ගීතාවලිය 91:1-16

91  මහෝත්තම දෙවිගේ+ රහස් ස්ථානයේ සිටින්නාට+සියලු බලැති තැනැත්තාණන්ගේ සෙවණෙහි වාසය කිරීමට හැකි වන්නේය.+   මම යෙහෝවා දෙවිට මෙසේ කියන්නෙමි. “ඔබ මාගේ රැකවරණයය. මාගේ බලකොටුවය.+මා විශ්වාසය තබන මාගේ දෙවිය.”+   ඔහු කුරුලු දඩයක්කරුගේ උගුලෙන් ඔබව ගලවාගන්නේය.+විනාශකාරී වසංගතයෙන් ඔබව මුදවාගන්නේය.+   ඔබට ළං වීමට කිසිවෙකුට ඉඩ නොදී ඔහුගේ පියාපත්වලින් ඔබව වසාගන්නේය.+ඔහුගේ පියාපත් සෙවණෙහි ඔබ රැකවරණය ලබන්නෙහිය.+ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ මෙන්ද පවුරක් මෙන්ද වන්නේය.   රාත්‍රියේ සිදු වන කිසිම භයානක දෙයකට ඔබ භය නොවන්නෙහිය.+දවාලේ විදින ඊගස+ නිසා ඔබ තැති නොගන්නෙහිය.   අඳුරේ පැතිරී යන වසංගතය නිසාවත්+දවල් කාලයේදී සියල්ල නැති නාස්ති කර දමන විනාශය නිසාවත් ඔබට බියක් නොදැනේ.+   දහසක් ඔබ අසලම ඇද වැටුණත්දසදහසක් ඔබේ දකුණු පැත්තේ ඇද වැටුණත්ඔබට නම් එවැනි දෙයක් සිදු නොවන්නේය.+   දුෂ්ටයන්ට ලැබෙන දඬුවම+ඔබේම ඇස් දෙකෙන් ඔබට දැකගැනීමට හැකි වන්නෙහිය.+   ඔබ, “යෙහෝවා දෙවි මාගේ රැකවරණයය”+ කියා පවසමින්මහෝත්තම දෙවිව ඔබේ වාසස්ථානය කරගත්තෙහිය.+ 10  එබැවින් කිසි විපතක් ඔබ පිටට නොපැමිණෙන්නේය.+කිසි පීඩාවක් ඔබේ කූඩාරමට ළඟා නොවන්නේය.+ 11  ඔහු තම දූතයන්ට ඔබව ආරක්ෂා කිරීමට අණ දෙන්නේය.+එසේය, ඔබ ගන්නා සෑම පියවරකදීම ඔබව ආරක්ෂා කරන ලෙස අණ දෙන්නේය.+ 12  ඔබේ පය කිසිවිටකත් ගලක නොවදින පිණිස+ඔවුහු සිය අත්වලින් ඔබව උසුලන්නෝය.+ 13  තරුණ, කේශර සිංහයාවද නාගයාවද ඔබ පාගා දමන්නෙහිය.+කේශර සිංහයන්වත් විශාල සර්පයන්වත් ඔබ පාගා දමන්නෙහිය.+ 14  දෙවි මෙසේ කීවේය. “ඔහු මට ප්‍රේම කරන නිසා+මම ඔහුව ගලවාගන්නෙමි.+ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.+ 15  ඔහු මට කන්නලව් කරන්නේය. එවිට මම ඔහුට උත්තර දෙන්නෙමි.+විපත්ති කාලයේදී මම ඔහු සමඟ සිටින්නෙමි.+ඔහුව බේරාගෙන ඔහුව ගෞරවයට පත් කරන්නෙමි.+ 16  ඔහුගේ ජීවිත කාලය වැඩි කර ඔහුව තෘප්තිමත් කරන්නෙමි.+මම ලබා දෙන ගැලවීම ඔහුට දැකීමට සලස්වන්නෙමි.”+

පාදසටහන්