ගීතාවලිය 89:1-52

සේරාගෙන් පැවතෙන්නෙකු වූ ඒතන්+ රචනා කළ මස්කිල්. 89  යෙහෝවා දෙවි පෙන්වූ ප්‍රේමය* ගැන මම සැමදා ගී ගයන්නෙමි.+පරම්පරාවක් පරම්පරාවක් පාසා මම ඔහුගේ විශ්වාසවන්තකම ගැන ප්‍රකාශ කරන්නෙමි.+   “ඔබේ අතිමහත් ප්‍රේමය* සදහටම පවතින්නේය.+ඔබේ විශ්වාසවන්තකම ස්වර්ගයේ ස්ථිර ලෙස පිහිටුවා තිබෙන්නේය” කියා මම කීවෙමි.+   දෙවි මෙසේ කීවේය. “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් ඇති කරගත්තෙමි.+මාගේ සේවක දාවිත්ට මම මෙසේ පොරොන්දු වුණෙමි.+   ‘මම ඔබේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+ඔබේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවතින ලෙස සුරකින්නෙමි.’”+ සීලාහ්.   යෙහෝවා දෙවියනි, ඔබේ පුදුමාකාර ක්‍රියාවන් ගැන ස්වර්ගය පවා ඔබට ප්‍රශංසා කරන්නේය.+එසේය, රැස්ව සිටින ශුද්ධ තැනැත්තෝ පවා ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෝය.   යෙහෝවා දෙවිට සමාන තවත් කෙනෙක් ස්වර්ගයේ සිටීද?+දෙවිගේ පුත්‍රයන්* අතරේ යෙහෝවා දෙවිට සමාන කිසිවෙක් සිටීද?+   ශුද්ධ තැනැත්තන්ට දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුය.+ඔහු වටා සිටින සියල්ලන්ට වඩා ඔහු අතිශ්‍රේෂ්ඨය.+ ගරුබියක් උපදවන තැනැත්තාද ඔහුය.   ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි,+ඔබ මෙන් ශක්තිමත් කෙනෙක් තවත් සිටීද?+යෙහෝවා දෙවියනි, ඔබ සැමවිටම විශ්වාසවන්තය.+   ඔබ මුහුදේ සැඩ පහර පාලනය කරන්නෙහිය.+රළ නඟින විට ඔබ ඒවා සන්සුන් කරන්නෙහිය.+ 10  ඔබ රාහබ්ව පරාජය කළෙහිය.+ ඇය දැන් මැරුම් කෑ කෙනෙකු මෙනි.+ඔබේ ශක්තිමත් හස්තයෙන් ඔබ සතුරන්ව විසුරුවාහැරියෙහිය.+ 11  අහසෙත්+ පොළොවෙත් අයිතිය ඔබටය.+භූමියත් එහි ඇති සියල්ලත් ඔබගේය.+ මන්ද ඒ සියල්ලේ සැදුම්කරු ඔබය.+ 12  උතුරෙත් දකුණෙත් ඇති දේවල් නිර්මාණය කළේ ඔබය.+තාබෝර්+ සහ හෙර්මොන්+ ඔබේ නාමයට ප්‍රශංසා කරමින් ප්‍රීති ඝෝෂා නඟන්නෝය.+ 13  ඔබේ හස්තය බලවත්ය.+ඔබේ දෑත් ශක්තිමත්ය.+ඔබේ දකුණත ශ්‍රේෂ්ඨය.+ 14  ඔබේ සිංහාසනය පිහිටුවා ඇත්තේ ධර්මිෂ්ඨකම හා යුක්තිය මතය.+ප්‍රේමය* හා විශ්වාසවන්තකම ඔබ ඉදිරියෙන් ගමන් කරන්නේය.+ 15  ප්‍රීති ඝෝෂාවන්ට හවුල් වන්නෝ සන්තෝෂවත්ය.+යෙහෝවා දෙවියනි, ඔබේ මුහුණෙන් විහිදෙන ආලෝකයෙන් ඔවුහු ගමන් කරන්නෝය.