ගීතාවලිය 99:1-9

99  යෙහෝවා දෙවි රජ වී ඇත.+ ජනයෙනි, භයෙන් වෙවුලන්න.+ඔහු කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින්නේය.+ පොළොව කැලඹේවා!+   තම ශ්‍රේෂ්ඨත්වය යෙහෝවා දෙවි සියොන්හි පෙන්වා ඇත.+ඔහු සියලු මනුෂ්‍යයන්ට වඩා උසස්ය.+   සියලු ජනයා ඔහුගේ නාමයට ප්‍රශංසා කරත්වා!+ඔහුගේ නාමය ශ්‍රේෂ්ඨය. ශුද්ධය. ගරුබිය දනවනසුලුය.+   යුක්තියට ළැදි බලසම්පන්න රජෙකු මෙන් ඔහුද යුක්තියට බොහෝ සෙයින් ඇලුම් කරන්නේය.+ඔහු ධර්මිෂ්ඨකම ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ඔහු යාකොබ්ට යුක්තිය ඉටු කර දුන්නේය. ධර්මිෂ්ඨකමින් ඔහු සමඟ ක්‍රියා කළේය.+   අපේ දෙවි වූ යෙහෝවාව ගෞරවයට පත් කරන්න.+ ඔහුගේ පා පුටුව ඉදිරියේ වැඳ වැටෙන්න.+ඔහු ශුද්ධය.+   මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+   වලා ටැඹ තුළින් ඔහු දිගටම ඔවුන්ට කතා කළේය.+ඔහුගේ සිහිගැන්වීම්වලට හා නියෝගවලට අනුව ඔවුහු ක්‍රියා කළෝය.+   යෙහෝවා අපේ දෙවියනි, ඔබ ඔවුන්ට පිළිතුරු දුන්නෙහිය.+ඔබ සමාව දෙන දෙවි කෙනෙක් බව ඔවුන්ට පෙන්වුවෙහිය.+නමුත් ඔවුන්ගේ වැරදිවලට දඬුවම් නොදී නොසිටින බවද ඔබ ඔවුන්ට පෙන්වුවෙහිය.+   අපේ දෙවි වූ යෙහෝවාව ගෞරවයට පත් කරන්න.+ඔහුගේ ශුද්ධ කන්දේදී ඔහුට නමස්කාර කරන්න.+මන්ද අපේ දෙවි වූ යෙහෝවා ශුද්ධය.+

පාදසටහන්