ගීතාවලිය 94:1-23

94  දුෂ්ටයන්ට දඬුවම් දීමට අයිතිය ඇති යෙහෝවා දෙවියනි,+යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ ආලෝකය විහිදුවන්න.+   පොළොව විනිශ්චය කරන තැනැත්තාණෙනි, නැඟී සිට+උඩඟු අයට දඬුවම් කරන්න.+   යෙහෝවා දෙවියනි, තව කොපමණ කාලයක් දුෂ්ටයන් සතුටින් සිටිනු ඇද්ද?+අනේ දෙවියනි, තව කොපමණ කල් ඔවුන් මෙසේ සතුටු වනු ඇද්ද?+   ඔවුහු දිගින් දිගටම කතා කරති. තොරතෝංචියක් නැතුව දොඩවති.+නපුරු ක්‍රියා කරන්නෝ තමන් ගැනම උජාරුවෙන් කතා කරති.+   යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟව ඔවුහු පොඩි කර දමති.+ඔබේ උරුමය වන ඔවුන්ට දිගින් දිගටම හිරිහැර කරති.+   වැන්දඹුවන්වද විදේශිකයන්වද මරා දමති.+පියා නැති දරුවන්වද මරණයට පත් කරති.+   “යෙහෝවා දෙවිට මේ දේවල් පෙනෙන්නේ නැහැ.+යාකොබ්ගේ දෙවි මේ දේවල් ගැන දන්නේ නැහැ” කියා ඔවුහු පවසති.+   මාගේ සෙනඟ අතරේ සිටින අඥානයෙනි, තේරුම්ගන්න.+අනුවණයෙනි, කවදා ඔබ මේ දේ වටහාගනු ඇද්ද?+   කන් සෑදූ තැනැත්තාට මේ දේවල් ඇසෙන්නේ නැද්ද?+දෑස් සෑදූ තැනැත්තාට මේ දේවල් පෙනෙන්නේ නැද්ද?+ 10  ජාතීන්ව හික්මවන,+ මිනිසුන්ට දැනුම ලබා දෙන තැනැත්තාටඔවුන්ව නිවැරදි කළ නොහැකිද?+ 11  මිනිසුන්ගේ සිතුවිලි යෙහෝවා දෙවි දන්නේය. ඒවා කොතරම් නිරර්ථකද කියාත් ඔහු දන්නේය.+ 12  යෙහෝවා දෙවියනි, ඔබෙන් හික්මවීම් ලබන තැනැත්තා සන්තෝෂවත්ය.+ඔබේ නීතිය ගැන ඔබ උගන්වන තැනැත්තා සන්තෝෂවත්ය.+ 13  ඔබ දුෂ්ටයන්ව ඇද දැමීමට වළක් හාරන තෙක්,+පැමිණෙන විපත්තිවලට සන්සුන්ව මුහුණ දීමට ඔහුට හැකි වන පිණිස ඔබ එසේ කරන්නෙහිය.+ 14  යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත් නොහරින්නේය.+තම උරුමය වූ ඔවුන්ව ඉවත නොදමන්නේය.+ 15  ධර්මිෂ්ඨ ලෙස තීන්දු දෙන කාලයක් නැවත පැමිණෙන්නේය.+අවංක සිත් ඇති සියල්ලෝ ඒවා පිළිගන්නෝය. 16  මා වෙනුවෙන් අපරාධකරුවන්ට විරුද්ධව නැඟී සිටින්නේ කවුද?+නපුරු ක්‍රියා කරන්නන්ට විරුද්ධ වීමට මාගේ පැත්තේ සිටින්නේ කවුද?+ 17  යෙහෝවා දෙවි මට උපකාර නොකළේ නම්+මේ වන විටත් මා සදහටම නිහඬ වී හමාරය.+ 18  “මාගේ පය ලිස්සන්න ආසන්නයි” කියා මා සිතුවත්+යෙහෝවා දෙවියනි, ඔබේ ඉමහත් ප්‍රේමය* නිසා ඔබ මට වැටෙන්න ඉඩ නොදුන්නෙහිය.+ 19  මාගේ සිත නොසන්සුන් වූ විට+ඔබේ ඉමහත් ප්‍රේමය මට සැනසීමක් විය.+ 20  දුෂ්ට අරමුණක් ඇතුව නීති පනවන+දූෂිත පාලකයන්ට ඔබ සමඟ මිත්‍රත්වයක් ඇති කරගත හැකිද?+ 21  ඔවුහු ධර්මිෂ්ඨයාට දරුණු ලෙස පහර දෙන්නෝය.+නිර්දෝෂ තැනැත්තෙකුගේ ලේ වැගිරවීමේ අරමුණ ඇතුව ඔහුව දුෂ්ටයෙකු ලෙස තීන්දු කරන්නෝය.+ 22  නමුත් මාගේ දෙවි වූ යෙහෝවා මට උස් බලකොටුවක් මෙනි.+ආරක්ෂාව සලසා දෙන පර්වතයක් මෙනි.+ 23  ඔවුන් කළ නපුරු දේවල් දෙවි ආපසු ඔවුන් පිටටම පමුණුවන්නේය.+ඔවුන් අන් අයට ගෙනා විපත්ති ඔවුන්ටම අද්දකින්න සලස්වා දෙවි ඔවුන්ව නිහඬ කරන්නේය.+එසේය, අපේ දෙවි යෙහෝවා ඔවුන්ව නිහඬ කරන්නේය.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”