+ 16  ඔබේ නාමය නිසා ඔවුහු දවස මුළුල්ලේම ප්‍රීතියෙන් සිටින්නෝය.+ඔබේ ධර්මිෂ්ඨකම නිසා ඔබ ඔවුන්ව උසස් කරනු ලබන්නෙහිය.+ 17  ඔවුන්ගේ ශක්තිය තව තවත් ඔප්නංවන්නේ ඔබය.+ඔබේ කරුණාව නිසා අපේ සවිය තව තවත් වැඩි වන්නේය.+ 18  අපේ පලිහ යෙහෝවා දෙවිගෙන්ය.+අපේ රජු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාගෙන්ය.+ 19  යම් කලකට ඉහතදී දර්ශනයක් මාර්ගයෙන් ඔබට පක්ෂපාතඅයට ඔබ මෙසේ කීවෙහිය.+“බලවන්තයෙකු මාර්ගයෙන් මම උපකාර කරමි.+ජනයා අතරින් තෝරාගත් කෙනෙකුව උසස් කළෙමි.+ 20  මාගේ සේවක දාවිත්ව මම තෝරාගත්තෙමි.+මාගේ ශුද්ධ තෛලයෙන් මම ඔහුව අභිෂේක කළෙමි.+ 21  මාගේ හස්තය සැමවිටම ඔහු සමඟ වන්නේය.+මම ඔහුව ශක්තිමත් කරන්නෙමි.+ 22  කිසිම සතුරෙක් ඔහුට පීඩා කරනු නොලබන්නේය.+කිසිම දුෂ්ටයෙක් ඔහුට හිරිහැර නොකරන්නේය.+ 23  මම ඔහුගේ සතුරන්ව සුනුවිසුනු කර දැමුවෙමි.+ඔහුට දැඩි ලෙස වෛර කරන්නන්ට දිගටම පහර දුන්නෙමි.+ 24  මම ඔහුට ප්‍රේමය* පෙන්වමින් ඔහු සමඟ විශ්වාසවන්තව කටයුතු කරමි.+මාගේ නාමය නිසා ඔහුගේ සවිය වැඩි වන්නේය.+ 25  මම ඔහුගේ අත මුහුද මත තැබුවෙමි.+ගංගා මත ඔහුගේ දකුණත තැබුවෙමි.+ 26  ‘ඔබ මාගේ පියාය,+මාගේ දෙවිය,+ මට ගැලවීම සලසා දෙන පර්වතය’ කියා ඔහු මට කියන්නේය.+ 27  මම ඔහුට කුලුඳුල්කම දෙන්නෙමි.+මම ඔහුව පොළොවේ රජවරුන් අතරින් ශ්‍රේෂ්ඨතම රජ කරන්නෙමි.+ 28  මම සදහටම ඔහුට ප්‍රේමය* පෙන්වන්නෙමි.+ඔහු සමඟ මා කළ ගිවිසුම කිසිදා කඩ නොවන්නේය.+ 29  මම ඔහුගේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතින්නේය.+ 30  නමුත් ඔහුගේ පුත්‍රයෝ මාගේ නීතිය කඩ කරමින්+මාගේ අණපනත්වලට එකඟව ක්‍රියා නොකරන්නේ නම්,+ 31  මාගේ නියෝග කඩ කරමින්මාගේ ආඥා නොසලකාහරින්නේ නම්, 32  මට ගණන් දීමට ඔවුන්ට සිදු වනු ඇත. මම වේවැලෙන් ඔවුන්ගේ වරදට දඬුවම් කරන්නෙමි.+ඔවුන්ව හික්මවන්නෙමි.+ 33  නමුත් ඔහුට මාගේ ප්‍රේමය* පෙන්වීමට මම පසුබට නොවන්නෙමි.+මම සැමදා ඔහුට විශ්වාසවන්තව සිටින්නෙමි.+ 34  මා ඔහු සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කරන්නේවත්+මා පැවසූ දේ වෙනස් කරන්නේවත් නැත.+ 35  මාගේ ශුද්ධකමේ නාමයෙන් මම දෙයක් පොරොන්දු වුණෙමි.+මම දාවිත්ට බොරු නොකියන්නෙමි.+ 36  ඔහුගේ පෙළපත කිසිදා පහ නොවන්නේය.