ගීතාවලිය 81:1-16

සංගීත අධ්‍යක්ෂක වෙතය. ගිටිත් ඇතුව ගායනා කිරීම සඳහාය.+ ආසාෆ් රචනා කළ ගීතයකි. 81  ජනයෙනි, අපේ ශක්තිය වන දෙවි ඉදිරියේ ප්‍රීති ඝෝෂා නඟන්න.+යාකොබ්ගේ දෙවිට ජය නාද නඟන්න.+   රබානත්+ තත් භාණ්ඩයත් මිහිරි නාදයක් නික්මෙන වීණාවත්+ අතට ගෙනප්‍රශංසා ගීයක් වයන්න.+   නව සඳ පායන දවසේදීදඅපේ උත්සවය පවත්වන පුර සඳ පායන දවසේදීද+ හොරණෑ පිඹින්න.+   එය ඊශ්‍රායෙල්ට පනවන ලද නියෝගයකි.+යාකොබ්ගේ දෙවි විසින් දෙන ලද පනතකි.   දෙවි ඊජිප්තු දේශය මැදින් ගිය බව+සිහිගැන්වීම සඳහා ඔහු යෝසෙප්ට එම පනත දුන්නේය.+අප නොදන්නා භාෂාවකින් කතා කරනවා අපට ඇසිණ.+   “ඔවුන්ගේ උරහිස මත තිබූ බර මම ඉවත් කළෙමි.+බර කූඩ ඉසිලූ ඔවුන්ගේ දෑත්වලට නිදහස දුන්නෙමි.+   දුක් කරදරවලට මුහුණ දෙන විට ඔබ මට හඬගැසුවෙහිය. මම ඔබව බේරාගත්තෙමි.+ගිගුරුම් හඬ මැදින් මම ඔබට පිළිතුරු දුන්නෙමි.+මෙරිබාහි දිය පහර අසලදී ඔබව සෝදිසි කර බැලුවෙමි.+ සීලාහ්.   මාගේ ජනයෙනි, ඔබට විරුද්ධව මට පැවසීමට යමක් තිබේ. ඊට ඇහුම්කන් දෙන්න.+ඊශ්‍රායෙල්, ඔබ මාගේ වදන්වලට සවන් දෙනවා නම් එය කොපමණ යහපත්ද!+   එවිට ඔබ අතරේ වෙන දෙවි කෙනෙක් නොසිටිනු ඇත.+ඔබ වෙනත් දෙවි කෙනෙකුට නමස්කාර නොකරනු ඇත.+ 10  යෙහෝවා වන මම ඔබේ දෙවිය.+ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මමය.+ඔබේ කට හැකි තරම් අරින්න. මම කෑමවලින් එය පුරවන්නෙමි.+ 11  නමුත් මාගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නේ නැත.+ඊශ්‍රායෙල් මට කීකරු වීමට කිසි කැමැත්තක් දැක්වූයේ නැත.+ 12  එබැවින් මුරණ්ඩු ලෙස දිගටම ක්‍රියා කිරීමට මම ඔවුන්ට ඉඩහැරියෙමි.+ඔවුහු ඔවුන්ට රිසි පරිදි ජීවත් වුණෝය.+ 13  මාගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නා නම්,+ඊශ්‍රායෙල් මාගේ මාර්ගවල ගමන් කළා නම් කොතරම් යහපත්ද!+ 14  ඔවුන් එසේ කළා නම් මම ඔවුන්ගේ සතුරන්ව පහසුවෙන්ම ඔවුන්ට යටත් කර දෙන්නෙමි.+ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව මම මාගේ අත ඔසවන්නෙමි.+ 15  දැඩි ලෙස යෙහෝවා දෙවිට වෛර කරන අය බියෙන් වෙවුලමින් ඔහු වෙතට පැමිණෙනු ඇත.+ඔවුහු සදහටම විනාශ වී යනු ඇත. 16  හොඳම ධාන්‍යයෙන් දෙවි ඊශ්‍රායෙල්ව පෝෂණය කරන්නේය.+පර්වතයෙන් ගලා එන පැණිවලින් ඔහුව තෘප්තියට පමුණුවන්නේය.”+

පාදසටහන්