ගීතාවලිය 95:1-11

95  එන්න, අපි යෙහෝවා දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟමු.+අපට ගැලවීම සලසා දෙන පර්වතයට ජය නාද නඟමු.+   ස්තුති ප්‍රශංසා සමඟ අපි ඔහු ඉදිරියට පැමිණෙමු.+ගීතිකා ගයමින් ඔහුට ජය නාද නඟමු.+   මන්ද යෙහෝවා දෙවි උතුම් දෙවි කෙනෙකි.+අන් සියලු දෙවිවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ රජෙකි.+   පොළොවේ ගැඹුරුතම ස්ථාන ඔහුගේ අතේය.+කඳු මුඳුන්වල අයිතිය ඔහුටය.+   ඔහු සාගරයේ සැදුම්කරු නිසා එහි අයිතියද ඔහු සතුය.+ඔහුගේම දෑතින් ඔහු භූමියද සෑදුවේය.+   එන්න, අපි වැඳ වැටී ඔහුට නමස්කාර කරමු.+අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි+ ඉදිරියේ දණ නමමු.+   මන්ද ඔහු අපේ දෙවිය. අපි ඔහුගේ සෙනඟය. තණබිමේ සිටින බැටළුවන් මෙන් ඔහු අපිව රැකබලා ගන්නේය.+අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුය.+   එබැවින් ඔබේ මුතුන්මිත්තන් මෙරිබාහිදී කළාක් මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න.+එදා පාළුකරයේ මස්සාහ් නම් ස්ථානයේ ඔවුන් කළ දේ නොකරන්න.+   ඔවුන් මාගේ ක්‍රියා දැක තිබුණත්+එහිදී මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා ඔවුහු පරීක්ෂා කර බැලුවෝය.+ 10  අවුරුදු හතළිහක් පුරාම ඒ පරම්පරාව මට පිළිකුලක් විය.+“ඔවුහු මුළාව ගිය සෙනඟකි.+ඔවුහු මට පිටු පා මා පැවසූ දේවලට කීකරු වූයේ නැත”+ කියා මම කීවෙමි. 11  මම උදහසින් ඔවුන් ගැන දිවුරා මෙසේ කීවෙමි.+“මා මෙන් විවේක ගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබෙන්නේය.”+

පාදසටහන්