+මා ඉදිරියේ තිබෙන සූර්යයා මෙන් ඔහුගේ සිංහාසනය සැමදා පවතින්නේය.+ 37  විශ්වාසවන්ත සාක්ෂිකරුවෙකු සේ අහසේ පෙනී සිටින සඳ මෙන්එය සැමදා ස්ථිරව පවතින්නේය.” සීලාහ්. 38  නමුත් ඔබ, ඔබේ අභිෂේක ලත් තැනැත්තා සමඟ උදහස් වී+ ඔහුව ප්‍රතික්ෂේප කළෙහිය.+ඔහුව හෙළාදුටුවෙහිය. 39  ඔබේ සේවකයා සමඟ කළ ගිවිසුම ඔබ අත්හැරියෙහිය.ඔහුගේ ඔටුන්න බිම හෙළා ඔහුව නින්දාවට පත් කළෙහිය.+ 40  ඔබ ඔහුගේ සත්ව ගාල් බිඳ දමා,+ඔහුගේ බලකොටු සුනුවිසුනු කර දැමුවෙහිය.+ 41  මඟ යන එන සියල්ලෝ ඔහු සතු දේවල් කොල්ල කෑවෝය.+ඔහුගේ අසල්වැසියන් ඉදිරියේ ඔහු නින්දාවට පත් වුණේය.+ 42  ඔහුගේ විරුද්ධකරුවන්ගේ දකුණත ඔබ ශක්තිමත් කළෙහිය.+ඔහුගේ සියලු සතුරන්ට සතුටු වීමට ඉඩහැරියෙහිය.+ 43  ඔබ ඔහුගේ කඩුව සතුරෙකුගේ කඩුවක් ලෙස සැලකුවෙහිය.+යුද්ධයෙන් ජය ගැනීමට ඔබ ඔහුට ඉඩ නොදුන්නෙහිය.+ 44  ඔබ ඔහුගේ තේජස නැති කර දමා,+ඔහුගේ සිංහාසනය බිම හෙළුවෙහිය.+ 45  ඔහුගේ යෞවන කාලය කෙටි කළෙහිය.ලැජ්ජාවෙන් ඔහුව වැසී යෑමට සැලැස්වුවෙහිය.+ සීලාහ්. 46  යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයකට අපෙන් ඈත්ව සිටින්නෙහිද? සදහටම ඔබ එසේ සිටින්නෙහිද?+ඔබේ උදහස ගින්නක් සේ අපට විරුද්ධව සැමදා ඇවිළෙයිද?+ 47  මාගේ ආයු කාලය කොතරම් කෙටිදැයි සිහි කරන්න.+ඔබ මනුෂ්‍යයන්ව සෑදුවේ කිසිම අරමුණක් නොමැතිවද?+ 48  මරණය අත් නොදකින කිසි මිනිසෙක් සිටීද?+කිසිවෙකුට මිනී වළෙන් තමන්ව බේරාගත හැකිද?+ සීලාහ්. 49  යෙහෝවා දෙවියනි, ඔබ කලින් පෙන්වූ ප්‍රේමය* දැන් අපට නොපෙන්වන්නේ මන්ද?විශ්වාසවන්ත කෙනෙකු වූ ඔබ ප්‍රේමය පෙන්වන බවට දාවිත්ට පොරොන්දු වූවා නොවේද?+ 50  යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයන් අද්දකින නින්දාව සිහි කරන්න.+බොහෝදෙනෙකු කරන නින්දාවන් මම මාගේ ළයෙහි දරාගෙන සිටිමි.+ 51  යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් කළ නින්දා අපහාස අමතක නොකරන්න.+ඔබේ අභිෂේක ලත් තැනැත්තා කළ සෑම දෙයකටම ඔවුහු නින්දා කළෝය.+ 52  සදාකාලයෙන් සදාකාලයටම යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා! ආමෙන්, ආමෙන්.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “දේවදූතයන්.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”