරටු අසලට ගෙනැවිත් ගල් ගසා මරා දැමිය යුතුයි.+  නමුත් ඒ තැනැත්තාව මරා දැමිය හැක්කේ ඔහු හෝ ඇය කළ දේ ගැන දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් සාක්ෂි+ දුන්නොත් පමණයි. එක් කෙනෙකුගේ සාක්ෂිය මත පමණක් ඒ තැනැත්තාව මරා නොදැමිය යුතුයි.+  ඔහුව හෝ ඇයව මරා දැමීමට මුල්ම ගල එසවිය යුත්තේ එසේ සාක්ෂි දුන් අයයි. ඉන්පසුව ඒ සඳහා සෙනඟද සහභාගි විය යුතුයි.+ එසේ කර ඔබ අතරේ හටගත් මේ දුෂ්ටකම සහමුලින්ම ඉවත් කරන්න.+  “ඇතැම්විට තීන්දුවක් දීමට අසීරු නඩුවක් විසඳන්න ඔබට සිදු විය හැකියි.+ එය ඔබේම නුවරේ සිදු වූ මිනී මැරුමක්+ හෝ යම් කෙනෙකුට විරුද්ධව ගෙනා පැමිණිල්ලක්+ හෝ සිදු වූ දරුණු අපරාධයක් හෝ ඇති වූ මතභේදයක් හෝ සම්බන්ධ නඩුවක්+ විය හැකියි. එවිට ඔබ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට ගොස්+  පූජකයන්,+ ලෙවීවරුන් සහ ඒ කාලයේදී විනිශ්චයකරු+ ලෙස ක්‍රියා කරන තැනැත්තාව හමු වී ඔවුන්ගෙන් මඟ පෙන්වීම් ලබාගත යුතුයි. එවිට ඔවුන්ගේ තීරණය ගැන ඔවුන් ඔබට පවසයි.+ 10  යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයේ සිටින ඔවුන් ඔබට ලබා දෙන තීරණයට අනුව ඔබ අවශ්‍ය පියවර ගත යුතුයි. ඔවුන් දෙන මඟ පෙන්වීම් ඒ අයුරින්ම පිළිපැදීමට වගබලා ගන්න. 11  ඔවුන් ඔබට නීතිය පැහැදිලි කර දී ඔවුන්ගේ තීරණය ගැන ඔබට පවසයි. ඔබ ක්‍රියා කළ යුත්තේ ඒ තීරණයට අනුවයි.+ ඔවුන් දෙන මඟ පෙන්වීම්වලට වඩා වෙනස් දෙයක් කරන්න එපා.+ 12  නමුත් කෙනෙක් ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ සේවය කරන පූජකයා හෝ විනිශ්චයකරු ලබා දෙන මඟ පෙන්වීම්වලට සවන් නොදී තම හිතුමතේට ක්‍රියා කරනවා නම්+ ඔහුව මරා දමන්න.+ මෙසේ, ඔබ ඊශ්‍රායෙල් දේශයෙන් දුෂ්ටකම ඉවත් කළ යුතුයි.+ 13  සිදු වූ දේ ගැන සෙනඟට ආරංචි වූ විට ඔවුන් තුළ බියක් ඇති වෙයි.+ එවිට ඔවුන් නැවත කිසිදා තම හිතුමතේට ක්‍රියා කරන්නේ නැහැ. 14  “යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට ගොස් එය හිමි කරගෙන එහි පදිංචි වුණායින් පසු,+ ‘අනික් ජාතීන්ට මෙන් අපිටත් රජෙක් අවශ්‍යයි’+ කියා ඔබ කියන්න ඉඩ තිබෙනවා. 15  එවිට ඔබ රජෙක් ලෙස පත් කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා තෝරාගන්නා තැනැත්තාවයි.+ ඔබ රජකමට තෝරාගත යුත්තේ ඔබේම සෙනඟ අතරේ සිටින කෙනෙකුවයි. විදේශිකයෙකුව ඔබේ රජු ලෙස පත් කරගන්න ඔබට අවසර නැහැ. 16  ඔබ රජකමට පත් කරන තැනැත්තා බොහෝ අශ්වයන් එකතු කර නොගැනීමට වගබලා ගත යුතුයි.+ අශ්වයන්ව ගෙන්වාගැනීම සඳහා තම සේවකයන්ව ඊජිප්තුවට යවන්නවත් ඔහුට අවසර නැහැ.+ මන්ද ‘ඔබ නැවතත් ඊජිප්තුවට යන මාර්ගයේ ගමන් නොකළ යුතුයි’ කියා යෙහෝවා දෙවි පවසා තිබෙනවා. 17  එමෙන්ම, ඔහු බොහෝ ස්ත්‍රීන්ව විවාහ කර නොගත යුතුයි. එසේ කළොත් ඔහුගේ සිත දෙවිගෙන් දුරස් වී ඔහු මුළා වීමට ඉඩ තිබෙනවා.+ ඔහු රන් රිදී අධික ලෙස තමන්ටම රැස් කරගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි.+ 18  ඔහුව රජු ලෙස පත් කළ පසු පූජකයන් හා ලෙවීවරුන් භාරයේ තිබෙන මේ නීතියේ පිටපතක් ඔහු තමන්ට සාදාගත යුතුයි.+ 19  “ඔහු එම පිටපත තමන් ළඟම තබාගෙන තමා ජීවත් වන සෑම දවසකදීම එය කියවිය යුතුයි.+ එසේ කිරීමෙන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන ආකාරය ගැන ඉගෙනගෙන මේ නීතියේ සඳහන් සියලු අණපනත් හා නියෝගවලට කීකරු වීමට ඔහුට හැකි වෙයි.+ 20  එසේ කළොත් ඔහු උඩඟු වී තමා අන් අයට වඩා උතුම් කියා සිතන්නවත්+ දෙවිගේ අණපනත්වලින් කිසි අන්දමකින් පිට පනින්නවත්+ පෙලඹෙන්නේ නැහැ. ඔහුගේ රජකමත් ඔහුගේ රාජකීය පෙළපතත් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ බොහෝ කාලයක් පවතියි.+

පාදසටහන්