ගීතාවලිය 86:1-17

දාවිත්ගේ යාච්ඤාවකි. 86  අනේ යෙහෝවා දෙවියනි, මට සවන් දී මාගේ යාච්ඤාවට පිළිතුරු දෙන්න.+බොහෝ පීඩාවන් නිසා මම අන්ත අසරණ තත්වයකට පත්ව සිටිමි.+   මාව ආරක්ෂා කරන්න. මන්ද මම ඔබට විශ්වාසවන්තව සිටිමි.+ඔබ මාගේ දෙවිය. ඔබ කෙරෙහි විශ්වාසය තබා සිටින ඔබේ සේවකයාව ගලවාගන්න.+   අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාවෙන් සලකන්න.+මන්ද දවස මුළුල්ලේම මා මොරගසන්නේ ඔබටය.+   යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාව සතුටට පත් කරන්න.+මන්ද මාගේ මුළු ජීවිතයම මම ඔබ වෙනුවෙන් දෙන්නෙමි.+   යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති,+ යහපත් දෙවි කෙනෙක්ය.+ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+   අනේ යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+මාගේ කන්නලව්වලට ඔබේ සවන් යොමු කරන්න.+   විපතේදී මම ඔබට හඬගසන්නෙමි.+ඔබ නිසැකවම මට පිළිතුරු දෙන්නෙහිය.+   යෙහෝවා දෙවියනි, ඔබට සමාන වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි වෙන කිසිවක්ද නැත.+   යෙහෝවා දෙවියනි, ඔබ ජීවිතය දුන් සියලු ජාතීහු ඇවිත්+ඔබ ඉදිරියේ වැඳ වැටෙනු ඇත.+ඔවුහු ඔබේ නාමය ගෞරවයට පත් කරනු ඇත.+ 10  මන්ද ඔබ ශ්‍රේෂ්ඨය. ඔබේ ක්‍රියා පුදුමාකාරය.+ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැත.+ 11  යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ගය ගැන මට උගන්වන්න.+මම ඔබේ සත්‍ය මාර්ගයෙහි ගමන් කරන්නෙමි.+මාගේ මුළු සිතින්ම ඔබේ නාමය කෙරෙහි ගරුබියක් ඇතුව සිටීමට මට උපකාර කරන්න.+ 12  යෙහෝවා, මාගේ දෙවියනි, මාගේ මුළු සිතින්ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+සැමදා ඔබේ නාමය ගෞරවයට පත් කරන්නෙමි. 13  ඔබ මට පෙන්වන ප්‍රේමය* මොන තරම්ද!+ඔබ මාව මිනී වළෙන් ගලවාගත්තෙහිය.+ 14  දෙවියනි, උඩඟු අය මට විරුද්ධව නැඟී සිටිති.+කුරිරු පාලකයෝ එක්ව මාව මරා දැමීමට සොයති.+ඔවුහු කිසිවිටක ඔබව ගණන් නොගනිති.+ 15  නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+ 16  දෙවියනි, මා දෙස බලා මට කරුණාව පෙන්වන්න.+ඔබේ සේවකයාට ඔබේ ශක්තිය ලබා දෙන්න.+ඔබේ දාසියගේ පුත්‍රයාව ගලවාගන්න.+ 17  ඔබ මා වෙනුවෙන් කරන යහපත් දේ අන් අයට දැකීමට සලස්වන්න.මට වෛර කරන්නෝ එය දැක ලැජ්ජාවට පත් වනු ඇත.+යෙහෝවා දෙවියනි, ඔබ මට උපකාර කළෙහිය. ඔබ මාව සැනසුවෙහිය.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”