ගීතාවලිය 90:1-17

සැබෑ දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස්ගේ යාච්ඤාවකි.+ 90  යෙහෝවා දෙවියනි, ඔබ පරම්පරාවක් පරම්පරාවක් පාසා+අපට වාසස්ථානයක් වී ඇත.+   පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත.+කඳු බිහි වන්නත්+ පොළොව+ හා එහි ඇති සියල්ල+ සාදන්නත්* කලින් ඔබ සිටියෙහිය.   ඔබ මිනිසාව නැවත දූවිල්ලට හරවන්නෙහිය.+“මනුෂ්‍යයෙනි, නැවත දූවිල්ලට හැරී යන්න” කියා ඔබ පවසන්නෙහිය.+   අවුරුදු දහසක් ගත වුවත් ඔබට එය ගෙවී ගිය එක දවසක් මෙනි.+එය ඔබට ගෙවී ගිය එක රැකවල් යාමයක්* මෙනි.+   එක මොහොතකින් ඔබ ඔවුන් පිටට විනාශය ගෙනෙන්නෙහිය.+ ඔවුහු සිහිනයක් මෙන් පහ වී යන්නෝය.+ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ මෙනි.+   හිරු නැඟ එන විට ඒවා දලු ලා හොඳින් වැඩෙන්නේය.+නමුත් සවස් වන විට ඒවා පර වී වියළී යන්නේය.+   ඔබේ කෝපය නිසා අප පිටට විනාශය පැමිණියේය.+ඔබේ උදහස නිසා අප කැලඹුණේය.+   ඔබ අපේ වැරදි ඔබ ඉදිරියේම තබාගත්තෙහිය.+අප රහසින් කළ දේ* මතට ඔබේ මුහුණේ දීප්තිය වැටීමට ඔබ සැලැස්වුවෙහිය.+   ඔබේ උදහසට හසු වී අපේ ජීවිතයේ සියලු දවස් ගෙවී ගියේය.+හෙළන සුසුමක් මෙන් අපේ ආයු කාලය අවසන් වුණේය.+ 10  සාමාන්‍යයෙන් අප ජීවත් වන්නේ අවුරුදු සැත්තෑවකි.+ශක්තිය ඇත්නම් අවුරුදු අසූවකි.+එයද කරදර සහ දුක් ගැහැටවලින් පිරී ඇත.+ජීවිතය වේගයෙන් ගෙවී යයි. අපද සැණෙකින් පහව යයි.+ 11  ඔබේ කෝපය කොතරම් බලගතුද කියා දැනගත හැක්කේ කාටද?+ඔබේ උදහස කොතරම් ප්‍රබලද කියා කාට තේරුම්ගත හැකිද? ඔබ කෙරෙහි අපට තිබිය යුතු ගරුබිය තරම් එය ඉමහත්ය.+ 12  නැණවත් සිතක් අත් කරගැනීමට අපට හැකි වන පිණිස+අපේ ජීවිතයේ සෑම දවසක්ම අර්ථවත් ලෙස ගත කිරීමට* අපට උගන්වන්න.+ 13  අපව අත්හැර ගිය ඔබ නැවත අප වෙතට පැමිණෙන්න+ තව කොපමණ කලක් ගත වෙයිද?+අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයන්ට අනුකම්පා කරන්න.+ 14  ප්‍රීති ඝෝෂා නඟමින් අපේ මුළු ජීවිත කාලයම සතුටින් ගත කිරීමට හැකි වන පිණිස+උදෑසනින්ම ඔබේ ප්‍රේමය* අපට පෙන්වන්න.+ 15  ඔබ අපට විඳීමට ඉඩහැරිය දුක් පීඩාවල ප්‍රමාණයටම දැන් අපව සතුටට පත් කරන්න.+දුක් ගැහැට අද්දුටු අවුරුදු ගණනට සරිලන සේ+ අපව ප්‍රීතියට පත් කරන්න. 16  ඔබේ ක්‍රියාවන් ඔබේ සේවකයන්ට දැකීමට සලස්වන්න.+ඔබේ තේජස ඔවුන්ගේ දරුවන්ටද දැකගැනීමට සලස්වන්න.+ 17  යෙහෝවා දෙවි වූ ඔබේ කරුණාව* අපට අද්දැකීමට ලැබේවා!+අපේ දෑතේ වැඩවලට ඔබේ ආශීර්වාදය ලැබේවා!+එසේය, අපේ දෑතේ වැඩවලට ඔබේ ආශීර්වාදය ලැබේවා!+

පාදසටහන්

මූ.අ., “ප්‍රසව වේදනාවක් ඇතුව බිහි කිරීමටත්.”
බොහෝදුරට එක රැකවල් යාමයක් යනු හිරු බැස යෑමේ සිට හිරු නැඟීම දක්වා ඇති කාලයෙන් තුනෙන් කොටසකි.
හෝ, “නොදැන කළ වැරදි.”
මූ.අ., “දවස් ගණින්න.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “යහපත.”