ගීතාවලිය 82:1-8

ආසාෆ් රචනා කළ ගීතයකි. 82  දෙවි+ තම සභාවේ සිටගෙන+දෙවිවරුන් මැද විනිශ්චය කරන්නේය.+   “ඔබ තව කොපමණ කාලයක් අසාධාරණ ලෙස විනිශ්චය කරන්නහුද?+දුෂ්ටයන්ගේ පැත්ත ගෙන කටයුතු කරන්නහුද?+ සීලාහ්.   අසරණයා හා පියා නැති දරුවා වෙනුවෙන්ද+පීඩිතයා හා දුප්පතා වෙනුවෙන්ද යුක්තිය ඉටු කරන්න.+   අසරණයාව හා දුප්පතාව බේරාගන්න.+දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවාගන්න.”+   නමුත් ඔවුහු කිසිවක් නොදනිති. කිසිවක් තේරුම් නොගනිති.+ඔවුහු අන්ධකාරයේ ඒ මේ අත ඇවිදිති.+පොළොවේ අත්තිවාරම සොලවනු ලැබේ.+   “මම මෙසේ කීවෙමි. ‘ඔබ දෙවිවරුය.+ඔබ සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝය.+   නමුත් සාමාන්‍ය මිනිසුන් මෙන් ඔබත් මිය යනු ඇත.+අන් පාලකයන් මෙන් ඔබත් වැටී යනු ඇත.’”+   දෙවියනි, පොළොව විනිශ්චය කිරීමට නැඟී සිටින්න.+මන්ද සියලු ජාතීන් අයිති ඔබටය.+

පාදසටහන්