ගීතාවලිය 80:1-19
සංගීත අධ්යක්ෂක වෙතය. මතකයට නඟමින් ලිලී මල් නම් වූ රිද්මයට අනුව ගායනා කිරීම සඳහාය.+ ආසාෆ් රචනා කළ ගීතයකි.+
80 ඊශ්රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+
2 එෆ්රායිම්, බෙන්ජමින් සහ මනස්සේ වෙනුවෙන් නැඟී සිට ඔබේ බලය පෙන්වන්න.+අපට ගැලවීම ලබා දෙන්න.+
3 දෙවියනි, අපට ඔබේ අනුමැතිය නැවත ලබා දෙන්න.+අපට කරුණාව පෙන්වා* අපව ගලවාගන්න.+
4 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟ කරන යාච්ඤාවලට සවන් නොදී තව කොපමණ කාලයක් ඔබ ඔවුන් සමඟ උදහසින් සිටින්නෙහිද?+
5 කඳුළුවලින් ඔවුන්ගේ කුස පුරවාගැනීමට ඔබ සැලැස්වුවෙහිය.+කඳුළු ගංගාවක් පානය කිරීමටද සැලැස්වුවෙහිය.+
6 අප සතු දේ කොල්ල කෑමට අපේ අසල්වැසියෝ, එකිනෙකා අතරේ දබර කරගන්නෝය.+අපේ සතුරෝ කිසිදු භයක් නොමැතිව අපට සමච්චල් කරන්නෝය.+
7 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන දෙවියනි, අපට ඔබේ අනුමැතිය නැවත ලබා දෙන්න.+අපට කරුණාව පෙන්වා* අපව ගලවාගන්න.+
8 ඔබ මිදිවැලක් ඊජිප්තුවෙන් ගෙනාවෙහිය.+එම මිදිවැල පැළ කිරීමට ඔබ අනිකුත් ජාතීන්ව පන්නා දැමුවෙහිය.+
9 අවට එළි පෙහෙළි කරමින් භූමිය සකස් කළෙහිය.+ එය හොඳින් මුල් ඇද දේශය පුරා පැතිර යන පිණිස ඔබ එසේ කළෙහිය.+
10 ඔබ සතු දේවදාර ගස් පවා එම වැලෙන් වැසී ගියේය.+එහි සෙවණැල්ල කඳුවලටද වැටුණේය.
11 එම වැල මුහුද දක්වාද+එහි රිකිලි මහ ගංගාව* දක්වාද විහිදී ගියේය.+
12 එය වට කර තිබූ තාප්ප ඔබ බිඳ දැම්මේ මන්ද?+එය පසු කර යන සියල්ලන්ට එහි පල කඩාගැනීමට ඔබ ඉඩහැරියේ මන්ද?+
13 වනාන්තරයෙන් ආ වල් ඌරා එය විනාශ කර දමන්නේය.+එළිමහනේ ගැවසෙන සත්තුද එය කා දමන්නෝය.+
14 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන දෙවියනි, නැවතත් අප දෙස බලන්න.+ස්වර්ගයේ සිට බලා මේ මිදිවැල රැකගන්න.+
15 ඔබේ දකුණතින් සිටෙවූ මේ වැල* හොඳින් රැකබලා ගන්න.+ඔබට ගෞරවයක් ගෙනෙන පිණිස ඔබ ශක්තිමත් කළ මේ වැල ආරක්ෂා කරන්න.+
16 එය කපා දමන ලදි. ගින්නෙන් දවා දමන ලදි.+ඔබේ තරවටුව නිසා එය විනාශ වී යන්නේය.+
17 ඔබේ දකුණු පැත්තේ සිටින තැනැත්තාට ඔබේ උපකාරය* ලබා දෙන්න.+ඔබට ගෞරවයක් ගෙනෙන පිණිස ඔබ ශක්තිමත් කළ පුත්රයාව ආරක්ෂා කරන්න.+
18 අපි ඔබ වෙතින් නැවත කිසිදාක ඈත් නොවන්නෙමු.+දෙවියනි, ඔබේ නාමයෙන් අයැදින පිණිස අපේ ජීවිත රැක දෙන්න.+
19 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි, අපට ඔබේ අනුමැතිය නැවත ලබා දෙන්න.+අපට කරුණාව පෙන්වා අපව ගලවාගන්න.+
පාදසටහන්
^ මූ.අ., “ඔබේ මුහුණ බබළවා.”
^ එනම්, යුප්රටීස් ගඟ.
^ මූ.අ., “රිකිල්ල.”
^ මූ.අ., “ඔබේ හස්තය ඔහු මත තබන්න.”